මහතීර් මොහොමඩ්, මහින්ද චින්තනය හා සිරානොමික්ස් - මාතලන්.




අබේනොමික්ස් කියන්නේ, ජපානයේ ෂින්සෝ අබේ මහත්තයාගේ රට ගොඩ නගන ආර්ථික ක්‍රමය හඳුන්වන නාමයයි. එය මුළු ළොවෙහිම ඉතා ජනප්‍රිය යෙදුමකි. ඇත්තටම ජපානය දියුණුවේ හිනිපෙත්තටම ගමන් කොට ඇති රාජ්‍යයක් බැවින්, ඔවුනට අද ඇති ප්‍රශ්ණය නම්, රට දියුණු කිරීම නොව, එම තත්වයෙන් පහතට නොවැටි දිගටම පවත්වාගෙන යාම, එහෙම නැතිනම්, මේන්ටේන් කොර ගෙන යාමය. ජපානය විතරක් නොව, යුරෝපයේ දියුණු රාජ්‍යයන්ද අද මුහුණ දෙන විශාලම ගැටළුව මෙයයි. ඒක හරියට නිවන් ලබා ගත්තායින් පස්සේ, කොරන්නේ මොකක්ද යකෝ වගේ මහා උභතෝකෝටික ප්‍රශ්ණයකි.

මාතලන් ඉතා ප්‍රිය කරණා වීරයෙක්, ඊයේ පෙරේදා ලංකාවට ඇවිත් ගියේය. ඒ මැලේසියාව උඩු යටිකුරු කොට දිවියළෝකයක් කල දොස්තර මහතීර් මොහොමඩ් මහත්තයාය. ඔහුගේ ඩොක්ටර් කෑල්ල අපේ මර්වින්ගේ දොස්තර කෑල්ල මෙන් නොව, වෘතියෙන් මෙඩිකල් දොස්තර මහත්තයෙක් නිසා ලැබුන කෑල්ලක්ය. චේ ගුවේර දොස්තර මහත්තයාට සිහිණය සැබෑ කොර ගන්න බැරි උනාට. මහතීර් මොහොමඩ් මහත්තයා නම් තම සිහිණය පමණක් නොව, මැලේසියානුවන්ගේ සිහිණයද සැබෑ කල වීරයෙක් උනේය.

උන්නැහේ රට පාළණය කල අවුරුදු 22 කාළයේ මැලේසියාව ළෝකයේ බැබලෙන රටක් බවට පත් කලේය. අපේ රට බැබලෙන්නේ සින්දු වල විතරය. ළෝකෙන් උතුම් රට වන්නේත් සින්දුවලම විතරය. සැබෑව ඊට බොහෝ දුරය. මහතිර් මොහොමඩ් ගැන මාතලන් කියවීමට බොහෝ කැමතිය. ඒ නිසා එයාගේ සම්මුඛ සාකඡ්චා මෙන්ම දේශණයන්ද ඇස් ගැටුන ඕනෑම අවස්තාවක සේව් කොරගෙන, පස්සේ හෝ කියවනවාමය. ඒ රටේ දියුණුව ගැන කියන්න තියෙන හොඳම උදාහරනේ නම්, ඒ කාලේ ලක්සිරි ලයිෆ් සඳහා මෙහේ ආපු මැලේ උන් හිඟන්නෝ වෙලා ඉන්දැද්දි, දැන්, අපේ හින්ගලයෝද මැලේසියාවේ විධායක ශ්‍රේණියේ ජොබ් කොරන්න පවා ගිහින් ලක්සිරි ලයිෆ් විඳිනා එකය. ඒ අය ගෙන් සමහරක් මෙන්ම සම හරක්ද බ්ලොග් පවා ලියනවාය.

පුක උඩ දාගෙන මහතිර් මොහොමඩ් ගෙන්නුවාට, එතුමාගේ කතා බතා මොකුත් පෙන්නුවේ නැත්තේ, උන්නැහේ මහින්ද ෆිලෝසොපි එක උඩ දාගෙන වනන හැම එකාගේම කන රතු වෙන්නම දුන්න ඉස්පීච් එක හින්දාය. අපේ මහ බැංකුවේ කබරාල උන්නැහේද, ආන්ඩුවේ ක්‍රෙඩිට් කෝන්ට්‍රෝලර් තැන තැන්පත් පුංචි බන්ඩා ජයසුන්දර උන්නැහේද, රේඩියෝ සිලෝන් එකේ අසූචි ගිලින බව්වාද, වාද විවාද වලට එන වෙන්න ඇමතිලා සහ ඇමතිලාද මහා ඉහලින් කතා කොරන, අපේ ඒක පුද්ගල ආදායම (per capital) ගැන කන පැලෙන කතාවක් එතුමා කිව්වේය. ඔක්කෝම උන් ශුක්‍රාණු කෑ රිලව් වගේ කට ඇරගෙන බලාගෙන උන්නේ මූණු ටික රතු කරගෙන ඉහෙන් කනින් දාඩියත් දාගෙනය. BMICH එකේ AC කැඩුන නිසා, පුක රත් වෙලා දාඩිය දැම්මාද කියන්න හරියට දන්නේ නැත්තේ, මාතලන් එතන උන්නේ නැති නිසාය.

උන්නැහේ කිව්වේ ඒක පුදගල ආදයමෙන් රටක දියුණුව මනිනවා නම්, සෞදි ආරබියත් ළෝකයේ දියුණු රටක් කියලාය. උන්නැහේ කියන්නේ රටක දියුණුව බලන්න ඕනෑ ඒක පුදගල ආදායමෙන් නොව, ජහ මනයාගේ මිළදී ගැනීමේ හැකියාවෙන් කියලාය. රටේ බහුතරයෝ හිඟන්නෝ නම් ඒක පුද්ගල ආදායම ඩොලර 10,000 නෙමේ 15,000 ක් උනත් වැඩක් නැතිය.

අනික රටේ කිසිම නිශ්පාදන ආර්ථිකයක් නැතිව, සේවා ආර්ථිකයේ වර්ධණයක්, අපණයන වල වර්ධනයක් නොමැතිව, චීනයෙන් නොනවත්වා ගලාගෙන එන ණය මුදල්, ඩෝලර් බවට හරවා පෙන්වන සෙප්පඩ විජ්ජා බල බල ඉන්නා උන්ට කෙලවෙන්නේ, රත්තරන් බඩු ටික සින්න උන දාටය. දැනටත් ආන්ඩුව නටන්නේ චීනාගේ බීට් එකටය. බටහිර කුමන්ත්‍රණ කරුවා සමඟ ගේම ඉල්ලන අතරතුරේ, චීනා අපේ අධෝමාර්ගයේ සංසර්ගයේ යෙදිලාත් අහවරය.

එයාලාගේ ප්‍රතිපත්ති නිසා වැසී ගිය ඇඟළුම් කර්මාන්ත ශාලා ප්‍රමාණය 200 කට අධිකය, හෙට අනිද්දාට යුරෝපයට අපණයනය කරන මාළු ටිකටත් කෙලවෙනවාමය. ඒවා චීනෙට අරිනවා යකෝ කියා මොකෙක්ද හරකෙක් තප්පුලනවා මාතලන් දැක්කේය. උන්ට අපේ මාළු ඕනා නැතිය, උන් උන්ගේම නැව් දාලා, අපේ මාළු අල්ලන්නේ අදක ඊයේක සිට නෙමේය. මෙ ගොන් කතා කියනා උන්ට බල මාළු ඔළු ටිකක් කවන්න පුළුවන් නම් බොහොම අගේය.

ආන්ඩුවෙන් කරනා ඔක්කෝම කෝටී ප්‍රකෝටී ගනනින් පාඩුය. එයාර් ලංකා, මිහින් ලංකා, තෙල් සංස්ථාව වාගේ ආන්ඩුවේ හිඟන්නන්ට පින් පඩි දෙන ආයතන සියල්ල බංකොලොත්ය. ඒවා පවත්වගෙන යන්නේ, චීනාගෙන් මහා බාන්ඩාගාරෙට ගන්නා සල්ලි, වෙස්සන්තර අප්පුහාමිලා වගේ දන් දීලාය. කන බොන හැම මලදානෙටම බදු ගහලාය. මිනිස්සු කන බොන දේවල් වල ප්‍රෝටීන් වලට වඩා තියෙන්නේ මහරජාගේ හතර වරිගයේ සිට කප්පරක් උපදේශකවරු, පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව මැති ඇමතිවරු, නිළධාරින් හා පින් පඩි කන ආන්ඩුවේ හෙන්චයියලා පෝෂණය කරනා කප්පරක් බදුය. එහෙම කිව්වේ රුපියල් 50,000 වඩා පඩි ගන්නේ මේ රටේ 800,000 පමණක්ම නිසාය.

දුන්න අනෙක් කනේ පාර නම්, කන පැලෙන්නම වදින්නට ඇතිය. ඒ කිව්වේ රාජ්‍ය සේවය හා පෞද්ගලීකරණය ගැනයි. මේ ළඟදි මිඩ්වයිෆ්ලාට දොලදන් දුන් උත්සවයේදිත් මහින්ද මහත්තයා උජාරුවෙන් කිව්වේ, ආන්ඩුවේ ඒවා පෞද්ගලීකරණය කිරීම එයාලාගේ මැතොඩ් එක නෙමේ කියලාය. එයාලාගේ මැතොඩ් එක ඇවිල්ලා ඔක්කෝම ආන්ඩුවට අරගෙන, ආන්ඩුවෙන් කරනා එකය.

මහතිර් කීවේ කුමක්ද, ආන්ඩුවේ සියළු දෙනාම ජීවත් වන්නේ පෞද්ගලික අංශයේ පිරිස උපයනා ආදයමෙන් බැවින්, සෑම විටම පෞද්ගලික අංශයට මූලිකත්වය දිය යුතු බවයි. හැකි සෑම ආයතනයක්ම පෞද්ගලික අංශයට ලබා දිය යුතු බවයි. රාජ්‍ය සේවය හැකිතාක් අවම කළ යුතු බවයි.

තවත් ඉතා වැදගත් කරුණක් ඔහු කීවේය. එනම් අධිවේගී මාර්ග සෑදීමට ප්‍රථම, මිනිසුන්ට රැකියා දිය යුතු බවයි. ඒ සඳහා මහා පරිමාණ විදේශ ආයෝජකයන්ට ඉඩ කඩ සැලසිය යුතු බවයි. යටි තල පහසුකම් සපුරාලිය යුතු වන්නේ එයින් පසුව බවයි. එයින් පසු තාක්ෂණවේදයටද, අධ්‍යාපනයටද මුල් තැන දිය හැකි බවයි. මාතලන් මේවා පවසන විට, කරුණු වටහා නොගත් මාහාචාර්යවරයකු මෙන්ම, මාතලන්ගේ හිතවතුන්ද මාතලන්ට සිනාසුනා හොඳට මතකය. සංචාරක ව්‍යාපාරය නංවන්නේ කෙසේද යන්නත් ඉතා පැහැදිලිව ඔහු විසින් පෙන්වා දෙන ලදි. අද සංචාරකයා බලා පොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැන වැටහීමක් මාතලන්ට හැඟෙන පරිදි සංචාරක මණ්ඩලයේ එකෙකුටවත් ඇත්තේ නැත. 

මෙසේ අප බක පන්ඩිතයන් සියළු දෙනාටම කටක් ඇර ගන්න බැරි වෙන්නම කන පැලෙන්නට දෙන්න ඇත්තේ, සමහර විට අපේ හරක් මෙන් පුර අඟනන් සමඟ නිදි වැදීමට රට රටවල සැරිසරනවා මෙන් නොව, රටකට යාමට පෙර ඒ රට ගැන, රටේ ආර්ථිකය ගැන, දර්ශනය ගැන මනා වැටහීමක් ඇතිව එන නිසා, එතුමා මේ සියල්ල කීවේ අපේ පන්ඩිතයන්ට ඉගෙන ගන්නටම වෙන්න පුළුවන්ය.

තෙවන වර නොව තව කල්පයක රට පාළණය කලද, මේ ආන්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති මගින් මේ රට දියුණු කිරීමට හිතන්නේ නම් එය තනිකරම මිරිඟුවක් පසු පස දිව යාමකි, ආශ්චර්යය කියන්නේ හිඟන්නන් පිරි, යටිතල පහසුකම් වලින් සපිරි රටක් නම්, මේ ක්‍රමය තරම් වෙනත් ක්‍රමයක්, ළොවෙත් ඇත්තේ නැතිය. 

හිඟන්නන්ගේ බදු මුදල් වලින් ආතල් ගන්නා උන් සුපිරි රථ වාහන වලින් බැස, බ්‍රෑන්ඩඩ් කිට් ගසාගෙන වෝකින් පාත් වල එක්සයිස් කලාට, මැද පන්තියේ උනුත් අමු හිඟන්නන් බවට පත්වන එකත්, රක්තහීනතාවයෙන් හා මන්දපෝෂනයෙන් පිරි ඇවිදින ඇටසැකිලි, ගම් නියම් ගම් වල සැරිසරන එකත් කිසි අවුලක් නැතිව බලා ගන්නට නම් ලැබෙනවාමය. අද පහළම මැද පන්තියේ ඉන්න එකාටත් තිබෙනා ප්‍රශ්ණය නම්, කොච්චර හම්බ කලත් කන්න මදියි කියනා ප්‍රශ්ණයය. මේ කනවා කියන්නේ, Pizza, KFC කන එක නෙමේය. වේලක් දෙකක් ලෙවකනවාටය. කොටින්ම කියනවානම් රටේ බහුතරයකට තියෙන්නේ ෂැෂේ ආර්ථිකයක්ය.

මාතලන්ට තියෙන විශාලම ප්‍රශ්ණය නම්, විපක්ෂයේ එකෙක්වත්, ආරථිකේ ගැන පොර ටෝක් දෙන පන්ඩිතයන්වත්, මාහා ආචාර්ය, ආචාර්ය උන්වත්, සිවිල් පොරවල් යැයි කියා ගන්නා එකෙක්වත්, මේ, "ආන්ඩුවේ රැකියා" මාෆියාවට විරුද්ධව කෙල බිඳුවක් බිම හෙලන්නෙ නැත්තේ ඇයි කියාය. කලටි පොල් කඩන උන් නම් උන්ගේ මනාපෙට කෙලවෙන නිසා කට පුක වසාගෙන උන්නත්, අනික් උන් එසේ ඉන්නේ මහරජාට බියේද, එහෙම නැත්නම් හිඟන මානසිකත්වයෙන් යුත් ගොන් හරක් මහජනයාට බියේද කියා, මාතලන්ට හිතා ගන්නට බැරිය. එහෙම නැත්නම් හැම එකාම ඉන්නේ ඒ මානසිකත්වයේද?

ආන්ඩුවේ තත්වය එසේ වෙද්දී, බලේට එන්න ඉන්න උන්නැහේ කියන්නේ මොකක්ද? එයා තාම කරන්නේ මොකක්ද කියාවත් දන්නේ නැතුව, එහෙන් එන උන් එනකන් ඇමරිකන් බයිලා ගහනවාය. ඒ අස්සේ මාතලන් දැක්කේ, එයා ආවොත් පෞද්ගලික අන්සේ උන්ටත් පැන්සොන් එකක් දෙනවා කියලාය. මට පේන්නේ එයා මහින්දටත් එහා ගිය පොරක් වාගේය. කටුනායක රොෂේන් චානුක වෙඩි කාලා මැරුණේ තොපේ පැන්ෂොන් සිස්ටම් අපිට එපා කියන සටනට ගිහිල්ලාය. 

රොෂේන්ට පින් සිද්ද වෙන්න පුදගලික අංශයේ උන්ගේ  ඊ ටී ඇෆ් ෆන්ඩ් වලට කෙලින්න ගිය එක යාන්තම් නවත්ත ගත්තේය. මේ ගොන් කතා කීමෙන් වෙන්නේ, පෞද්ගලික අංශයේ එකෙක්ගේවත් ඡන්දේ නොලැබෙන එකය. පුළුවන් නම් කල යුත්තේ ආන්ඩුවේ උන්ගෙත් පැන්සොන් එක නවත්වා, විශ්‍රාම ගියයින් පස්සේ අවුලක් නැතිව ජීවත් වෙන්න පුළුවන් සවුක්ක රක්සොන් ක්‍රමයක් හා, මාසික දීමනාවක් ලැබෙනා සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන එකය. එවන් වැඩ පිලිවලක්. අපේ උන් එකෙක්ටවත් නැති එක රටේ කරුමය මිස අපේ කරුමය නම් නෙමේය.



මාතලන් | Maathalan.
http://maathalan.blogspot.com/


Powered by Blogger.