ගං වතුරෙන් අතුරුදන් වූ මහ ඇමති 'ලංකා ඩී.එන්.ඒ.' විසින් සොයා ගනී.නමුත්,හිටපු ජනපතිනිය චන්ද්‍රිකා තවමත් අතුරුදන්...


අප විසින් 2016.05.22 දින "බස්නාහිර මහ ඇමති සහ හිටපු ජනාධිපතිනිය ගං වතුරෙන් අතුරුදන්" යන ශීර්ෂය ඔස්සේ පළ කරන ලද සටහනින් අනතුරුව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කොළොන්නාව සහ කඩුවෙල මැතිවරණ කොට්ඨාශයන්හි ආපදාවන්ගෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ වැඩසටහන් වල නිරත විය.එහිදී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා තමන්ගෙන් සිදු විය යුතු යුතුකම් ඉටු කිරීමට කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම ගැන අපගේ ප්‍රශංසාව හිමි වේ.



නමුත්,හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය මේ වන තෙක්ම රටේ පවතින අයහපත් කාළගුණික තත්වයෙන් පීඩාවට පත්  ජනතාව වෙනුවෙන් වතුර බෝතලයකින්වත් උපකාර කොට නොමැති බව අපට වාර්තා වී තිබේ.හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග යනු, විශාල ජාත්‍යන්තර සම්බන්ධතා ප්‍රමාණයක් ඇති තැනැත්තියකි.නමුත් මේ වන තෙක් ආපදාවන්ගෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් එම ජාත්‍යන්තර සම්බන්ධතාවන් ඇය විසින් උපයෝගී කරගන්නා ආකාරයක් පෙනෙන්නටද නැත.

ඇය ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගිය පසුව ශ්‍රී ලංකාවේ දේශපාලනයට කිසිදු ආකාරයක බලපෑමක් නොකර සිටියානම් මේ මොහොතේදී ඇය සුවිශේෂී චරිතයක් නොවන්නට ඉඩක් තිබුණි.එහෙත්,ඇය 2015 ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ තැනැත්තියක ලෙස මේ ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය වීමට අවංක වගකීමක් සහ යුතුකමක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණඩාරනායක කුමාරණතුංග මහත්මිය සතු වේ.ඒ වගකීම සහ යුතුකම ගැන ජනමාධ්‍යක් ලෙස අපට ඇය වෙත මතක් කර  දෙන්නට සිදු වීම ඉතාම කණගාටුදායකය.

එමෙන්ම මූලිකවම කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි නවක මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් ශ්‍රී ලංකාවේ ජනතාව බලාපොරොත්තු වන ආකාරයේ සහායක් විශාල වශයෙන් මේ වන තෙක් කොළොන්නාව ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට ලැබී නැත.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය/පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්/ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල/ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ/ අමාත්‍ය ෆයිසර් මුස්තාපා/ අමාත්‍ය සුජීව සේනසිංහ/ අමාත්‍ය රවී කරුණානායක ආදී බොහෝ දේශපාලන නායකයින් මේ වන විටත් කොළොන්නාව,කඩුවෙල ආසන වල පීඩාවට පත් ජනතාවට සහන සැලසීම් වල නිරතව සිටී.

දෙරණ,හිරු,ජාතික රූපවාහිනිය,ලේක් හවුස්,ස්වාධීන රූපවාහිනී සේවය,සිරස,ස්වර්ණවාහිනී යන සහෝදර මාධ්‍ය නාළිකාවන්ද ආපදාවන්ගෙන් පීඩාවට පත් ජනතාව තනි නොකර ඔවුන්ට සහන සේවා සපයමින් සිටීම ප්‍රශංසාවට හේතු වන කරුණකි.

රාජ්‍ය ආයතන ගණනාවක්ද,විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් ගණනාවක්ද මේ වන විටත් නිවාස පිරිසිදු කිරීම් වලට සහාය දක්වමින් සිටී.

වැල්ලම්පිටිය ප්‍රදේශය පිළිබදව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ජන වාර්ගික ගැටලු ඇති කිරීමට මේ මොහොතේ උත්සාහ ගන්නා යම් සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු! 

ගං වතුරට ජාති භේද/ආගම් වාද/උස් පහත් සමාජ භේද නැත...කැලණි ගංගා ඉස්මත්තේ කුඩා පැල්පතේ සිට මාළඹේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයන් දක්වා සෑම දෙනාම ආපදා වන්ගෙන් පීඩාවට පත් වූහ.නැවත ජීවිත සියල්ලෝම මුල් අඩිතාලමේ සිට ආරම්භ කළ යුතුව ඇත..."එක්ව නැගී සිටිමු"

ඉෂාර ලක්මිණ


Share on Google Plus