ජනපති-අගමැතිගේ අවමන් කිරීමට එරෙහිව කම්මැල්ලවීරයන් සටනක.


ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කලාකරුවන්ට මහත් සේ අවමන් කරමින් සංස්ක‍ෘතික කටයුතු නොසළකා හැරීමට විරෝධය දැක්වීමක් ලෙස සංස්කෘතික අමාත්‍යාංශ‍යෙන් කරන කැදවීම් වරජනය කරන බවත් අනෙක් සෑම කලාකරුවෙකුටමද ඒ සඳහා එක් වන ලෙසත් ආරාධනා කරමින් මෙරට සාහිත්‍ය කලාව තුළ ප‍්‍රවීණ ලේඛකයෙකු මෙන්ම සමාජ ක‍්‍රියාධරයෙකුද වන ජයතිලක කම්මැල්ලවීර මහතා සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබේ.

පැවති ජනාධිපතිවරණයේදීත් පසුව පැවති මහ මැතිවරණයේදීත් සමාජ සාධාරණත්වයත්, ප්‍රජාතන්ත්‍රවාදයත්, ජනතාවට අදස් ප්‍රකාශ කිරීමේ අයිතියත් වෙනුවෙන් පෙනී සිටිමින් සිවිල් සංවිධානව මෙහෙයූවෙකු වන ඔහු සිය අධීනත්වය සහ සෘජු බව පෙන්වාලමින් සිය ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් පළ වේ.

2016.05.16 දින ඔහු එය සිය මුහුණුපොතට එක් කර ඇත්තේ මෙසේය.

"සහෝදර කලාකරුවන් ‍වෙත,

වත්මන් ආණ්ඩු‍වේ කැබිනට් ඇමතිවරුන්‍‍ පනහකට ආසන්න ගණනක් සිටියදී සංස්ක‍ෘතික කටයුතු ‍වෙනු‍වෙන් කැබිනට් ඇමතිවරයකු පත් ‍නොකළ අතර ‍වෙනත් අමාත්‍යාංශයකට එල්ලා එම අමාත්‍යාංශය බාරදී ඇත්‍‍තේ කලාව පිලිබද අව‍බෝධයක් ඇති බවක් ‍පෙන්වා නැති ඇමතිවරයකුටය.

ඒ මදිවාට එම අමාත්‍යාංශය යට‍තේ තිබුණු ආයතන බො‍හොමයක් ගලවා ‍වෙනත් අමාත්‍යාංශවල එල්ලා ‍කොයික කාට අයිතිදැයි ‍නො‍තේ‍රෙන තරමට අවුලක් නිර්මාණය කරනු ලැබීය. ඒ මදිවාට මෑතකදී සංස්කෘතික නි‍යෝජ්‍ය ඇමතිවරයා ‍ලෙස පත්කරනු ලැබුවේ මදාවියකු ‍ලෙස නමගිය ‍දේශපාලක‍යෙකි. පාර්ලි‍මේන්තුවේදී චන්ඩිකම් පෑවවුන් අතර ඔහු පළමුවැනියාය.

ජනාධිපති සහ අගමැති සංස්කෘතියට ‍මෙ‍සේ සැලකීම කලාකරුවන්ට කළ මහත් අවමානයක් යයි සිතමි. එහෙයින් සංස්කෘතික අමාත්‍යාංශ‍යෙන් කරන කිසිදු කැදවීමකට මම සහභාගි ‍නො‍වෙමි. මේ ස්ථාවරය පිළිගන්නා කලාකරුවන් ‍වෙතොත් ‍මේ වි‍රෝධයට එක්වන ‍ලෙස ‍හෝ ‍වෙනත් විකල්ප වි‍රෝධතා පියවරක් ‍යෝජනා කරන ‍ලෙස ඉල්ලමි. 

ජයතිලක කම්මැල්ලවීර"

Powered by Blogger.