සිරිකොත අලි අනාතාගාරයක් වෙයිද..? - Destiny of Baby Elephant.


දේශපාළණය තුල අවංකත්වය සොයන්නට යෑම හරියට ප්‍රොස්ටිටුයිට් කෙනෙක්ගේ වර්ජිනිටි එක හොයන්න යනවා වාගේ පිස්සුම පිස්සු වැඩක්ය. මේ අවංකත්වය ප්‍රශ්ණ කළ යුතු කාලයක්ය. මාතලන්ගේ අදහස නම් , කිසිම අවස්ථාවකදි අම්මා තාත්තා උනත් ට්‍රස්ට් නොකල යුතු බවය. සෑම දේ පිළිබඳවම සැකයෙන් බැලීම ඉතාමත් හොඳය. ට්‍රස්ට් කිරීමෙන් වන අවාසිය නම්, බලාපොරොත්තුව බිඳ වැටුනු විට ඇතිවන කම්පාවයි. මිනිසුන් සිය දිවි නසාගන්නේ, බලාපොරොත්තු සුන්වූ විටයි. සිංහාසනයේ උන් රජවරු, ජනෙල් පොල්ලේ එල්ලෙන්නේ, එල්ලෙන්නට වැලේ වැල් නැති උන විටයි.

මාතලන් දන්න තරමින්, සිරිසේන මහතා ගේමට බැස්සේ "ප්ලෑන් බී" එකක්ද අතැතිවය. ඔහු සිරගතවීමට හෝ නිවන් දැකීමට, සිත හදාගෙන තිබිනි. එවන් කැපකිරීමක් අප ඉතා අගය කළ යුතුමය. අප සැම ජීවත් විය යුත්තේත්, ඔනෑම දෙයක් කළ යුත්තේත්, ඕනෑම අවස්ථාවකට මුහුණදිය යුත්තේත්, "ප්ලෑන් බී" එකක් ඇතිවය.

අද කඳුළු වගුරුවමින්, පෙම් හසුන් ලියමින්, කිඹුල් කඳුළු හෙලමින්, මී හරකුන්ගේ අනුකම්පාව ලබා ගැනීමට නටනා නාඩගම්, පිටපතේ තිබූ "ප්ලෑන් බී" එකේ තිබුනා වූ චරිත නොවේ, කුමන්ත්‍රණයකින් හෝ බලයේ රැඳිමේ "ප්ලෑන් බී" එකද කුඩු වූ කළ, සිහිනයකදි හෝ පැතූ පැතුමන් නොවේ. දැන් සියල්ලන්ටම අවම වශයෙන් "ප්ලෑන් බී" එකක ඇති වටිනාකමවත් තේරෙනවා ඇත. එම අවස්ථාවේදි සිඳු වූයේ, ප්ලෑන් බී ගැන විරුද්ධවාදියා දැණුම්වත්ව සිටීම හා එවන් අවස්ථාවක් උදා වුවහොත්, ඒ සඳහා ලබා දිය යුතු ඉන්ජැක්සන් වලින්ද සතුරා සන්නද්ධව සිටීමයි.

පිටපතේ නොමැති චරිත හා දෙබස්, සම හරක් විට සාර්ථක වන අතර සම හරක් විට විකාරයන්ම පමණි. ඒවායේ කිසිම තාත්විකත්වයක් නැත. රංඟනය ගැන මළ පොතේ අකුරක් හෝ දන්න උන්ට ඒවා පෙනෙනුයේ අසාර්ථක විකට රංගනයන් මෙනි. හරියටම කියනවා නම්, සම හරක් ෂෝ වල මිනිසුන් හිනා ගැස්වීමට බන්දු සමරසිංහ ජෝකා පිටින් ගිනි මහ දවාලේ කොළඹ පාරවල් වල දුවනවා වාගේය. හේතුවක් නැතිව ආඩම්බර වන තාත්තලාට හා මී ගවයින්ට ඒවා පට්ට ආතල් ගෙන දුන්නද, අපට නම් ඒවා විලම්බීත කාරයන්ගේ විලම්භීතයන්ම පමණි.

දැන් අපට සිඳුව ඇත්තේ ඇත්ත කතා කරන්නේ මොකාද කියා තේරුම් ගැනීමේ විශාල ගැටළුවකි. රාජිත සේනාරත්න කියන්නේ, සියල්ල කළේ ඔහු බවයි. ඒ අතර ගරු ආචාර්ය මර්වින් සිල්වා මැතිදුන් පෙරහරේ මුලින්ම පැමිණි බවක් කියයි. රතන හාමුදුරුවන් මුලින්ම නිවන් අවබෝධ වූයේ උන්වහන්සේට බව දෙසා වාදාරන සේකය. ඒ අස්සේ පෝදා රෑ රොෂාන් වටවල සමග අපේ චන්ද්‍රිකා මැඩම් කියන්නේ සියල්ල කළේ ඒයාගේ පොඩ්ඩක් තියෙනවා කියා හිතෙනා චූටීම චූටි මොළයෙන් කියාය. ඕන් දැන් ඉතින් අපේ මොළේ මඤ්ඤංම වෙනවාය. (සන්නා මේ වැඩසටහන නැරඹුවා නම්, රියැලටි ෂෝ වල කොමෙන්ට්ස් දීම හා රාජ්‍ය නායකයකු සමඟ සම්මුඛ සාකඡ්චාවක් පැවත්වීමේ වෙනස ඉඟෙන ගන්නවා ඇත.)

අතීතයෙන් කම් නැත. දැන් අප බැලිය යුත්තේ ඉදිරිය දෙසය. මෙතුවක් කල් පැවති සෑම ජනපතිවරණ හා මහ මැතිවරණයකදීම, මැතිවරණ පොරොන්දු කියා පච පොතක්,  ගෙදරටම ගෙනත් දීලා යනවාය. ප්‍රතිපත්ති ප්‍රකාසොනය, එහෙම නැත්නම් මැනිෆැස්ටෝ එක කියන්නේ ඒකටය. නමුත් මේ සැරේ ඒකත් එක්කම සිරිසේන මහත්තයාගේ දින 100 යේ ළොකු පොතකුත් බෙදලා ගියේය.

ඒ පොතේ මුල් පිටුවේ හෝ පොතේ කිසිම තැනක අලියෙක් නම් උන්නේ නැතිය. සිරිසේන උන්නැහේ නම් පනාවයි කන්නඩු කුට්ටමයි දාගෙන හිනා කටයි මල් දෙවටයි වගේ උන්නේය. හැබයි දැන් කරුමේ කියන්නේ, ඒ දින 100 පච සැට් එක යතාර්තයක් බවට පත් කොරන්න වෙලා තියෙන්නේ අලියාට වීමය. ඒවා හදපු උන්ම කියන්නේ මේකේ තියෙන ඒවා නොකලොත් අපි පාරට බහිනව කියලාය. මේක නම් හතර බීරී කතාවක්මය.

දැන් පෙරහරේ ඉන්නේ අලි විතරය. සැටලයිට් නෝනා මොන බයිලා ගැහුවත්, මේ පෙරහර නයිස්ලි ඕගනයිස් කොලේ කෝට්ටේ නාග විහාරයේසෝ භිත මහා නායකයන් වහන්සේය. පෙරහර කොමිටයට ඉන් පස්සේ සැට් උනේ නිර්මාල් උපාසක ප්‍රමුඛ පුරවැසි පෙරමුණද මොකක්ද සන්ධානයක්ය. එයාලා ඕගනයිස් කොරපු පෙරහර තමන්ගේ කොර ගත්තේ, පිවිතුරු හෙටක් පාවාඩේ කරේ තියාගෙන ආපු රතන හාන්දුරුවෝය.

මොකා ආවත් නාග විහාරෙට පොඩ්ඩක් එහායින් තියෙන, සිරිකොත අලි ගාලේ අලි ටික නැතිව ,පෙරහර කොරන්න බෑ කියලා හැම එකාම දැන ගෙන උන්නේය. ඒ වගේම මැදමුලන පෙරහරට එහා පෙරහරක් කොරන්න නම්, කාවඩි ඩාන්ස් වගේම මුස්ලිම් උන්ගේ "පොල්ලඩි" හා "කලිකම්පු" ඩාන්ස් එකත් ඇතුල් නොකලොත් නම්, මේ සැරේ පෙරහරත් මැදමුලන පෙරහරට පරදිනවා කියා වීරවංශ මහතා විසින් මහාවංශ පොතේ ලියල තිබුනේය. නානසාර මහ රහතන් වහන්සේ එම යෝජනාව අනුමත කලේ එයාගේ ගානේ ලක්ෂ 50 ක ආධාරයක් මැදමුලන වලව්වට ප්‍රධානය කරමින්ය.

මාර සීන් එක කියන්නේ දැන් පෙරහරේ ගිය උන් ටිකත් පෙරහර නරඹන උන්ගේ ගොඩේ හිටගෙන ඉන්නා එකය. කස කාරයෝ පාරේ ඉඳන් අලින්ට කසේ පෙන්නනවාය. ගිනි බෝල කාරයෝ උන්ගේ බෝල නිවලා බෝලේ කහ කහ ඉන්නවාය. පන්දම් කාරයෝත් එහෙමය, නැට්ටුවෝත් එහෙමය. බෙරකාරයෝ නම් ගියන්නේ ගහපු බෙරේකුත් නැතිය බෙරේ පලුවකුත් නැතිය කියලාය. ඒත් ඉතින් සිරිසේන දියවඩන නිළමේ උන්නැහෙත් එක්ක පෙරහර තවම යනවාය. සමහරක් නම් කියන්නේ මේක පෙරහරක් නොව තවලමක් කියලාය..

වෙනදා ඔය පොරොන්දු ගැන වගේ වගක් නැත්තේ, ආයෙත් ජහ මනයා ඉදිරියට එන්නේ, අවුරුදු පහ හයකට පස්සේ නිසාය. ඒත් මේ සැරේ කේස් එක, එහෙම කේස් එකක් නොවේය. මේ දින 100 ට පස්සේ ඉලැක්සොන් එකක් එනවාය. දැන් මෙතන ගේම තියෙන්නේ මෛත්‍රිපාල ජනාධිපති තුමාට නෙමේය. මොකෝ එයා අවම වශයෙන්, තව අවුරුදු පහකට සෙට්ය.

ළිඳ ළඟ කොමිසමේ වාර්ථාවලට අනුව, විධායකේ නැති වෙන්නෙත් නැතිය, අනික ඒ මළදානේ කොරන්න ඕන කමකුත් නැතිය. ඒත් දින 100 යේ ගේම රනිල් විකුම්සිහ ප්‍රමුඛ අලි රංචුවටය. ඒ නිසා ජනතාව අතර චෙක් වෙන්නේ අලියාය. හැම එකාම දත කන්නේ අලියාට ගේම දෙන්නය. චන්ද්‍රිකා උනත් අලින්ගේ පාට් එක අවතක්සේරු කලේය.

ඒත් සිරිසේන ජනපති කළේ, අලීන්ය. සිරි ලංකා එකේ එක ඡන්දයක් හෝ සිරිසේන මහත්තයාට ලැබුනේ නැත. මහරගම හෝමාගම, පානදුර, කඩුවෙල, ගම්පහ, මේ පහ, අර පහ, තුන පහ ගගා, බස් කොන්දොස්තරලා වාගේ, ආසන ටිකක් හරි දිස්තිරික්කයක් හරි, මොකෙක් හරි පෙන්නන්න පුළුවන්ය. ඒ වෙලා තියෙන්නේ, මෙතුවක් කල් ඡන්දේ දැම්මේ නැති අලි පාටියේ උන්, ඡන්ද පොලට පැමිණ තිබීමය. ඒ නිසා එජාපය කළ යුත්තේ කුමක්ද කියා, ඊළඟ පෝස්ට් එකෙන් කියනවාය. 


  • එජාපයේ ඉරණම කුමක් වෙයිද...?
  • ශ්‍රීලනීපය කුමක් කරයිද...?
  • සිරිසේන මහතා අවංකද...?
  • කුඩු සිල්වා, නිදහසේ නිදහස් උත්සවයේ ඉන්නේ කෙසේද...?
  • හොර පාස් පෝට් හදපු ගුණවති වැලිකඩ ඉඳිද්දි... ශෂි වීරවංශ මැඩම් මැක්ඩොනල්ඩ්ස් කන්නේ කෙසේද..?
  • යටින් යන ගේම් මොනවාද...?


ඉතිරිය පසුවට...





Powered by Blogger.