ඉන්දියාවේ දේශපාලනය ලංකාව අතික්‍රමණය කරයිද?



අතීතයේ සිටම ශ්‍රී ලාංකේය දේශපාලනයත්,ඉන්දීය දේශපාලනයත් සමගාමී සමීකරණයක් ලෙස ක්‍රියාත්මක විය.'රාමායනය' කෘතියේම සදහන් වන්නේ රාවන නම් නරපතිදුන් ඉන්දියාවේ යටත් රාජ්‍යයන් කීපයක් තම නැගනිය වූ සුපර්ණිකාවන්ව යවා ලංකාවේ සිට පාලනය කළ බවත්,එම අසාධාරණයට විරුද්ධව රාම කුමරු සුපර්ණිකාවන්ව බිය ගනවා නැවත ලංකාද්වීපයට පිටත් කර හැරිය බවකි.රාවනා එයට පළි ගැනීමක් ලෙස සීතා කුමරිය පැහැරගෙන ලක්දිවට ගෙන ආ බවත්ය.

විජය කුමරු ඇතුලු අපරාධකරුවන් පිරිසක් මෙරටට පැමිණ මෙරට පැවති යක්ෂ රාජ්‍යය කුවේනිය නම් යක් පාලිකාව රවටා පැහැර ගත්තෝය.විජයායු කමරිය ඇතුලු පිරිසත්,පණ්ඩුවාසදේව කුමරු ඇතුලු පිරිසක්, ධර්මාශෝක අධිරාජ්‍යයා තම පුතණුවන් වූ මිහිදු හිමියන් ශ්‍රී ලංකාවට ධර්ම දූත සේවයේ එවමින් ශ්‍රී ලංකාව ධර්මානුකූලව යටත් කර ගැනීමට සමත් විය.

සුදු අධිරාජ්‍යයට යටත්ව සිටි ශ්‍රී ලංකාවට නැවත වතු වගාව 
සදහා දකුණු ඉන්දීය දෙමළ කුලී කම්කරුවන් ගෙන්වා ගැනීමක් 19 වන සියවසේදී සිදු විය.සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ලාල් බහදූර් ශාස්ත්‍රී ඉන්දීය අගමැතිවරයා සමග වඩාත් හිතවත් ආකාරයෙන් පාලනයක් ගෙන ගියාය.එමෙන්ම,ඉන්ධිරා ගාන්ධි අගමැතිවරිය සමග නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරය තුළ කටයුතු කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මෙරට හිත මිතුරු රාජ්‍යයක් ලෙස ඉන්දියාව සමග ගණුදෙනු කළාය.රටවල් 2ම මැතිවරණ සදහා එය තීරණාත්මක සාධකයක් විය.1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂය ඉන්දීය කොන්ග්‍රස් පක්ෂ නායකයින් සමග වෛරයෙන් කටයුතු කරමින් ඇමරිකානු සහයෝගය බලාපොරොත්තු වෙන් කටයුතු කළද,අවසානයේදී අපේ රටට පිහිට වූයේ ඉන්දීය අගමැතිවරයා වූ රජීව් ගාන්ධි පමණි.ඉන්දීය සාම සාධක හමුදාවක් පවා මෙරට එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්ථවාදීන් පරාජයට පත් කිරීම වෙනුවෙන් එවන ලදි.අවසානයේදී ඉන්දීය අගමැතිවරයාට ලංකාවේ පවු වලට කර ගැසීමට ගොස් තම ජීවිතයෙන්ද වන්දි ගෙවීමට සිදු විය.

2001 වසරේදී මෙරට පාර්ලිමෙන්තු මැතිවරණය එක්සත් ජාතික පක්ෂය පෙරටු කරගත් පෙරමුණ ජය ගන්නා විට; ඉන්දීය දේශපාලනයත් මෙරටට සමගාමී විය.භාරතීය ජනතා පක්ෂයෙන් අතර් විහාර් වයිජ්පායි අගමැතිවරයාව  සිටියේය.නැවතත් 2004 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය පෙරටු කරගත් එක්සත් ජනතා නිදහස් සංධානය බලයට පත් වන විට ඉන්දියාවේත් ඉන්දීය කොන්ග්‍රසය සෝනියා ගාන්ධිගේ නායකත්වයෙන් බලයට පත් වී මං මෝහන් සිං අගමැතිවරයා බවට පත් විය.ඉන්දීය දේශපාලනය 2009 ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් කිරීමට විශාල දේශපාලන අනුග්‍රහයක් ලබා දුන්නේය.2010 වසරින් පසු ශ්‍රී ලංකාව තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ තම වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ ඔටුනු පැලදවීමට ගොස් ක්‍රමයෙන් අපකීර්තියට පත් වූවා සේ/ඉන්දීය දේශපාලනය තුළද සෝනියා ගාන්ධි තම පුත් රාහුල් ගාන්ධිට ඔටුනු පැලදවීමට ගොස් ක්‍රමයෙන් ජනතා  අපකීර්තියට ලක් විය.

2014 වසරේ අවසානයේදී පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් ඉන්දීය කොන්ග්‍රසයට දැවැන්ත පරාජයකට ලක් වීමට සිදු විය.භාරතීය ජනතා පක්ෂය බලයට පත් වූයේ ඉන්දීය ලෝක් සභාවේ 3න් 2කටත් වඩා වැඩි මන්ත්‍රී ආසන ප්‍රමාණයක් දිනා ගනිමිනි.නරේන්ද්‍ර මෝදි සිවිල් සංවිධානයන්හි  සහාය ලබා ගනිමින් ඉන්දියාවේ අගමැති බවට පත් විය.2015 ජනවාරි 8 වන දින පැවති ජනාධිපතිවරණයෙන් සිවිල් සංවිධානයන්හි සහාය ලබා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන මෙරට ජනාධිපතිවරයා බවට පත් විය.

පරාජයෙන් අනතුරුව ලංකාවේ දේශපාලනය තුළ මහින්ද රාජපක්ෂ ලකුණ ඒකාබද්ධ විපක්ෂය ලෙස දැවැන්ත උද්ගෝෂණ මගින් ඉදිරියට ගෙන යාමට වෑයම් කරන්නේ 100% ක් සද්භාවයෙන්ම නොවේ....පසුගිය වසර 9ක් පාලන කාලය තුළ සිදු වූ බරපතළ වංචා ගැන පරීක්ෂණ පැවැත්වෙන පසු බිමකය.වර්තමාන ආණ්ඩුව දිනෙන් දින අධික බදු බරක් ජනතාවට නොදැනී ජනතාව මත පසුගිය පාලනයේ වැරදි බව පන්වා දෙමින් පටවමින් සිටී.ඉන්දීය දේශපාලනයත් මීට සමගාමීය මැතිවරණ පරාජයෙන් පසු වසරක්  නිහඩව සිටි ඉන්දීය කොන්ග්‍රස් පක්ෂ නායකයෝ ඉන්දීය අධිකරණ නියෝගත් නොසලකමින් එරට ලෝක් සභාව ඉදිරියේදී දැවැන්ත උද්ගෝෂණ කළෝය.එහිදී මන් මෝහන් සිං /සෝනියා ගාන්ධි/රාහුල් ගාන්ධි අත් අඩංගුවට ගෙන පසුව මුදා හැරුනි...මේ වන විට ශ්‍රී ලංකා රජය ඉන්දියාවත් සමග 'එට්කා' වෙළද ආර්ථික ගිවිසුම අත්සන් කිරීමට යන වාතාවරනයක් ද පවතී.සැබැවින්ම සිදු වන්නේ කුමක්ද?අප සූදානම් ඔබව දැනුවත් කරන්නට...



-ඉෂාර ලක්මිණ

Share on Google Plus