මගේ අම්මා පාර අතුගාන්නියක් - සංවේදී කතාවක්.


චීන ළමුන් 380,000 ක් විසින් රචනා කරන ලද එකතුවක් සිංහලට පරිවර්තනයක් කරමින් සමුනි සමරකෝන් අපුරු නිර්මාණයක් කර ඇත.

එයට ඇය විසින් නම් තබන ලද්දේ " අපි දෙන්නම අසරණයි තාත්තේ. ." යනුවෙනි.

මෙහි එන බොහෝ රචනා සටහන් පිරී ඇත්තේ තම දෙමාපියන් පිළිබඳව අවංක ලෙස අදහස් දක්වන ළමුන්ගේ සිතුවිලි වලිනි . මේ එහි එන " මගේ අම්මා පාර අතුගාන්නියක් .." කථාංගයේ කොටසකි ...මේ

" දැන් මගේ පන්තියේ ඕනෑම මිතුරියක් මගෙන් ඇහුවොත් මගේ අම්මා මොනවද කරන්නේ කියලා මං ආඩම්බරයෙන් කියනවා එයා පාරවල් අතුගාන කෙනෙක් කියලා . ,නමුත් එදා අම්මාගේ රක්ෂාව ගැන අහන හැමෝම එක්ක මට ඇති වූනේ කේන්තියක්.

මගේ පන්තියේ මිතුරියක් හිටි හැටියේම මගෙන් ඇහුවා " ඔයාගේ අම්මා මොනවද කරන්නේ කියලා " ඒ ප්‍රශ්නෙන් මම ටිකක් තැතිගැනීමක හැඟීමක් ඇති වූ නිසා උත්තර දෙනවා වෙනුවට මං මෙහෙම ඇහුවා .." ඔයාගේ අම්මා මොකද කරන්නේ .." එයා ලොකු ආඩම්බරයෙන් උත්තර දුන්නේ " මගේ අම්මා ඉංජිනේරුවරියක් " කියලා. 
දැන් පිළිතුරු දීමට මගේ වාරය උනත් බොහොම හෙමින් මම මෙහෙම කිව්වා ..." මගේ අම්මාගේ රක්ෂාව ගැන ඔයා කලබල වෙන්න ඕනි නෑ .." කියලා.

එදා ගෙදර ආපු වෙලාවේ ඉඳන් මං අම්මා දිහා බලාගෙන හිටියේ බොහොම කනගාටුවෙන්.

ඈ උස නෑ . තඹ පාට මුහුණේ දිලිසෙන ඇස් දෙකොනේ ගැඹුරු රැළි පිහිටලා තිබුනා. මං අම්මා දිහා බලාගෙන හිටපු නිසාදෝ එයා මගෙන් ආදරයෙන් ඇහුවා .." පුංචි මිසී , ඔයා මොනවද ඔච්චර හිතන්නේ ? කියල.

" අම්මේ කොහොමද ඔයාට පාර අතුගාන්න සිද්ද උනේ ? මගේ පන්තියේ ලමයි ඔයාගේ රක්ෂාව ගැන අහනකොට කියන්න උත්තර මට නෑ . "

පළමුවෙන් අම්මා දිහා මම පුදුමයෙන් බැලුවා.

ඊළඟට ඇගේ ඇස්දෙක තියුණු උනා.

අන්තිමේදී ඇගේ ඇහිබැමි හැකිලෙමින් , වේගයෙන් හුස්මක පහලට හෙලුවා..." මං කවදාවත් හිතුවේ නෑ ඔය වගේ අදහසක් ඔයාට හිතෙයි කියලා.

" ඔයාට ඔයාගේ අම්මා ගැන ලැජ්ජයිද ? නෑ අම්මේ මම එයාලට කිව්වා. ඔයාගේ රක්ෂාව මට කවදාවත් ලැජ්ජාවක් උනේ නෑ. එත් මම අදහස් කලේ ඔයාගේ රක්ෂාව විතරයි . එක නම්බුකාර එකක් නෙමේ. "

අම්මා මෙන්න මෙහෙම මට කිව්වා. " රක්ෂාව , මේ රක්ෂාව අපි නොකොලොත් මොන තරම් දහජරාවකට මේ බීජිං නුවර පත්වෙයි කියලා ඔයාට හිතාගන්න පුලුවන්ද ? අපේ රක්ෂාව නැත්නම් ඔයාටයි , ඔයාගේ පන්තියේ යාලුවන්ටයි සිද්ද වෙන්නේ කුණු ගොඩක ලගින්න.
අපි පිරිසිදු කරන්නන් වෙන හින්ද තමයි දහස් ගණනකට පිරිසිදුව ඉන්න පුළුවන්කම තියෙන්නේ ..

මීට දවස් කීපයකට පෙර සිදු වූ දේවල් ගැන නැවත හිතන්න ඒ වචන ටික මාව පෙළඹුවා ....

Powered by Blogger.