ගැමුණු විජේරත්න මහතාණෙනි, සතුටුයිද දැන්?.....


මීට සුළු කාලයකට ඉහතදී, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ගරු සභාපති ගැමුණු විජේරත්න මහතා යම් සංඛ්‍යා ලේඛන වාර්තාවක් උපුටා දක්වමින් ප්‍රකාශ කළ සිටියේ වාර්ෂිකව 160,000 කට ආසන්න පෞද්ගලික බස් රථ මගීන් ප්‍රමාණයක් තම බස් රථ සේවා ලබා ගැනීමෙන් ඉවත්ව යන නිසා තමන් ඇතුලු තම සංගමයේ සාමාජිකයින්ට තව දුරටත් පෞද්ගලික බස් රථ කර්මාන්තය දියත් කරගෙන යාම ඉතාම අසීරු කාර්යයක් වන බවයි.''

පෞද්ගලික බස් රථ කර්මාන්තයෙන් බස් රථ මගී ජනතාව ඉවත් වීමට හේතු කීපයක් පවතී.පෞද්ගලික බස් රථ වල රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් තුළ බොහෝ අවස්ථාවලදී කිසිම විනයක් නැත.බස් රථ මගී ජනතාව ඔවුන්ගේ වහල්ලු ලෙස සිතා ක්‍රියා කරයි.ඉතුරු සල්ලි ඉල්ලූ විට ජනතාව මහ බැංකුව යයි සිතමින් බැන වදියි.මාර්ග අංක 176/168/119නුගේගොඩ/120/162 බස් රථ මාර්ගයන්හි පෞද්ගලික බස් රථ රියදුරන් බොහෝ  දෙනා සමහර අවස්ථාවන්හිදී බීමත්ව බස් රථ ධාවනය යෙදෙයි.

නමුත් ගැමුණු විජේරත්න මහතා ඒවා නොදන්නවා නොවේ.පෞද්ගලික බස් රථ සේවයට සාපේක්ෂව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සේවයේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් තරමක් ආචාරශීලීය.මේ නිසාම බොහෝ බස් රථ මගීන් ශ්‍රී ලංගම බස් රථ තම ප්‍රවාහනය සදහා තෝරා ගනී.බොහෝ අවස්ථාවලදී රාත්‍රී 9න් පසුව මහාමාර්ග වල ශ්‍රී ලංගම බස් රථ පමණක්ම ඇත.

ගැමුණු විජේරත්න මහතා තවත් අපූරු කතාවක් ප්‍රකාශ කර සිටියි.රජය විසින්  අලුතෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ ගෙන්වීම වහාම නැවැත්විය යුතුය ලෙස ඔහු තර්ජනාත්මක ප්‍රකාශයක් කර සිටියේය.නමුත්, එවැනි ප්‍රකාශයක් කිරීමට ගැමුණු විජේරත්න මහතාට අයිතියක් තිබේද?...

යම් ආදායම් ප්‍රමාණයක් ඇති බස් රථ මගී ජනතාව තම ආදායම් ප්‍රමාණයට සරිලන පරිදි යතුරු පැදියක්,ත්‍රී වීලර් රථයක්,කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් මිළදී ගෙන හෝ බස් රථ සේවා හිසරදයෙන් මිදීමට උත්සාහ දැරීම අසාධාරණද?

නමුත්,මහාමාර්ග තත්වය පිළිබදව විද්වතුන් ප්‍රකාශ කරන්නේ පසු ගිය වසර 3ක කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව දැවැන්ත රථ වාහන තදබදයක් වර්ධනය වන නිසා සුළු පරිමාණයේ රථ වාහන ආනයනය කිරීම වහාම සීමා කර ඒ වෙනුවට රටේ පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කළ යුතු බවයි.

නමුත්,ගැමුණු විජේරත්න මහතා එයට ඉඩක් ලබා නොදෙන බවක් පෙනී යයි.සියල්ල මේ ආකරයෙන් ගැමුණු විජේරත්න මහතාට වාසි ගෙන දෙන ලෙස විසදෙයිද?



"ආනයනික වාහන සඳහා නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදී ඇති අතර ඒ  අනුව වාහන මිල ගණන් ඉහළ යන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල වැඩි වීම සිදුවේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා විසින් මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කළේය.

ඒ අනූව නව ඒකක බද්ධ හඳුන්වාදීම හේතුවෙන්  නිෂ්පාදන බදු වෙනසකට භාජන වී ඇති බව හෙතෙම පැවසීය.

වාහනවල වටිනාකම සම්බන්ධයෙන් පැවැති විෂමතා සම්බන්ධයෙන් අගමැතිවරයා, මුදල් ඇමතිවරයා මෙන්ම සිය නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවලින් පසු නව ඒකක බද්ද හඳුන්වාදීමට පියවර ගත් බවත්, ඒ අනූව එය වෙළඳපොළ උඩු  යටිකුරු වීමක් ලෙස සැලකිය  හැකි බවත්, ඔහු කීවේය.

මේ යටතේ එංජින් ධාරිතාව 1000ට වැඩි සියලු වාහන මිල ඉහළ යනු ඇත.

එංජින් ධාරිතාව 1000  සිට 1500 දක්වා වාහන සඳහා අවම බද්ද රුපියල්  ලක්ෂ 30ක් පමණ වේ.

එංජින් ධාරිතාව 1500ත් 1600ත් අතර වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 3500ක බද්දක් ද  ධාරිතාව 1600ට වැඩි වාහන සඳහා ඒකකයක් වෙනුවෙන් රුපියල් 4000ක් ද බදු වශයෙන් අය කරන බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

විද්‍යුත් මෝටර් රථ වාහන මිල ඒකක බදු ක්‍රමය යටතේ අඩු වන අතර මුලින් පැවැති ලක්ෂ 29ක පමණ බද්ද නව ක්‍රමය යටතේ ලක්ෂ 17 හමාරක් පමණ වනු ඇත.

නමුත් පවතින මිලට වඩා එම වාහන වැඩි අගයක් විය හැකි බව සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කළේය.

මේ යටතේ ත්‍රීවිල රථයක බද්ධ රුපියල් ලක්ෂ 4 දක්වාද, පියර්ස් රථයක බද්ධ රුපියල් ලක්ෂ 33 සිට 72 දක්වාද, එක්සෙල් රථයක බද්ද රුපියල් ලක්ෂ හතලිස් ගණනේ සිට  72 දක්වාද වැඩිවිය හැකි බව හෙතෙම පැවසීය.

කෙසේ වුවද වෑන් හා ලොරි රථවලට නව බද්ද බලපෑමක් සිදුනොවනු ඇතැයි ද ඒ මහතා කීවේය.

තවද මරුටි, ඇල්ටෝ වැනි වාහනවල ලක්ෂ 8ක පැවැති ලක්ෂ 12ක් පමණ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මේ යටතේ ඉදිරියේදී ශ්‍රී ලංකාවට එංජින් ධාරිතාව 1000ට වැඩි වාහන ආනයනය නතර වනු ඇතැයි ද, එසේම ජපන් වාහනයක් ගැනීමේ හැකියාව අවම වනු ඇතැයිද  ඔහු පැවසීය.

රේගු ආදායමෙන් සියයට 40ක් ලැබෙන්නේ වාහන බදු වලින් බවද කියා සිටි ඒ මහතා ඒකක බදු ක්‍රමය හොඳ බවද මේ නිසා වාහන අලෙවි කරන සමාගම්වලට ස්ථාවර විය හැකි බවද  වැඩිදුරටත් කියා සිටියේය."


උපුටා ගැනීම-'සිංහල අද දෙරණ' වෙබ් පිටුවෙනි.

සටහන-ඉෂාර ලක්මිණ
























































Powered by Blogger.