සම්පන්ධන් ෆෙඩරල් මල් පිපේ දැයි බලන්න



1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට පළාත් සභා ක්‍රමය බලෙන් උරුම විය.ශ්‍රී ලංකාවේ පවත්නා ජන වාර්ගික අර්බුදයට යම් ආකාරයක හෝ විසදුමක් ලෙස මෙරටට පළාත් සභා ක්‍රමය හදුන්වා දීමට හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ මෙරට 1 විධායක බලැති ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන,එවකට කැබිනට් මණ්ඩලයේ බලවත්ම අමාත්‍යවරුන් දෙපළ වූ ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක පුරෝගාමී විය.පළාත් සභා පිහිටුවීමේදී ආරම්භකව උතුර සහ නැගෙනහිර පළාත් 2 එක්ව 'උතුරු-නැගෙනහිර පළාත් සභාව' ලෙස එක්ව ක්‍රියාත්මක කරවීමට තරම් එවකට නායකයින් අණුවන වූ බවට විචාරකයින්ගේ මතයයි.උතුරු-නැගෙනහිර පළාත් සභාව සදහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට පැවැත්වූ පළමු මැතිවරණය 1988 දී පවත්වන ලදි.එහිදී 'වරධරාජා පෙරුමාල්' ප්‍රධාන අමත්‍යවරයා 'මහ ඇමති' ලෙස පත් විය.1991 වසර තුළදීත් අද වැනිම අයුරින් එවකට උතුරු-නැගෙනහිර පළාත් සභාව තුළ 'ස්වයං නීර්ණ අයිතියද ඇතුළත් ෆෙඩරල් වැනිම' යෝජනාවක් සම්මත කර ගන්නා ලදි.ඒ අවස්ථාවේදී එවකට ජනාධිපති වරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව 'උතුරු-නැගෙනහිර පළාත් සභාව' විසුරවා හැර තමන් වෙත බලය පවරා ගන්නා ලදි.

මෙවර තත්වය ඒ තරම්ම බරපතල නොවන්නේ,උතුරු පළාත සදහා මෙවර වෙනම  'පළාත් සභාවක්' පිහිටුවා ඇති නිසාත්, අද වන විට එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් උතුරින් බරපතළ ලෙස වාර්ථා නොවීමත්,උතුර සහ නැගෙනහිර පළාත් වල සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා මධ්‍යම ආණ්ඩුවේ පාලනයක් පැවතීමත් නිසාය.කෙසේ වෙතත් යම් කෙනෙකු මෙම සිදු වීම් දාමය දෙස බරපතළ ලෙස විග්‍රහ කිරීමද සාධාරණ විය හැක්කේ 2015 ජනාධිපතිවරණයේදී උතුරේ දැනට ප්‍රධාන දේශපාලන බලවේගය වූ ටී.එන්.ඒ. හෙවත් දෙමළ ජාතික සන්ධානයද සහාය දක්වමින් ජයගත් අපේක්ෂකයා වර්ථමාන ජනාධිපතිවරයා වීම නිසාය.නමුත් ශ්‍රී ලංකාවේ වර්ථමානයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිපදින බවටත්.එය ආරක්ෂා කරන බවටත් එය කිසි විට උල්ලංඝනය නොකරන බවටත් වර්ථමාන ජනාධිපතිවරයා තම ධුරයේ දිවුරුම් දුන් 2015 ජනවාරි 9 වන දින සවස් වරුවේදී 'නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී'මෙරට මහජනතාවට දිවුරුම් දී අවසානය.19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ජනාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක් සිදු කිරීම් සම්බන්ධව නඩු පැවරිය හැකි පසුබමක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අනිවාර්යෙන්ම රටේ පොදු මහජනයාගේ පැත්ත නියෝජනයටම සිදු වෙනවා ඇත.ඒ අනූව ඔහුද රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාව අනුගමනය කරමින් උතුර පළාත් සභාව එක් පෑන් පහරකින් විසුරවා හරිනු ඇත.එවිට විග්නේශ්වරම් ප්‍රධාන අමාත්‍යවරයා විපක්ෂ නායක සම්පන්ධන් සමග එක් වී ජාත්‍යන්තරට ගතු කීමත් ඒකාන්තයෙන් සිදු වේ.1991 වකවානුව තුළ තිබුනාට වඩා වර්ථමානයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ යම් ප්‍රසාදනීය තත්වයක පසු වේ.එම නිසා විග්නේශ්වරම් ප්‍රධාන අමාත්‍යවරයාටත්,විපක්ෂ නායක සම්පන්දන්ටත් මෙවර ඇමරිකාවේ හෝ ජිනීවාහීත්,ඉන්දියාවේත්,යුරෝපා සංගමයේත් සහාය පැතීම නිෂ්පල වනු නියතය.

ඉන්දියාවේ මේ වන විට පවතින්නේ භාරතීය ජනතා පක්ෂ 3 න් 2ක් බහුතරය ලත් ආණඩුවකි.ඒ අනුව තමිල්නාඩුවේ බලපෑම නොසලකා ක්‍රියාත්මක වීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට හැකිය.එමෙන්ම රට තුළ ඇමරිකානු හිතවාදී ආණ්ඩුවක් පවතී.ඇමරිකාව සෑම විටම බලන්නේ ආර්ථීක වාසි සහ ආරක්ෂාව පිළිබදවය.මේ වන විට ඇමරිකාව චීනය සමග ආයෝජන කිහිපයකට මුල පුරා තිබේ.වර්ථමානයේ කොළඹ වරාය නගරය ඉදිකිරීම් නතර නොකර පවත්වාගෙන යාමට යහපාලන රජයද චීනයට අවස්ථාව ලබා දී තිබේ.කොළඹ වරාය නගරය චීනයට මෙන්ම ඇමරිකාවටද අනාගත ප්‍රයෝජන රැසක් උරුම කර දෙන බව ඇමරිකාව වටහාගෙන ඇත.ඇමරිකානු ආහාර සංස්කෘතියත් ඉතා පහසුවෙන් වරාය නගරය තුළ ඇති කිරීමට ඇමරිකාවට හැකිය.යුරෝපය ගිල ගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ථ ප්‍රහාර නිසා යුරෝපීය රටවල් දෙමළ සරණාගත ජනයා දෙසත් සැකයෙන් බැලීම ස්වාභාවිකය.මෙවර උතුරු පළාතේ දුක් ගැනවිලි ෆෙඩරල් යෝජනාවට අත තබා අත් පුච්චා ගැනීමකට යුරෝපා සංගමය නොයාම ස්ථිරය.

අවසානයට මෙරට පොදු මහජනයාට මතක් කර සිටීමට ඇත්තේ උතුරේ සංවර්ධන වැඩ කටයුතු නිසි පරිදි කිරීමට අසමත්ව දිනෙන් දින උතුරේ ජනතාවගෙන් අසමත් වන දෙමළ ජාතික සංධානයේ හදිසි නාටක වලට රැවටී; 1983 සිදු කළා මෙන් අනුවණ  තීරණ වලට ගොස් රටේ කීර්ති නාමයත් විනාශ නොකර, දකුණේ දේශපාලන වශයෙන් පරාජිතව බලයට ඒමේ කූට මං සොයන පුද්ගලයින්ගේ අතකොළු බවට පත් නොවී සියල්ල විමසුම් ඇසින් දකිනා ලෙසයි.එවිට සම්පන්ධන්ලාගේ ෆෙඩරල් මල් පිපීමේ හීනය පරවණු නිසකය...

ඉෂාර ලක්මිණ 





Powered by Blogger.