නැගෙනහිර මහ ඇමතිට ඇමරිකාවෙන් තටු ලැබේ...


මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශයන්හි පවතින ආපදා තත්වයන්ගෙන් පීඩාවට පත් ජනතාව වෙත මාධ්‍යයේ අවධානය යොමු වූ වාතාවරණයක් තුළ 'නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය අහමඩ් නසීර් සෙයින්නුලබ්දීන්' විසින් සිදු කර ඇති පහත් ක්‍රියාවක් මෙරට ජනතාවගෙන් වසන් වීමට ගියේය.නමුත්,මෙරට සමාජ වෙබ් අඩවි මාධ්‍යයන්හි ඇති ප්‍රබලත්වය නිසා වීඩියෝවක් ලෙස සමාජ මාධ්‍යයන්හි එම නිවට ක්‍රියාව ප්‍රචාරය වීමත් සමග මෙරට ජනතාව ඒ පිළිබදව දැනුවත් විය.

එහිදී සිදු වූයේ නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් 'සාම්පූර් කදවුර භාර අණදෙන නාවික හමුදා නිලධාරියාට ඉතාම අසාධාරණ ලෙස බැන වදිමින් මෙරට ඇමරිකානු තානාපතිවරයා ඉදිරියේ පොරක් වීමට උත්සාහ දැරීමයි' කවුරුන් මොන හේතු කිවුවත් සිදු වූයේ සරලවම එයයි.

මේ අවස්ථාවේදී කුඩා දැරියකගේ මුහුණේ නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ  දෑතක් වේගයෙන් විත් වදින ආකාරයක්ද 'වීඩියෝවේ' දර්ශනය වේ.නාවික හමුදා නිලධාරියා බොහොම සංසුන්ව තමන්ගේ නිහතමානීත්වය පිළිඹිබු වන ලෙස සියල්ල උපෙක්ෂාවෙන් බලා හිදී.එහෙත් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට බයේ වේදිකාවෙන් බැස යන්නේ නැත.(අපි ඔබට ආරාධනා කර සිටිනවා මෙම වීඩියෝව හොදින් නරඹන ලෙසට.)

2006 මාවිල් ආරු අමුණ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථයන්ගෙන් මුදවා ගත් දිනයේ පටන් 2009 වෙල්ලමුල්ලිවයික්කාල් වලින් අවසාන එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදියගෙන් ජනතාව මුදවා ගෙන ජන ජීවිතය නැවත  නගා සිටවූයේ මෙම දේශපාලනය නොවේ.ත්‍රිවිධ හමුදාවන්හි රණ විරුවන් මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය විසිනි.ඒ බව උතුරේත් නැගෙනහිරත් ජනතාවගේ හදවත් දන්නා බව අපට විශ්වාසය.



ජනතාවට අවශ්‍ය ආරක්ෂාව,ආහාර,නිවාස,සෞඛ්‍යය හා සනීපාරක්ෂක සේවාවන්,ප්‍රවාහන පහසුකම්,අධ්‍යාපන පහසුකම් නැවතත් ජනතාවට ලබා දුන්නේ යුද්ධ හමුදාවේත්,නාවික හමුදාවේත් සහයෙනි.ඒ බව නොදන්නා තිරිසන් සතෙකුවත් උතුරේත්,නැගෙනහිරත් වාසය කරන්නේ නැති බව අපට  විශ්වාසය.නමුත්,ඇමරිකානු තානාපතිවරයා ඉදිරියේ සියල්ල නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට අමතක වන්නේ බල ලෝභීත්වය සහ පරගැති බව නැමති රෝග ලක්ෂණ මතු වූ නිසාද යැයි තීරණය කිරීම ඔබ වෙත පවරමි.



වර්තමාන ජනාධිපතිවරයාට බලයට පත් වීමට 2015 පැවති ජනාධිපතිවරණයේදී තීරණාත්මක ඡන්ද කුට්ටිය උතුරු සහ නැගෙනහිර පළාත් වලින් ලබා දුන්නායැයි සිතමින් උතුරු පළාතේත්,නැගෙනහිර පළාතේත් ප්‍රධාන අමාත්‍යවරුන් ඔලුව උදුන්මුවාගෙන වැඩ කරයි නම් අපට පැවසීමට ඇත්තේ තවත් ජාතිවාදී දේශපාලනයකට මෙරට සිංහල,දෙමළ,මුස්ලිම් ජනතාව යළිත් ඉඩක් ලබා නොදෙන බවයි.ජාතිවාදී දේශපාලනයට රැවටී මෙරට ජනතාව 1956 සිටම පාඩම් ඉගෙන ගත්තේය.එය 1983 වඩාත් තීව්‍ර විය.යලිත් මෙරට කළු ජූලියක් ඇති කිරීමට සිංහල හෝ වේවා , දෙමළ හෝ වේවා , මුස්ලිම් හෝ වේවා යම් කපටි දේශපාලකයින් උත්සාහ දරයි නම් අපට පැවසීමට ඇත්තේ මහත්වරුනි, ඔබලාට කුණු බක්කිය පමණක් උරුම වන බවයි.

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ මොහොතෙදී සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සමාව ගත යුතුය.ඔහු ඇමරිකානු තානාපතිවරයා ඉදිරියේ හෑල්ලු කළේ ශ්‍රී ලංකාවේ අභිමානයයි!ජනාධිපතිවරයාද මෙවන් සිදු වීම් යලිත් සිදු නොවීමට සියලුම දේශපාලකයින් දැනුවත් කිරීම වටී...

ඉෂාර ලක්මිණ


1 comment:

  1. These Provincial council members are given too much comforts and power. In fact these councils are a white elephant. They should all be dissolved and come under the central government and We will be able to save billions of rupees for the poor masses.

    ReplyDelete

Powered by Blogger.