පාර්ලිමේන්තුවේ යකා නටද්දී, අගමැති ජනමාධ්‍යට ජඩමාධ්‍ය වෙන්න එපා කියයි!












අද ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයයි.මෙය ශ්‍රී ලංකාවේ අර්ථවත් වූයේ,'ලක්ෂ්මන් කදිරගාමර් කේන්ද්‍රයේදී' පැවැති "මාධ්‍ය ප්‍රතිසංස්කරණය සදහා ලේකම් කාර්යාංශයේ වාර්ථාව කරුණු 101 ඉදිරිපත් කරමින් එළි දැක්වීමත් සමගය" මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ අගමැති රනිල් වික්‍රමසිංහයි.ඔහු උත්සව සභාව අමතමින් පැවසුවේ ජනමාධ්‍ය නිදහස වර්ථමානයේ තහවුරු වී  ඇතත් මෙරට ඇතැම් ජනමාධ්‍ය ආයතන පටු න්යාය පත්‍රමත ක්‍රියා කරමින් ජනමාධ්‍ය නිදහස ජඩමාධ්‍ය කොටගනිමින් ක්‍රියා කරන බවයි.මුළින්ම තමන් තුළ ඇති කළු නැති කරගන්නා ලෙස  අගමැතිතුමා මාධ්‍ය ආයතන වෙතින් ඉල්ලා සිටියේය.තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත තමන්ගේත් ජනාධිපතිතුමන්ගේත් උත්සාහය මත ගෙන ආ නමුත් මාධ්‍යන්ගෙන් ඒ සදහා කිසිදු සහයක් නොලැබුන බවත් අගමැතිවරයා චෝදනා නැගීය.

විපක්ෂ නායකතුමන්ද,ජනමාධ්‍ය අමාත්‍ය තුමන්,ආචාර්ය ප්‍රදීප් නිශාන්ත වීරසිංහ,ආචාර්ය රංග කලන්සූරිය,මාධ්‍යවේදී නාලක ගුණවර්ධන,ලාස් බෙස්ට්ලේ මහතා,කවි චොන්ග්කිට්ටවොර්න් මහතා මෙහිදී අදහස් දැක්වූහ.

මෙම මාධ්‍ය ප්‍රතිව‍යූහගතකරණ යෝජනාවලියේ යෝජනා අතර; නීති විවරණ,තොරතුරු හිමිකම් පනත,මාධ්‍ය හිමිකාරීත්වය,රාජ්‍ය මාධ්‍ය මහජන සේවා බවට  පත් කිරීම,මාධ්‍ය නියාමනය,මාධ්‍ය වාරණය හා මාධ්‍ය අධ්‍යාපනය යනාදී කරුණු 101 ක් අන්තර්ගතය.

මෙය හුදෙක්ම යෝජනාවලියක් බවට පත් නොවී ක්‍රියාත්මකවී ඵලදරා ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී භූමිකාවට ශක්තියක් වේවා!!!


ඉෂාර ලක්මිණ

Powered by Blogger.