අගමැතිතුමාට යන්න වෙන්නෙත් ලියාපදිංචි නොකල වාහනයකලු!



2016.05.12 වන දින සවස 3.00ට එක්සත් ජාතික පක්ෂයේ 'සිරිකොත' මූලස්ථානයේ මාධ්‍ය ඒකකයේදී පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා,මුජිබර් රහමන් අදහස් දක්වනු ලැබුණි.එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සදහන් කළේ වැට් බද්ධ 4% කින් වැඩි කිරීමට සිදු වූයේ ආදරණීය අප්පච්චිගේ පවු ගෙවීමට සිදු වූ නිසා බවය.

1948 නිදහස ලබා ගත් දවස පටන් 2005වසර අවසානය දක්වා රජය ලබා ගත් මුළු ණය බිලියන 2,100කට වැඩි නොවන බවයි.එහෙත්,2005 වසරේ දෙසැම්බර් මස සිට 2015 ජනවාරි මාසය දක්වා එවකට පැවති රාජපක්ෂ පාලනය බිලියන8,500කට අධික ණය මුදලක් ලබා ගෙන ඒක පුද්ගල ණය ප්‍රමාණය 425,000කටත් අධික ප්‍රමාණයකට පත් කර ඇති බවයි.2015 වසරේ රජයේ මුළු ආදායම බිලියන  1,355ක් වනවිට වියදම බිලියන 2,290ක් බවට පත්ව පැවතුණි.එක්සත් ජාතික පක්ෂය කිසි විටකත් ජනතාව මත අධික ණය බරක් පටවා සතුටු නොවන බවත් තාවකාලිකව මනා ආර්ථික කළමනාකරණයක්  රට තුළ ඇති කිරීම වෙනුවෙන් මේ පියවර අකමැත්තෙන් ගත් බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂයේ මතය මෙහිදී පළ විය.එතුමාට පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලු 200ක් වුවත් ලබා දිය හැකි මුත් යුද්ධ හමුදා සොල්දාදුවන් කිසිම විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටවත් ලබා දිය නොහැකි බව වැඩි දුරටත් සදහන් කළේය.මාධ්‍යවේදීන් ප්‍රශ්න නැගීම් වාරයේදී මහ බැංකු අධිපතිවරයාගේ උගත්කම සහ අත්දැකීම් ගැනත්,යුද්ධ විජයග්‍රහණ සැමරුම ගැනත් ප්‍රශ්න නැගුණි.

මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර අත්දැකීම් සහ දශකයක මහ බැංකු සේවයේ අත්දැකීම් බහුල අයෙකු බවත් වෙන්දේසි ක්‍රමයට බැදුම්කර නිකුතුව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බවත් පසු ගිය රජය සමයේ මෙන් පුද්ගලික නිකුතු වර්තමාන රජය සිදු නොකරන බවත් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා වැඩි දුරටත් සදහන් කළේය.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සදහන් කළේ ජවිපෙ නායක අනුර කුමාර මහතා අගමැති කාර්යාලයට ගෙන්වන වාහන ගැන පවසමින් ජනතාව නොමග යවන බවයි.වර්තමානයේ අගමැතිතුමා භාවිතා කරන්නේ 2013 පොදු රාජ්‍ය මණඩලීය සමුළුවට ගෙනා අබලන් තත්වයේ පවතින රථයකි.තව රථයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දී තිබුණත එහි ලියාපදිංචියක්වත් නීත්‍යානුකූලව සිදු වී නැත.එයට පසු ගිය රජය වග කිව යුතු බවත් එවන් තත්වයක් තුළ අගමැතිතුමාගේ ආරක්ෂක අංශයේ ඉල්ලීම පරිදි බදු මුදල් මහා භාණඩාගරයට තැම්පත් වන ලෙස ඉන්ටර්නල් ට්‍රාන්ස්සැක්ෂන් ක්‍රමයට අදාල ගණුදෙනුව සිදු වන බව මන්ත්‍රීවරයා සදහන් කළේය.

මෙහිදී යුද්ධ විජයග්‍රහණ සැමරුමක් ගැන අදාල මන්ත්‍රීවරුන් දැනුවත්ව නොසිටි බවක් පෙනෙන්නට තිබුණි.

ඉෂාර ලක්මිණ

Powered by Blogger.