මෙවර වෙසක් මංගල්ලය අර්ථාන්විතව සැමරීමට නම්?


වෙසක් මංගල්ලය යනු,ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාම වැදගත් වන ආගමික සැමරුමකි.මෙය ආමිසයෙන් සහ ප්‍රතිපත්තිමය වශයෙන් සැමරිය හැකිය.එහෙත්,ගෞතම බුදුන් වහන්සේ වදාළ සැබෑ ධර්මයට අනූව ප්‍රතිපත්තිමය පූජාව වඩාත් උතුම් වන්නේය.මේ වන විට ශ්‍රී ලංකාව තුළ 2004 සුනාමි ව්‍යසනයට පමණක් දෙවනි වන තරමේ හදිසි ආපදා තත්වයක් සිදු වී ඇත.පුද්ගල මරණ 60 ආසන්න ගණනක් වාර්තා වේ.පුද්ගල අතුරුදන්වීම් 150ත් ඉක්මවා ඇත.අවතැන් වූ ජනගහනය 450,000ත් ඉක්මවා ඇත.මෙවන් තත්වයක් තුළ අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නා හිමියන්ද ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරමින් පැවසුවේ තොරණ,වෙසක්  කලාප,වෙසක් දන්සල් සංවිධානය කිරීමෙන් වැළකී එකතු වූ මුදල් ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර/ඇදුම්/බෙහෙත් වර්ග/පානීය ජල බෝතල් ලබා දීම වෙනුවෙන් යොදවන ලෙසයි.නියම බෞද්ධයෙකුගේ සැබෑ යුතුකම විය යුත්තේද එයයි.

නමුත්,ප්‍රදර්ශනකාමී කාමයන්ගෙන් යුක්තව පටු නාම ප්‍රයෝජන තකා යමෙකු තොරණ,වෙසක් කලාප,දන්සල් සංවිධානය කරමින් විනෝද වෙයි නම් ඒවා නැරඹීමට ගොස් වෙස් මුහුණු පැළද, නලා පිඹිමින් විකාරරූපී ලෙස හැසිරෙයිනම් ඔවුන්ට මීළග භවයේදී නිරය උරුම බව මතක් කර සිටිමි.

මේ වන විටත් බොහෝ තරුණ පිරිස් තම 'මුහුණු පොත්' වල සදහන් කර තිබෙන සටහන් මගින් යම් සාධනීය තත්වයක් බලාපොරොත්තු විය හැක...මෙවර වෙසක් මංගල්ලය තුළින් සැබෑ ලෙසම බෞද්ධයින් වන්නේ කවුරුන්දැයි හදුනා ගැනීමට හැකි වනු ඇත.ආණ්ඩුවද රාජ්‍ය වෙසක් කලාපය නවතා දමා එම මුදලින් ආපදාවලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වටී...


ඉෂාර ලක්මිණ























































Powered by Blogger.