තණමල්විල මල් වලට ගිය කලක්...




කාලාන්තරයක් පුරාවට කංසා මල් වගාව නීතියෙන් තහනම් රටක්  ලෙස ශ්‍රී ලංකාව ලෝකය තුළ නියෝජනය විය.එහෙත්,පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ආයුර්වේද නිෂ්පාදන එළි දැක්වීමකදී සිදු කරන ලද කතාවකින් කියවුනේ ශ්‍රී ලංකාව තුළ කංසා වගාවට අවශ්‍ය පාරිසරික පසු බිමක් තිබියදී ආයුර්වේදයට අවශ්‍ය කංසා තොග ඉන්දියාවෙන් මිළදී ගෙන මෙරට මුදල් පිටරටට අවාසනාවන්ත ලෙස පටවන බවයි.

යුරෝපීය වෙළද පොළ සදහාත් කංසා අපනයනය කිරීමෙන් විදේශ විනිමයත් ලබා ගත හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ‍ය.

යුරෝපීය ජී.එස්.පී. + සහනය නැවත ශ්‍රී ලංකාවට හිමි වන පසුබිමක මෙම තීරණය කාලෝචිත විය හැක.නමුත්,මෙය ක්‍රියාත්මක කිරීමට යාමේදී ආගමික බලවේගයන්ගේ සහ හිටපු පාලකයන්ගේ විරෝධය අනිවාර්යෙන් එල්ලවනු නිසකය.රටේ ආදායම හිගතාවයක් ඇත්නම් සැබැවින්ම සිදු කළ යුත්තේ මෙවන් යෝජනා මිස ජනතාව මත අධික බදු බරක්  පැටවීම නොවේ.

එහෙත් මතක තබා ගත යුතු කාරණයක් පවතී.ආසියාකරයේ සමාජ වන මියන්මාරය,ලාඕසය,තායිලන්තය මෙලෙස ක්‍රම මගින් විදේශ විනිමය සෙවීමට ගොස් අවසානයේ ලෝකයේ මත් ද්‍රව්‍ය ජාවාරමේ රං තිකෝණය බවට පත්ව තිබේ.එහෙයින් සෞඛ්‍ය අමාත්‍ය තුමණි කරන දෙයක් දැඩි නීති වලට යටත්ව පරිස්සමින් කළ යුතු වේ.අරමුණ හොද වුනත් ක්‍රියාවලිය දුර්දාන්ත වීම ලාංකේය ස්වභාවය බව සිහි තබා ගැනීම වටී.

ඉෂාර ලක්මිණ


Share on Google Plus