ශ්‍රී ලංකන් අපේ ගුවන් සේවය... එය අපේ ද?


Image result for sri lanka airline
Image result for sri lanka airline










 වසර 1994 දී බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ආණ්ඩුව බලයට පත්ව පාඩු විදින රාජ්‍ය ආයතන ගණනාවක් කොටස් වශයෙන් පුද්ගලීකකරණය සිදු කරන රාජ්‍ය ප්‍රථිපත්තියක් අනුගමනය කරමින් නැවත රාජ්‍ය ආර්ථිකයේ වන අයවැය හිගය යම්තාක් දුරකට හෝ පියවා ගැනීමේ සැළසුම් සකස් කරන්නට විය.එවකට පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය වරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා එම වකවානුවේ සිටම රාජ්‍ය ආයතන පුද්ගලීකකරණය සිදු කරනවාට විරුද්ධ විය.වයඹ ලුණු ලේවාය,වැවිලි සමාගම් ගණනාවක් එලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ කැප වීමෙන් පුද්ගලීකකරණයෙන්  වැළකිණි.

 නමුත් 'එයාර් ලංකා ආයතනය' 1997 වකවානුව තුලදී 'ශ්‍රී ලංකන් එයාර් ලයින්' ලෙසින් 'එමිරේට්ස්' ආයතනය වෙත කොටස් විකුණා දැමීමට එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සමත් විය.නමුත්,සියල්ලන් විශ්මයට පත් කරවමින් 2000 වසර වන විට 'ශ්‍රී ලංකන් එයාර් ලයින්' ආයතනය ලෝකයේ ගුවන් සේවාවල ඵලදායීතාවය අතින් 2 වෙනි වූයේ 'එමිරේට්ස්' ආයතනයට පමණි.එවකට ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒමට ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයට හැකි විය.

නමුත්,2005 ජනාධිපතිවරණයෙන් බලයට පත්ව මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පුද්ගලීකකරණයට විරුද්ධ මහින්ද රාජපක්ෂ මහතා 2007 වසරේදී නැවත ශ්‍රී ලංකන් ගුවන් සේවාව රජයට පවරා ගනී.මෙහිදී එවකට ගුවන් සේවා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කරන ලද්දේ "අපේ ගුවන් සේවය නැවත එය අපේ වූ බවයි."රජය වියදමින් වෙළද දැන්වීමක්ද එලෙස ප්‍රචාරය විය.තත්වය මෙසේ පවතිද්දී 'ශ්‍රී ලංකන් ගුවන් සේවයේ' සභාපති ධුරයට තම මස්සිනෙක් වූ පුද්ගලයෙකු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් පත් වීම් ලද බව රහසක් නොවේ.එකල මාධ්‍ය මගින්ද එය අනාවරණය විය.

ලාභ ලැබූ 'ශ්‍රී ලංකන් ගුවන් සේවාව' දිනෙන් දිනම පාඩු ලබමින් මෙරට මහා භාණ්ඩාගාරයටත් පොදු ජනතාවටත් බරක් වන ආයතනයක් බවට පත් විය.චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිනිය අනුගමනය කරමින්ම නොවුනත් යම් ආකාරයකට 'ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ' පරිපාලනය උපදේශක සමාගමක් සමග හවුලකට පවරා වර්ථමාන යහපාලන ආණ්ඩුව සිදු කිරීමට යන ගණුදෙනුව 100% ක් සාර්ථක වේයැයි කීමට හෝ අසාර්ථක වේයැයි කීමට මා දැන්ම ඉක්මන් නොවෙමි.එහෙත් කීමට ඇත්තේ ආණ්ඩුවකට කිරීමට ඇති එකම විකල්පයේ වර්ථමාන 'යහපාලන ආණ්ඩුව' ගමන් කරන බව පමණි.එළබෙන පාර්ලිමේන්තුවේ පැවැත්වෙන 'ශ්‍රී ලංකන් එයාර් ලයින්' පිළිබද විවාදයේදී හුවමාරු වන අදහස් පිළිබද මුළු ලංකාවාසීන්ම බලා සිටින බව පමණක් සියලු දේශපාලන අධිකාරයනට අප සිහිගන්වා සිටින්නෙමු.

ඉෂාර ලක්මිණ














































Share on Google Plus