කැසිනෝ ආර්ථිකයෙන් ආධ්‍යාත්මික සංචාරක ව්‍යාපාරයට.


මහින්ද රාජපක්ෂ යුගයේ සංචාරක කර්මාන්තය රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් කිරීමට විවිධ සංවර්ධන යෝජනාක්‍රම බැසිල් රාජපක්ෂ මහතා යටතේ වූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කෙරිණි. බොහෝ සංවර්ධන යෝජනාක්‍රම පුහු ආටෝප වලට පමණක් සීමා වූ අතර නිසි දැක්මක් එතුල නොවීය. නාලක ගොඩහේවා මහතා යටතේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ලෙස අලුතින් ආයතනක් ස්ථාපිතකර එහි තම හිතවතුන්ට විවිධ ලෙස මුදල් ගරා ගන්නා ව්‍යපෘති ක්‍රියාත්මක සංචාරකයන් විශාල ලෙස පැමිණෙන බව වෙන්වීමට විටින් විට 100000 වන සංචාරකයා, 1000000 වන සංචාරක යනාදී වශයෙන් ගුවන් තොටුපොළේ සංදර්ශන පවත්වා කෝටි ගනන් මුදල් කාබසිනියා කර දැමීය.

ඉකුත් රජය විශ්වාස කල ආසියාවේ විශාලතම කැසිනෝ ලංකාවේ ඇතිකරමින් ඒ හා බැඳුනු ගණිකාවන්, කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය සහිත සමාජ විරෝධී සංචාරක සංකල්පය වෙනුවට  නව රජය යටතේ ගරු අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිදුන් විසින් බෞද්ධ සංකල්ප පෙරදැරිව ආධ්‍යාත්මික සංචාරක ව්‍යාපාරයක් ප්‍රචලිත කිරීමේ අරමුණු සහිත ක්‍රමවෙධයක් සකසමින් පවතී.

බොහෝ දියුණු රටවල සිටින ජනතාව එකාකාරී හා යන්ත්‍රීකරණය වූ කොන්ක්‍රීට් නගරවල බටහිර අධිවේගී සංස්කෘතිය තුල ජීවත්වීම තුලින් ඇතිවන් සමාජ පීඩනය හා ආතතිය දුරු කරගැනීමට තම නිවාඩුව ආධ්‍යාත්මිකව සිත නිවන සොභා සොඳුරු පරිසරයක  දැහැන්ගතවීමේ ප්‍රවනතාවය ඇතිවෙමින් පවතී. ඒ තුලින් නිර්මල බුදු දහමෙන් පෝෂිත වූ ථෙරවාද බුදුදහමේ මුදුන් මල්කඩ විය යුතු මේ පින්බිමේ සංචාරක ප්‍රවර්ධනය ද ඊට අනුරුපිව  සකස් කිරීමට අගමැතිවරය මැදිහත් වී ඇත.

ඔහු පවසනුයේ “ඉන්දියාවේ අශෝක අධිරාජයා නොවන්නට අද ශ්‍රිලංකාවේ හෝ ලෝකයේ කිසිම තැනක බුදු දහමක් නොතිබෙන්නට ඉඩ තිබුණි යන්නයි,  බුදු දහම යනු දර්ශනයකි.  කරුණාව, මෛත්‍රිය දයාව පෙරදැරිකරගත්  එම  දර්ශනය තුල ජීවත් වීමට ඕනැම අයෙකුට පුළුවන් කමක් ඇත. එබැවින් ඒ අපට ලැබුණු වටිනා බුදු දහම ලොව පුරා ප්‍රචාරය කිරීම අපගේ පරම යුතුකම වනු ඇත.”

කෙසේවෙතත් අද පවතින දිනකට දරුණු මිනි මැරුම් කිහිපයක් සිදුවන වාහන අනතුරුවලින් කිහිප දෙනෙක් මියගොස් විශාල පිරිසක් අබ්බගාත්වන කුඩු, එතනෝල් හා මත්ද්‍රව්‍ය රාජ්‍ය අනුග්‍රහයෙන් විකුණන, ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ ඉහවහ ගිය රටක ජාතින් අතර අසමගිය තම දේශපාලන තුරුම්පුව කරගත් රටක ආධ්‍යාත්මික සංචාරක ව්‍යාපාරයක් ප්‍රචලිත ඉරීම උගහටය.  එබැවින් යහපාලන තුලින් ඇතිවන සීලාචාර රටක අධිවීගයෙන් දුවන කැසිනෝ සංචාරක ව්‍යාපාරයක් වෙනුවට ආධ්‍යාත්මික සංචාරක ව්‍යාපාරයක් ඇතිකිරීම තම අරමුණ බව අගමැතිදුන් පැවසීය. 



විශේෂ ලියුම්කරුවෙකු විසිනි.
© Lanka DNA

Powered by Blogger.