බැසිල් ආගමනය තුළ ඒකාබද්ධ විපක්ෂය අර්බුදයක...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොයුරෙකු වූ බැසිල් රාජපක්ෂ මහතාව ඒකාබද්ධ විපක්ෂයේ 'මැයි දින සංවිධාන' වැඩ කටයුතු භාර ප්‍රධානියා වශයෙන් පත් කිරීමත් සමග ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී පිරිසක් සහ ජාතික නිදහස් පෙරමුණ,මහජන එක්සත් පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරන ජාතික මට්ටමේ නායකයින් කිහිප දෙනෙකුත් ප්‍රාදේශීය මට්ටමේ ප්‍රබල නායකයින් අතලොස්සක්ද යම් කැළඹීමකට පත්ව ඇති බවට සති අන්ත පුවත් පත් කිහිපයක වාර්තා වීමත් සමග 'අප' ඒ පිළිබදව යම් ගවේශනාත්මක සොයා බැලීමක නිරත වුනෙමු.


කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් පවසා ඇත්තේ 'මැයි  රැළිය' කිරුලපන ප්‍රදේශයේ පවත්වන නිසාත්,තමන් වෙත කොළඹ දිස්ත්‍රික්කය පුරාවට ඉහළ ජන පදනමක් තිබෙන නිසාත් 'මැයි දින' පෙළපාලියේ සංවිධානයට බැසිල් රාජපක්ෂ මහතාව සම්බන්ධ කරගෙන උපදෙස් ලබා ගැනීම අනවශ්‍ය බවයි.ඒ තුළින් සිදු වන්නේ තම පාක්ෂිකයන් ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි පැවැත්ම පිළිබදව සැක සංකා මතු කිරීමක් පමනක් වන බවය.පහුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව තුළ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍ය වරයා ක්‍රියාත්මක වූයේ තම තනි මතය පරිදි බවත්,යම් යුව රජෙකුගේ ස්වරූපයෙන් බවත් ප්‍රබල චෝදනාවක් සමාජයෙන් එල්ල වී පවතී.එමෙන්ම 'දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ' දින පොත්,ලිත් මුද්‍රණයේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයෙන් නඩු පවරා යම් දඩුවම් කාල සීමාවකටද ලක් වීමට බැසිල් රාජපක්ෂ මහතාට සිදු විය.

එවැනි වාතාවරණයක් යටතේ තවදුරටත් ජනතාව බැසිල් රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසයක් තැබීම සිදු වේද යන්න ගැටලුවක් බව බොහෝ මහජන නියෝජිතයින් පැවසුවේ තම ඡන්ද දායකයින් බැසිල් රාජපක්ෂ මහතාගේ නැවත දේශපාලන ආගමනය  ගැන කළකිරීමෙන් තමන් සමග කතාකරන බවයි.ඒ අතර මහරගම,හෝමාගම,කඩුවෙල පළාත් පාලන ආයතන නියෝජනය කළ නියෝජිතයින් ඉදිරියෙන්ම විය.


කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියේ ජන සහභාගීත්වයට යම්තාක් දුරකට බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අහිතකරව බලපානු ඇතැයි දැන් දැන් ඉතාම පැහැදිලිව කරුණු වාර්තා වේ.බැසිල් රාජපක්ෂ මහතා බොහෝ අවස්ථා වලදී දේශපාලන ක්‍රියා මාර්ග අසාර්ථක වූ විට දේශපාලනයෙන් තාවකාලිකව දුරස්ව යලිත් යම් වාසියක් පෙනෙන්නට තිබෙන මානයේදී දේශපාලනයට පැමිණේ.1984 වසරේදී එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර එක්සත් ජාතික පක්ෂයට එකතු විය.නැවතත් ඔහු 1994 වසරේදී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ජන රැල්ලක් සමග නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණ 2001 වසරේදී මැතිවරණ පරාජයත් සමග දේශපාලනයෙන් සමුගත්තේය.2005 ජනාධිපතිවරණයෙන් තම වැඩිමහල් සොයුරෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහනය කිරීමත් සමග නැවත 2007 වසරේදී සක්‍රීය දේශපාලනයට පැමිණේ.නැවතත් 2015 ජනවාරි 8 වන දින තම වැඩිමහල් සොයුරෙකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ පරාජය වීමත් සමග ඇමරිකාව බලා විදෙස් ගත වී කඩුවෙල දිසා අධිකරණය හමුවේ පමුණුවන ලද නඩුව වෙනුවෙන් පෙනී සිටීමට මෙරටට පැමිණියේය.වර්තමාන යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයාත්,අග්‍රාමාත්‍යවරයාත් සමගත් රහස් සාකච්චා පවත්වන ලැබූ බවට මාධ්‍ය වාර්තා පළ විය.වර්තමාන යහපාලන රජය දිනෙන් දින ජනතා අපකීර්තියට පත් වීමෙන් ගොඩ නැගෙන 'මහින්ද රැල්ල' වටාත් ඒකාබද්ධ විපක්ෂය වටාත් සිදු වන ජන ඒකරාශිය හමුවේ නැවතත් බැසිල් රාජපක්ෂ  මහතා කරළියට පැමිණ සිටී.මැයි 1 සිදු වන්නේ කුමක්දැයි ලාංකේය ජන සමාජයත් විමසුම් ඇසින් බලා සිටී...



- ඉෂාර ලක්මිණ | Ishara Lakmina


Powered by Blogger.