ගෝඨාභය කියූ දේ ඇත්තක්ද?...


හිටපු ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන ලෙකම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොයුරු,ගෝඨාභය රාජපක්ෂ මහතා එවකට විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයෙන් එල්ල වූ විවේචන වලට ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ තමන් කොළඹ නගරයේ අලංකරණයකට වඩා සිදු කරන්නේ මිලි මීටර් 80 ප්‍රමාණයේ වර්ෂාවකදී වුවද කොළඹ නගරයත්,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අග නගරයත් වර්ෂා ජලයෙන් යට වීම වළක්වා ගන්නා ව්‍යාපෘතියක් බවයි.


එහිදී 174 බොරැල්ල - කොට්ටාව බස්  රථ මාර්ගයට සමගාමීව වර්ෂා ජලය එක් රැස් කරගන්නා කුඩා වැව් 5ක්, 120  හොරණ - කොළඹ බස් රථ මාර්ගයේ බොරලැස්ගමුව සහ රත්තනපිටිය හරහා පන්නිපිටිය තලවතුගොඩ ප්‍රදේශයන් යා කරමින් 'වේරස් ඇල' ව්‍යාපෘතියද සැලසුම් කර තිබුණි.නමුත්, එවකට රජයේ අමාත්‍ය ධුරයක් දරමින් සිට 2015 ජනාධිපතිවරණය කැදවීමත් සමග මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත්ව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ව්‍යාපෘති ජනතා මුදල් නාස්ති කරන පරම්පරා ගණනාවක් ණය කරවන  ව්‍යාපෘති ලෙස හදුන්වා දුන් අමාත්‍ය පාඨලී චම්පික රණවක වර්තමානයේ මහා නගර සංවර්ධන සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා බවට පත්ව ඔහු සිදු කරන්නේත් ගෝඨාභය රාජපක්ෂ සංවර්ධන ව්‍යාපෘතීන්හි දිගුවකි...


එමෙන්ම මෙවර අධික වර්ෂාවත් සමග කොළඹ නගරයත්,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අග නගරයත් දින 3කටත් අධික කාලයක් පුරා වර්ෂා ජලයෙන් මෙන්ම කැලණි ගංගාව පිටාර ගැලීම නිසා ජලයෙන් යට වී ජන ජීවිතය අඩපණ වී තිබුණි.මෙවන් කාළගුණික තත්වයන් ඉදිරියේත් ශ්‍රී ලංකාවේ ඇති විය හැකි බවට නිවේදන නිකුත් වී තිබේ.

ආණ්ඩුව කැලණි ගංගාවේ ඉස්මත්ත ප්‍රදේශයේ පදිංචි ජනතාව එම ස්ථාන වලින් ඉවත් කොට කොළඹ නගරයේම නව නිවාස සංකීර්ණ ඉදි කොට පදිංචි කරවීමේ සැලසුම් කඩිනමින් සකස් කරමින් යාම  ප්‍රශංසනීය වේ.එවකට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැලසුම වූයේත් මීට සමාන අදහසකි.නමුත්,මෙවර රටේ පාලනය මාරු වී තිබේ.ස්වාභාවික ව්‍යසන පැමිණි පසුව ආපදා සේවා දියත් කරනවා වෙනුවට කළ යුත්තේ මෙලෙස කල් තියාම ඊට සූදානම් වීම වේ.මේ මොහොතේදී පක්ෂ භේද නොසළකා රට නැවත ගොඩ නැගීමට සියලුම දේශපාලකයින් සහාය ලබා දිය යුතු වේ.

ඉෂාර ලක්මිණ

Powered by Blogger.