ඒකාබද්ධ විපක්ෂය පිළිනොගෙනීම හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය වල් වැදෙයිද?





ලෝක කම්කරු දිනය හෙවත් 'මැ‍යි 1 වෙනිදා' ආසන්නවත්ම ලාංකේය දේශපාලනය වෙනදාටත් වඩා ශීත යුද්ධයක් වැනි තත්වයකට පත්ව ඇත.'ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය' තම පක්ෂ මැයි රැළිය ගාල්ලේදී පවත්වද්දී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පෙරටු කරගත් 'ඒකාබද්ධ විපක්ෂය' තමන්ගේ මැයි රැළිය කිරුළපනදී පවත්වයි.මෙවැනි තත්වයක් පවතිද්දී; 2016.04.28 දිනයේදී 'පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ' ලේකම් නීතීඥ නිමල් බෝපගේ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයත් සමග සියල්ල උණුසුම් විය.

එහි වැඩිදුරටත් සදහන් වූයේ 'ඒකාබද්ධ විපක්ෂය නමින් පිළිගත් දේශපාලන පක්ෂයක් නොමැති බවත් එම නම් දරන කණ්ඩායම වෙත මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා දීමෙන් ජනමාධ්‍ය ආචාර ධර්ම පිළිබදව ගැටලු පැන නගින බවත්ය.'

මෙරට පුරවැසිභාවය ඇති ඕනම පුද්ගලයෙක්ට සක්‍රීයව දේශපාලන පක්ෂ පිහිටුවා ගනිමින් තමන් විෂ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් සිදු කළ හැකිය.ඒ වෙත නිදහස් මාධ්‍ය ආවරණයද රටේ තත්වයට අහිතකර නොවන අයුරින් භාවිතා කළ හැකිය.මෙලෙස ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ වරින් වර, ෆෙඩරල් පක්ෂ දේශපාලනයටත්/ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයටත් වැට කඩොළු බැදීමට යාමෙන් සිදු වූයේ විශාල විනාශයකි.ඒකාබද්ධ විපක්ෂය වටා එක්වන දේශපාලන නායකයින් කවුරුන් වුවත්, ඔවුන්ට මෙරට තුළ ජනමාධ්‍ය භාවිතා කරමින් නිදහස් දේශපාලනයක් කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම සැබැවින්ම 'යහපාලන ආණ්ඩුවක' වගකීම විය යුතුය.ජනාතාව මෙම සිදු වීම් දාමය පිළිබදව විමසිල්ලෙන් පසුවන බව අවසාන වශයෙන් මතක් කර සිටින්නෙමු....

-ඉෂාර ලක්මිණ

Powered by Blogger.