වැට් බද්ද පත්තරෙන් දැකීම හෙවත් ජෝකර්ලන්තය - I Love My Jokerland




ඒ කාළේ, අම්මට සිරි ලංකාවේ ජෝකර්ලා සිටියේ බොහෝම අඩුවෙන්ය. ඒත් සිනමාවෙ හා වැයර්ලස් එකේය. එඩි ජයමාන්නගෙන් පටන් ගෙන අපේ කාළේ වෙනකොට සිනමාවේ උන්නේ, දොන්, බී ඇස් හා ඇන්තනී සීය. ජෝ අබේවික්‍රමද ජෝකර් පාට් වගේම අනික් ඔනෑම චරිතයක් රඟපාන්න පුළුවන් පොරක් වෙලා උන්නේය. ඉන් පස්සේ ආපු ෆ්‍රෙඩී සිල්වාද නොම්මර එකේ ජෝකර් කෙනෙක් වූවා පමනක් නොව, ටැලන්ට් රාශියකින් හෙබි ගායකයෙක්ද උනේය.

වැයර්ලස් එකේ උන්නේ, ඇනර්ස්ලි, බර්ටී හා සැමුවෙල් රොද්‍රිගූය.. එයිටාමතරව තවත් නොම්මර එකේ පොරක් වූ ගැමුණු විජේසූරියත් උන්නේය. ඔහොම බැලුවාම, ඒ කාළේ ජෝකර්ලා උන්නෙ අතේ ඇඟිලි ගනනටත් වඩා අඩුවෙන්ය. ඒ කාළේ තිබු ප්‍රසිද්ධ කියමන්ක් උනේ, මිනිසුන් හිනස්සන එක බොහෝම අමාරු වැඩක්ය කියලාය. ඒ නිසා මිනිසුන් හිනස්සන එවන් අයට සම්මාණයන් නොදීම පිළිබ්ඳවත් ඒ කාළේ කතා බහක් ගියේය.

කාළයෙන් කාලයට සියල්ල වෙනස් වනවා සේ, අද අපිට සොයා ගැනීමට අමාරූ වී තිබෙන්නේ, ජෝකර්ලා සොයා ගැනීම නොව, සිරා පොරක් සොයා ගැනීමය. ඉස්සර ඔය මොන ජෝකරයා හිටියත් හීරෝ උනේ ජෝකර්ලා නෙමේය. හීරෝලා වෙනම උන්නේය. ඔය ෆීල්ඩ් දෙකේ ඇරුනාම අනික් ක්ෂේශ්ත්‍රවල උන්නේ හොඳ පර්සනැලටියක් තිබු සිරා පොරවල්ය. 

එයිනුත් ජනතාව අතරට ගියේ පොලිටික්කන්ය. පක්ෂ බේදයකින් තොරව නායකයන් යැයි කට පුරා කිව හැකි වැදගත් පිරිසක් එයාලා අතරේ උන්නේය. විශේෂයෙන් වමේ පක්ෂවල උන් ප්‍රතාපවත් ධනපති පොරවල් ඒ අතරින් කැපි පෙනෙන පර්සනැලටීස් විය. උන්දැලා අද ඉන්නා හාල්පාරුවන් මෙන් කිසිම දිනක විකටයන් වෙන්න ගියේ නැත.

එහෙත් අද සිඳුවී ඇත්තේ කුමක්ද? එක හීරෝ කෙනෙක්වත්, සීරීයස් පොරක්වත් සොයා ගන්නට බැරි වීමය. මේක පට්ට ජෝකර්ලන්තයක්ය. සිනමාවේ ජෝකර්ලා තියා සිනමාවත් ඇත්තේ නැතිය. වේදිකාව කියා ඇති නාට්ටිවල ඇත්තේ, කිචි කැව්වත් හිනා නොයන, රූපවාහිනියද අරක්ගෙන ඇති, අමු කුණුහබ්බ ප්‍රසිද්ධියේ ඇද බානා නළු නිලියන් සෙට් එකක්ය. (කරුමයකට මෙයින් බූරුවෝ දෙන්නෙක්, නෙළුම් යායටත් ඇවිත් උන්නේය.) ජාතික රූපවාහිනියද ඔවුන්ට බිලි වී තිබීම කරුමයක්මය. 

රසවත් ටෙලියක් ඇත්තේම නැති තරම්ය. එක්කෝ මේ කාළකන්නි නළු නිලියන්ගේ කොමඩියකි. එහෙම නැත්නම්, ඉන්දියාවේ අඬෝවැඩියාවකි. එවායින් නොනැවති නිව්ස් හෙවත් ප්‍රවෘත්ති ලෙස දෙන්නේද පට්ට ජෝක්ස්ය. අපේ සඟිස්කුරුතියේ උරුමයක් වන් මර්ඩර් කේස් හා ඇක්සිඩොන්ට් ඇරුනාම අනික් ඔක්කෝම පට්ට කොමඩිය. එක්කෝ ජෝකර්ලාගේ වොයිස් කට්ය. නැත්නම් බහු රූ කෝලම්ය.

ජෝක්ස් ඉතරක් නොව සමහරක් වෙලාවට ට්‍රිබල් ඇක්ස් ඒවාත් යනවාය. රන්ජන් රමණ යකයි වෙල්ගම උන්නැහෙයි නයනා කුමාරිත් එක්ක නිදා ගත්ත හැටිත් ඒ අස්සේ යනවාය. මේවා මේ කතා කොරන්නේ උන්ගේ අවුරුදු උස්සව වලවත් පැදුරු පාටිවලවත් නෙමේය. උත්තරීතර (හරියට ලිය උනා නේද..?) පාර්ලීමන්ට් එකේය.

ඉතින් මෙහෙම අයියලා අතරේ ජනාධිපති තුමාත් සැකන්ඩ් වෙන්නේ මක්කටෙයි කියා හිතලා එයත් පට්ට කොමඩි කෑලී දානවාය. නිකන් වැස්සක් එනවා වගේ කියලා කියනවාය. බුරියානි හදපු හැටි කියනවාය. ඒ අස්සේ අවුරුද්දට ගමේ යන ජනාධිපති තුමා ගමේ අයට පට්ට ආතල් දෙනවාය. එතකොට කැබිනට් එකේ ගන්නා සාමුහික තීන්දු, ගමේ බයියලා දැක්කාම අමතක වෙනවාය. ඒවා එයා දැක්කේ පත්තරෙන් කියලා කියනවාය. වාසනාවකට පත්තර හරි තියෙනවාය. නැහ්නන් එතුමා මක්කත් දන්නේ නැතිව යනවාය.

බලයට පත් වීමට පෙර හොරුන්ට හා රාජපක්ෂ රෙජිමයට විරුද්ධව මහා හඬක් නැඟු අජිත් පී පෙරේරා අද විදුලි මාෆියාවේ තඟ හමුවේ ඉන්නේ කොහේද කියා හොයා ගන්නටවත් නැතිය. ලංකා ට්‍රාන්ස්ෆෝමස් කියා අටවාගෙන ඇති කොම්පැනිය තුල සිඳුවන මාෆියා කටයුතු ගැන එලිදරව් කරන්නේ ජෙප්පන් පමණය. ගෙදර යන්න හදපු සභාපතියා නවත්ත ගත්තේ, ඌව බ්ලෑක් මේල් කිරීමටදෝ කියා සැකයක් දැන් සැමටම ඇත්තේය. ඌත් එකෙකුටවත් බය නැති පොරක් බව පෙනෙන්නේ, වොයිස් කට් වලින්ය. එහෙම තග දාන්න ලේසියෙන් බැරි බව ඕන ගොනෙකුට තේරෙන්න ඕනාය. කට ඇරගෙන බලා හුන් පැනමා පේපර්ස් වලින් එලියට එන්නේ රාජපක්ෂලාගේ නම් නොව, චම්පිකලා ඇමතිකම් කොරපු කාලේ උන් සභාපතියාගේ නමය.

ඒවා ගැන යහපාලන ආන්ඩුව කටක් හොල්ලන්නේ නැතිය. ආන්ඩු බලය අල්ලලා තියෙන්නේ රට ගැන කිසිම දෙයක් හදාරලා නොවේය. ඇත්තටම එහෙම කරන්නට වෙලාවක් තිබුනේත් නැතිය. එජාපයේ බලය රැක ගන්න මහා බලු පොරයක් තිබුනේය. අන්තීමට පොදු අපේක්ෂකයා ලෙස පත් කර ගත්තේ ඩෙංගු මදුරුවා මරාගන්නවත් බැරි උන ඇමති කෙනෙක්ය. එයාට රට ගොඩ නගන්න වෙලාවක් ඇත්තේ නැතිය. එයා බලන්නේ පක්ෂේ ගොඩ දාගන්නය. ආයෙත් බලය ඕනා නෑ කියන කෙනෙක්, පක්ෂ හදන්න නහින්නේ මොකෑ කියලා වෙන කෙනෙකුට හිතෙන්නට පුළුවන්ය.

අලි පාටියේ අය බලාපොරොත්තු උන ආයෝජන එන පාටකුත් නැතිය. දැන් මහ බැංකුවේ ලොක්කයි ඇමතියයි පාත්තරෙත් අරගෙන හිඟා කන්න ගිහිල්ලාය. මෙහෙම හාල්පාරු ආන්ඩුවක් තියෙන රටක එකෙක්වත් ඉන්වෙස්ට් කොරන්න එන්නේ නෑ කියලා, අපි නම් එදා ඉඳන්ම කියනවාය. හේතුව පටන් ගන්නා කොටම කරපු නා ගැනීමය. එනම් පෝට් සිටිය නවතා දැමීමය. අල්ලනවා කියපු හොරු ඇල්ලුවේ නැතිය. උන් එලියේ ඉඳන් දත කන්නේ ආයෙත් ආන්ඩු බලය අල්ලා ගැනීමටය. එහෙව් රටක (නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන රටක) ඉන්වෙස්ට් කොරන්න එන එකා අමු පිස්සෙක් වෙන්න ඕනාය.

චීනෙට ගියපු වැඩෙත් සාර්ථක නැත්තෙය. පෝට් සිටියේ ප්‍රශ්ණයත් එහෙමමමය. දැන් කෙලින්න යන්නේ රටේ ජනතාවටය. එකට කැබිනෙට්ටුවේ ඉඳගෙන තීරණවලට එළඹ, පස්සේ ජනතාව ඉදිරියේ පත්තර ජෝක්ස් දාන නායකයන් සදා වාසනාවන්මය. කොහොමත් මේ රජය ජනතාව අතර අන්තෙටම අප්‍රිය වූ ආන්ඩුවක්ය. ආන්ඩුවකට වඩා මේකට පාන්ඩුව කියලා කියන එක වඩාත් හොඳය. 

ඒ අස්සේ අළුතෙන පත් වෙන්න යන ජෝකර් කෙනෙකුත් පට්ට ජෝක් එකක් දාලා තියෙනවා අද උදේ බුකියෙන් දැක්කේය. ඒ මෙතක් කලක් අල්ලන්න බැරි උන හොරු ඔක්කෝම අල්ලනවාය කියලාය. එයාගේ කතාව අනුව අපට නම් පෙනෙන්නේ මෙච්චර කල් හොරු අල්ලන්න බැරි උන එකම හේතුව හිටපු පොලිස්පතිය කියලාය.

මොකෝ එයා ඇර වෙන එකෙක්වත් වෙනස් උනේ නැති නිසාය. නීතීපතියා ආවෙත් ඔහොමය. මහින්දගේ කාලයේ පොලොස් මාද්දිය ප්‍රකාසක කියලා එක්කෙනෙක් ජෝක්ස් දදා පට්ට ආතල් එකක් දුන්නේය. දැන් ඒ මදි පාඩුවටත් එක්ක. පොලිස්පති කෙනෙක්ම ඇවිල්ලාය. "පැරා" බුකියේ කිව්වා වගේ පූජිත මෙන්ඩිස්ට පස්සේ අපිට ඒ නමම තියෙන ජෝකර් කෙනෙක්ගේ ආතල් බලන්නත් ඉඩ තියෙනවාය.


අළුත් පරපුරේ උන් පොලිස් කෝළම දැකලා නැත්නම්. ඕන් පොඩි උන්නේ, උඹලාට ඉස්සරහට පොලිස් කෝලම බලා ගන්න ලැබෙනවාය. එයිටාමතරව රාජපක්ෂ පරම්පරාවේ රජ ගහේ නාඩගමද, පොදු විපක්ෂේ බහු බූත කෝලම්ද, එජාපයේ අලි කෝලම්ද, එයිටාමතරව අපේ මෛත්‍රි මහත්තයාගේ පත්තර කෝලමද බලා, ආතල් එකේ වැට් බදුත් ගෙවාගෙන, මැතිවරණ්යක් එනකන් කොමීඩියන්ලාගේ කොමඩි බල බලා උන්නාම කන්න නැතත් බඩ පිරිලා මහත් වෙන්න පුළුවන්ය.


මාතලන්
http://maathalan.blogspot.com/2016/04/i-love-my-jokerland.html




Share on Google Plus