ගං වතුරෙන් අතුරුදන් වී 'Lanka DNA' සොයා ගත්, මහ ඇමතිට ජනතාවගෙන් කුණු බැනුම් : Video


අප විසින් 2016.05.22 දින "බස්නාහිර මහ ඇමති සහ හිටපු ජනාධිපතිනිය ගං වතුරෙන් අතුරුදන්" යන ශීර්ෂය ඔස්සේ පළ කරන ලද සටහනින් අනතුරුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කොළොන්නාව සහ කඩුවෙල මැතිවරණ කොට්ඨාශයන්හි ආපදාවන්ගෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ වැඩසටහන් සඳහා පැමිණිය ද ඔහුට ප්‍රදේශවාසී ජනතාවගෙන් දැඩි විරෝධතාවක් එල්ල විය.

ගංවතුරෙන් අවතැන් වූ දිනයේ සිට මෙතෙක් කල් තම පුද්ගලික ධනයෙන් සහ විවිධ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ සහයෙන් දිවි ගෙවූ බවත්, තමන්ට සහන සැලසීමට කිසිදු ජනතා නියෝජිතයෙකු නොපැමිණි බවත් පවසමින් හඬ නැගූ ප්‍රදේශවාසීන් චෝදනා කළේ දින ගණනාවක් ගත වූවායින් පසුව "බෝට්ටු සවාරියේ" පැමිණෙන ඇමතිවරුන් කරන්නේ තමන් ප්‍රවර්ධනය කර ගැනීමට උත්සහයක් බවට යි.

තව ද මෙරට ජාති බේදය ඇති කළේ ද දේශපාලනඥයින් බවට ද එම ජනතාව අමාත්‍යවරු ඉදිරිපිට හඬ නැගුවේ ය.

"දැන් එන්න ඕනෙ නෑ! අපි වින්දා දුක! ලැජ්ජා නැද්ද එන්න මෙතෙන්ට?" යනුවෙන් ද ඔවුන් අමාත්‍යවරු හමුවේ ප්‍රශ්ණ කළෝ ය.

ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතා සහ දෝෂදර්ශන මධ්‍යයේ අමාත්‍යවරුන් දෙපල ආපසු හැරී පිටව ගිය බව යි වාර්තා වන්නේ.



Share on Google Plus