විදුහල්පති සමග එක්වන්නට තීරණය කල ගුරුවරිය - මොන තරම් පාදඩයි ද?


ගොඩක් අය බයයි මේවා විවේචනය කරන්න.මහනාමේ විදුහල්පති සම්බන්ද මේ පුවත මාධ්‍ය වාර්තා කල කැත විදිය ගැන කතා කල යුතුයි.

ඒ වගේම එයට මාගේ බලවත් විරෝධයද පල කර සිටින බවත් කිව යුතුයි.

මෙතන ප්‍රශ්නේ තියෙන ඕන විදුහල්පති තමන්ගේ බලය පාවිච්චි කරලා තමා යටතේ ඉන්න ගුරුවරියක් බලෙන් තියන් ඉන්නවද කියන එක හෝ,පාසලේ දේපල සහ බලතල තමන්ගේ පුද්ගලික සම්බන්දෙකට අයතා ලෙස යොදාගන්නවද කියන එක හෝ,ඒ පුද්ගලික සම්බන්දතා වලට පාසල තුල විශේෂ සැලකිල්ලක් දක්වනවද කියන එක හෝ,පාසලේ සාමාන්‍ය විනය හා වැඩ කටයුතු අවුල් වෙන හැසිරීමක් දක්වනවද කියන එක විතරයි.

එහෙම තත්වයක් තියෙනවනම් මුලින්ම මේ පාසලේ ආදී ශිෂ්‍ය සංගමයෙන්,දෙමවු පියන්ගෙන් ,ගුරුවරුන්ගෙන් ,ශිෂ්‍යයන්ගෙන් විරෝධයක් එන්න ඕන.

මෙතන එහෙම කිසිවක් සිදුවෙලා නැහැ.

OB එක පැහැදිලිවම කියන්නේ මේ කියන ප්‍රශ්නයක් එතන නැහැ කියල.ගුරුවරුත් එහෙමයි.විදුහල්පති හා අදාළ ගුරුවරිය පාසලේ සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරනවා කියන එක ලොකු දෙයක් නොවන්නේ එහෙම නොකිරීමේ අවශ්‍යතාවයක් නැති නිසා කියලයි හැමෝගෙම අදහස.

අනික මෙතන තොරතුරු ගොඩක් වැරදියි.දැන් ඇය සිටින්නේ බලන්ගොඩ අයගේ මහගෙදර මිස විදුහල්පති සමග නෙවෙයි.විදුහල්පති ඔහුගේ නිල නිවසේ ඔහුගේ පවුලේ අය සමග ඉන්නවා.ගුරුවරිය හා ඇගේ සැමියා අතර පවුල් ප්‍රශ්නයක් ඇති වෙලා.එකට දික්කසාද නඩුවක් හෝ වෙනත් නීතිමය කටයුත්තක් කි්‍රයාත්මක වෙනවා.

අනික විදුහල්පති හා ගුරුවරිය අතර ප්‍රේම සම්බන්දයක් හෝ වෙනත් සම්බන්දයක් ඇත්තටම තිබුනත් එය පාසල තුල අර කිවූ ආකාරයේ එකක් නෙවෙයි නම් අඩුම ගානේ රටේ සාමාන්‍ය නීතිය අනුව හෝ පාසල් පාලනය වන ආයතන සංග්‍රහය අනුව හෝ වරදක් නෙවෙයි.

මේක වරදක් වෙලා තියෙන්නේ රේට්ස් වැඩිකරගන්න දගලන WEB SITE කීපෙකටයි, ලංකා ගුරු සේවා සංගමේ සුචරිතවාදී ගුරු පියාණන් කෙනෙකුට විතරයි.

"අයතා ඇසුර දුරදිග ගොස් විදුහල්පති සමග එක්වන්නට තීරණය කල තරුණ ගුරුවරියගේ කතාව බලන්න මෙතනින්....
මෙන්න අපේ වෙබ් අඩවිය.....!!!!

මොන තරම් කාලකන්නි කතාවක් ද කියල හිතබලන්න .මේ ශීර්ෂපාටෙන් අපිට මැවිලා පේනවා නේ ද ගුරුවරිය විදුහල් පති සමග ලිංගිකව එක් වෙලා අවසානේ "මට ඔයා නැතුව ඉන්න බැහැ " කියනවා වගේ අවස්තාවක්.එකත් ඔලුවේ තියාගෙන අපි මේ web එකේ link එක ඔබනවා නේ ද දන්නෙම නැතුව??
මොන තරම් පාදඩයි ද?

-උදුල් පේ්‍රමරත්න

Share on Google Plus