බයියන්ගේ හා ටොයියන්ගේ වෙනස... - Baiyaa Vs Toiyaa.


මාතලන් මේ ආන්ඩුව පත් කිරීමෙන් බලාපොරොත්තු වූයේ කරුණු දෙකක් පමණි. එක, රෙජීමයෙන් රට බේරා ගැනීමයි. ඉතිරි අවුරුදු දෙකත් උන්නා නම්, මේ රටේ ඒක පුග්ගල ආදායම කෙසේ වෙතත්. ඒක පුග්ගල ණය ප්‍රමාණය නම් අඩුම ගානේ, ලක්ෂ 10 ක් හෙවත්, මිලියනයත් පනිනවාමය. මෙච්චර කල් චේතිය සජ්ජුරුවෝ අපට කිව්වේ, ඒක පුග්ගල ණය ප්‍රමාණේ, තුන් ලක්ෂ ගනනක් කියලාය. ඒ ඔක්කෝම පට්ට කෙබර ගනන් කියා, එදා ඉඳන්ම ජෙප්පෝ සහ හර්ෂ ද සිල්වා අපට කිව්වේය. ජෙප්පන්ට හරි ෆිගර්ස් දීපූ එකා හොයාගෙන, ඌගේ රස්සාවට කෙලලා ඇරියේය. එහෙම බේරුනේ, පෙර පිනක් තිබුන නිසා වෙන්න ඇතිය. නැත්නම් ඉතින් සිඳු වෙන්නේ, වයිට් වෑන් එකේ නිර්වානෙට යන්නය.

දැනට හොයාගෙන තියෙන ඒක පුග්ගල ණය ප්‍රමාණේ, ගෙඩි පිටින් සුපියල් 427,220/= ක්ය. චේතිය සජ්ජුරුවන්ගේ කෙරුවාව මේකෙන් පේනවාය. "අපි ණය ගන්නේ කන්න නෙමෙයි හාන්දුරුවනේ..." කිව්වට, ඇත්තටම ණය අරගෙන තියෙන්නේ කන්නම නෙමෙයිය. කන්න කියන වචනේ ඉස්සරහට "හු" යන්න දාලා කොරන එක කොරන්නය. අජිත් නෙවාඩ් කබ්රාල් කියන, නොම්මර එකේ පිරමිඩ් හොරාත්, අළුත්කඩෙන් බ්ලැක් ලිස්ට් කරලා, පැත්ත පලාතේ ගන්න එපා කියපු,  පුංචි බන්ඩා ජයසුන්දර කියන පල් හොරාත් කොරලා තියෙන්නේ, මේ රටේ ඉකොනොමි එකට, අර ඉස්සරහට "හු" යන්න දාලා කොරනා කෑමය.

දරුවන් වඩා ගත්තාට, රැවුල හපලා ඔළුව අත ගෑවාට, චේතියගේ බජට් එකෙන් අඩුම ගානේ පොඩි උන්ගේ කිරි පිටි එකවත් අඩු කරලා දුන්නේ නැතිය. ළෝක වෙළඳ පොළේ, එකසිය ගානට බොර තෙල් බැරල් එක පහළ යද්දි, ඒකේ වාසිය ජනතාවට දුන්නේ නැතිය. උන්නාන්සේ හිතුවේ එයාට ඡන්දේ දුන්න මී හරක් ලක්ෂ 58 වගේම, අනික් උනුත් ප්‍රාවෙනිදාසයෝ කියලාය. බලයෙන් කොතරම් ඉදිමි තියෙනවාද කියනවා නම්, එයා හිතුවේ මුන්ට මෙළෝ දෙයක් නොදුන්නත්, මේ ගොන්නු ඔක්කෝම ඉන්නේ ගිනි කන වැටිලා කියලාය.

අම්මට සිරි ලංකාවට අන්තිම කාළේ අයි ඇම් එෆ් එකෙන්වත්, ළෝක බැංකුවෙන්ව හෝ ආසියා බැංකුව වගේ ළොව පිලිගත් එකදු ආයතනයකින්වත්, ණය දුන්නේ නැතිය. අපේ රටේ ගොන් වස්සන්ට තේරුනේ නැති උනාට, ඒ ආයතන වලට, මේ කම්බ හොරු රැල කරන්නේ මොකක්ද කියා හොඳට තේරිලා තිබුනේය. අන්තිමට පිටරට වානිජ බැංකු වලින් වත් ණය දුන්නේ නැත. ඒත් හොරාට ඝණ දෙවි නුවණ තියෙනවා කියන්නැහේ ඒකටත් සිස්ටම් එකක් හොයා ගත්තේය. ඒ මේ රටේ තියෙන වානිජ බැංකු ලවා, පිටරටින් ණය අර ගැනීමය. ඔය දැනට අහු වෙලා තියෙන්නේ එහෙම ගත්ත ඒවාය. ඉතිරි ඒවා හොයා ගන්න වෙන්නේ, පොලී මුදලාලිලා, ගේ සීස් කොරන්න එන වෙලාවටය.

මේ ණය අරගෙන, කාලා බීලා, අනිත් ඒවාත් කරලා, පිච්චු පීකුදු ආතල් අරගත්තේ, අම්මට සිරි ලංකාවේ ජනම් එකෙන් 1% වෙච්චි රෙජීම් එකේ ඥාති මිත්‍ර පරපුරය. සට්ටැඹි කම් කල උන්ටත් කටුවක් දෙකක් දුන්නේ, හදිසියකට හරි, කාලා රෙන ඒවා අරගෙන දාන්න ඉන්නේ උන් නිසාය. ඉල්ලාගෙන කන්න වෙනවා කියලා දන්නේ නැතිව, විල මැද භංගලාවෙ ගොන් නාම්බන් තප්පුලද්දි, අර්ෂශ් කාරයා ටොයිලට් දුවන්නැහේ, පුක ගිනි අරගෙන, නොවැම්බර් මාසේ කොල කෑලී වල අමු කෙප්ප වගයක් ලියාගෙන ඇවිල්ලා, කෙලලා ඇරියේය. ජනතාවට මෙළෝ දෙයක් තිබුනේ නැති පච පොත කියවලා ඉවරවෙලා ඇහුවේ, "කොහොමද බයියාගේ බජට් එක...?" කියලාය. අපි නම් ඒ කාලෙත් කිව්වේ ඕවා බයියන්ට නම් හොඳ ඇති කියාය. ඇත්තටම එහෙම බයියෝ ලක්ෂ 58 ක්ම මේ රටේ ඉඳලාත් තියෙනවාය.

ඒ මිහින් රජ පරපුර තව අවුරුදු දෙකක් උන්නා නම්, සෙලින්කෝ මුදලාලින්ගෙන් පටන් ගත්ත මංකොල්ලේ ඉවර වෙන්නේ, අපේ හන්දියේ සේදිරිස් අයියාගේ බුලත් තට්ටුවටත් කෙලලාය. හැබයි ඉස්කෝලවල පාරවල් වල රාජපක්ෂ නාමේ දැම්මට, බිස්නස් වලට දැම්මේ බිලි බෝයිස්ලාය. සේදිරිස්ගේ බුලත් තට්ටුවත් අයිති වෙන්නේ එක්කෝ ධම්මික පෙරේරාටය. එහෙම නැත්නම් ගාමිනි සෙනරත්ටය. එහමත් නැත්නම් සජින් වාස්ටය. එහෙම මංකොල්ලා කාළා ඇවිල්ලා, කට කනේ තියාගෙන, ඉස්ටේජ් එකේ කියන්නේ, "අපිට තේ කඩයක්කත් නෑ හාන්දුරුවනේ..." කියලාය. කතාව නම් සහතික ඇත්තය. තියෙන්නේ තේ කඩ නෙමේය. ඩුබායි වල මැරියට් හෝටල්ය.

බිලි බෝයිස්ලා අද හොයා ගන්නත් නැතිය. හැබයි "ටොයියන්ගේ බජට්" එකෙන් නම්, උන්ට කෙලලා ඇරලා තියෙනවාය. අලි පාටියේ උන්ගෙන්, රොබින් හුඩ් නොහොත් සරදියෙල් බජට් එකක් ආපු එකෙන්, අලි පාටිය ඇලජික් උන් ඉන්නේ මොළේ කොලොප්පම් වෙලාය. සම හරක් කියන්නේ මේ පොලිටිකල් බජට් එකක් කියාය. අනිවා, ඒක එහෙමය. ඒත් මාතලන්ට හිතා ගන්න බැරි, රනිල් ලොක්කා කැසිනෝ ගේන්නේ නැතෙයි කිව්වාමය. මේ ඇවිල්ලා සභාග ආන්ඩුවක තියෙනා වටිනාකමය. අපි කැමති හැම දේමත් මේ රටේ එක පාරට කොරන්නට බැරිය.

මේවට ඉන්කම් කෝ කියලා අහනා මී හරකුන්ට අපට කියන්න තියෙන්නේ, තොපේ මහ රජ්ජුරුවෝ එක අවුරුද්දට කෙලලා ඇරපු, අපේ සල්ලි කෝටි 9,600 න්ම, සෑහෙන ගානක් කවර් කරන්න පුළුවන් යකෝ කියලාය. අපේ පුලතිසිපුර ටොයියාගේ ඇනිමල් බජට් එක, කෝටි 260 කටම අඩු කරලාය. අපි කියන්නේ, පුළුවන්නම් ඕවා තවත් අඩු කරන්න කියලාය. ඔය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ගාඩ් ඕනේ නැති නිසා, ඒ බැකප් වෙහිකලුත් අයින් කොරන්නෙයි කියලාය. ඒ ගහන ඩීසලුත් යන්නේ අපේ පොකට් එකෙන් නිසාය.

දැන් ඉතින් තියෙන්නේ, මේ රට උලා කාපු, 1% උන්ට කාපුවා වමාරන්නය. ඇත්තටම මේ බදු, උන්ට මෝය කටෙන් පොල් ලෙල්ලක් යනවා වාගේය. හැබයි ඉතින් මේවා නොගෙවා පැනලා යන්නත් බැරිය. මොකෝ, මයිග්‍රේට් කොරනවානම් 25% ආන්ඩුවට ගෙවලා යන්න ඕනාය. දැන් ඉති මයිග්‍රේට් කොරනවාට වඩා, උලා කාපු එකෙන් සොච්ච්මක් දීලා බේරෙන එක, ඇඟට ගුණදායකය.

කොල්ලන්ට කෙල්ලන්ට දෙන්නත් පනිවිඩයක් තියෙනවාය. දැන් ඉතින් මැරි කොරන්න 5,000/= ක් ඕනා වෙන්නේ නැතිය. දැන් කොරන්න තියෙන්නේ, අර මහින්ද මහත්තයා ගත්තා වාගේ, වැල් පොලියට හරි සුපියල් 1,000/= ක් හොයාගෙන, ඉක්මොනටම සැට් වෙන එකය. මොකෝ, මාස 10 ක් ගියයින් පස්සෙ හම්බ වෙන සුපියල් 20,000/= හේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්, සැටල් කරන්න පුළුවන් නිසාය. 

එහෙම බැඳලා නුවර එළියේ ටජ් මහල් එකට වෙලා, ලුණුයි බතුයි කන්නත් ඕනා නැත්ය. පාන් ගෙඩියකුයි සැමන් ටින් එකකුයි හරි, පානුයි උම්බලකඩයි හරි කාලා ඉන්න පුළුවන්ය. පානුයි පරිප්පුයි කන්න බැරි, රවී මහත්තයාට පරිප්පු මිස් වෙලා තියෙනා නිසාය. එක්කෝ එහෙම නැත්නම් මේච්චර කාලයක් පරිප්පු කාපු නිසා තවත් පරිප්පු දෙන්න ඕනා නැතෙයි කියලා හිතලා වෙන්නත් පුළුවන්ය. 

මක්කා උනත් මාතලන්ගේ දෙවන ප්‍රාර්ථනාව වූ, මේ රටේ සාමාන්‍ය ජනතාවට සෙත් සැලසෙන එක, මේ "කිරි ටොයියන්ගේ" බජට් එකෙන් ඉටුවෙලා තියෙනවා දැක්කාම අපිට අහන්න තියෙන්නේ.  
"කොහොමද..........? බයියෝ වගේද... ටොයියෝ.........!!!" කියලාය.

"කෙනෙකු බයියකු හෝ ටොයියකු වන්නේ උපතින් නොව, ක්‍රියාවෙන්ය."


                                                                                                 මාතලන් | Maathalan


Share on Google Plus