මහින්ද-එජාප ගණුදෙනු එළියට.


ප්‍රේමදාස යුගයේ පටන්ම එක්සත් ජාතික පක්ෂය සමග තමා රහස් ගණුදෙනුවක සිටි බව  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික පුවත්පතකට සිදු කළ ප්‍රකාශයකින් හෙළිදරව් වී තිබේ.

ඔහු පවසන්නේ “මට මේ අද ඊයේ නෙවෙයි හමුදා ආරක්ෂාව ලැබුණේ. ප්‍රේමදාස ජනාධිපති තුමාගෙ කාලෙත් මට ඒ ගොල්ලො හමුදා ආරක්ෂාව දුන්නා” යනුවෙන් ඔහු පවසා ඇත.

මහින්ද රාජපක්ෂ පවසන්නේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ අතුරු මැතිවරණයක්‌ පැවති සමයේ තංගල්ල නිවසට කිසියම් පිරිසක්‌ බෝම්බ ගැසූ බවත් එම අවස්ථාවේ එවකට රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රන්ජන් විඡේරත්න වහා මැදිහත් වී තමාට හමුදා ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කළ බවත්ය. මෙතෙක් කළක් තමන් එය රහසක් සේ තබා ගෙන සිටි බවත් අද එක් එක් අය තම ආරක්ෂාවට හමුදාව යොදවා ගැනීම සම්බන්ධයෙන් නොයෙක් ප්‍රකාශ කරන නිසා අද මෙය හෙළි කරන බවත් ඔහු පවසා ඇත.

මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පවසන්නේ තමාට හමුදා රැකවරණය ලැබුණේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ එජාප රජය රට පාලනය කළ සමයේදී බව කවුරුත් මතක තබා ගත යුතු බවය.

මහින්ද රාජපක්ෂගේ මෙම ප්‍රකාශය තුළින් ඔහුට දිගින් දිගටම එක්සත් ජාතික පක්සයත් සමග පැවති ගණුදෙනුවේ ස්වභාවය පැහැදිලි වේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතා පසුගියදා කළ ප්‍රකාශයක් තුළින් මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මහින්ද පිල ගොඩනගන තර්ක නිශේධනය වී ගිය අතර එයට පිළිතුරු ලෙස මහින්ද රාජපක්ෂ මහතා උක්ත ප්‍රකාශය කළත් එයද මේ වනවිට ඔහුටම පාරාවලල්ලක් වෙමින් එයද මහින්ද පිලේ අවාසයට ගොඩනැගෙමින් තිබේ.

කුමණ තත්වයක් යටතේ වුවද මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවද මෙයින් පැහැදිළිව පෙන්නුම් කෙරේ.

Powered by Blogger.