දෙරණ සම්මාන නිසා ප‍්‍රසන්න ඇවිළෙයි.


සිව්වැනි වරටත් පැවැත්වුණ දෙරණ සම්මාන උළෙලින් පස්සෙ ඒ ගැන ටිකක් වැඩිපුර කතාබහ කරන්න පටන් අරන්.

ඒ, සමහර සම්මාන ලබා දීපු පදනම ගැන ප‍්‍රශ්න කරමින්. සමහරු ‘දෙරණ’ පැසසුමට ලක් කරන කොට තවත් සමහරු ඒ ගැන කතා කළේ ටිකක් විතර කලකිරීමෙන්. එහි දිගුවක් විදිහට ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ ප‍්‍රසන්න විතානගේත් ඒ ගැන අදහස් දැක්වීමක් කරලා තිබුණා. මේ තියෙන්නෙ ප‍්‍රසන්න කියපු ඒ කතාව

"මෙවර දෙරණ චිත‍්‍රපට සම්මාන උළෙලේ දී විදෙස් සම්භවයක් ඇති නිර්මාණකරුවන්ට, කාර්මික ශිල්පීන් ඇතුළු සියල්ලටම සම්මාන ලබා නොදීමට තීරණය කළා. මම ඒ ගැන ඒ තරම් දුරකට හිතුවෙ නැහැ. මොකද මම දැනගෙන හිටියෙ නෑ මේ නීතිය වලංගු මේ අවුරුද්දට විතරයි කියලා ප‍්‍රකාශ කළා කියලා. නමුත් මේ අවුරුද්දට විතරක් මේ සම්මාන ලබා දීම ප‍්‍රතික්ෂේප කරනවා නම් හුදෙක් එය මගේ ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත‍්‍රපටය ඉලක්ක කරගෙන ගත්තු තීරණයක් වෙන්නත් පුළුවන්.

කොහොම වුණත් මේ ප‍්‍රශ්නේ දෙපැත්තක් අපට පේනවා. කුඩා කර්මාන්තයක් විදිහට ලංකාවේ පැවැත්වෙන සිනමා කර්මාන්තය ආරක්ෂා කරන්නට දේශීය සිනමා ශිල්පීන්ට විතරක් සම්මාන දෙනවයි කියන තීරණය සංවිධායකයන්ට ගන්න පුළුවන්. නමුත් මීට පෙර විදේශීය අයට සම්මාන දීලා තියෙනවා. පූජා උමාශංකර් ලංකාවේ ඉපදුණත් එයාට ඉන්දියානු ගමන් බලපත‍්‍රයක් තියෙන්නෙ. නමුත් පූජාට සම්මාන දීලා තියෙනවා.

ඉතින් මම එයාලාගෙන් මෙහෙම ප‍්‍රශ්නයක් අහනවා. ”බොහොම ස්තුතියි. හොඳයි, දේශීය සිනමා කර්මාන්තය රැුකගන්න, ඒ අයට සම්මාන දෙන්න. ඒත් ඇයි ඔබ එහෙනම් ඉන්දියාවෙන් ජූරි සභාපතිවරයෙක් ගෙනාවේ. ඒකත් ලංකාවෙන් කරගන්න පුළුවන්නෙ” මම එහෙම ඇහුවොත් එයාලා මට මොන වගේ උත්තරයක් දේවිද? ඒකේ ලොකු ප‍්‍රතිරෝධයක් තියෙනවා. ඇත්තටම ඔය නාලිකාවෙ කොච්චර නම් ඉන්දීය චිත‍්‍රපට පෙන්නනවද?

මෙතන දි තව තර්කයක් ගේන්න පුළුවන්. ජැකලයින් ලංකාවෙනෙ. එයා ඉන්දියාවෙ සම්මානයකට නිර්දේශ වෙනකොට ඒක ඉන්දියාව ප‍්‍රශ්නයක් කරගන්නෙ නෑනෙ. ඔය දෙපැත්තම කතා කරද්දි අපට අහන්න සිද්ධ වෙනවා ලංකාවේ සිනමා උළෙලක ජූරියේ සභාපති ධුරයට සුදුසු කෙනෙක් ලංකාවෙ නැතිද කියලා. දැන් මේ තීරණයට අනුව ලබන වසරෙ දි හඳගමට මේ උළෙලට අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒක ප‍්‍රධාන චරිතය කරන්නෙ බෙංගාල නළුවෙක්. අද සිනමාව ගෝලීයකරණය වෙලා. ඒක ස්වාභාවිකයි. මට ප‍්‍රශ්නයක් තිබුණත් මම ඒක ප‍්‍රකාශ කරන්න ගියේ නැහැ. ඒක එයාලගෙම ප‍්‍රශ්නයක් නිසා අපි ඒක අපේ කරගත යුතු නැහැ.”

Powered by Blogger.