යහපාලනය සැපද?.......


 2015 ජනවාරි 8 වන දින  පැවති ජනාධිපතිවරණයේදී වසර 9ක් පුරා පැවති මහින්ද රාජපක්ෂ පාලනය බිද දැමීමට උත්සාහ දැරූ බොහෝ දෙනෙක්ගෙන් මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් පිරිස් අසන ප්‍රශ්නයකි මේ...

ඇත්තටම යහපාලනය සනීපද? මේ පිළිබදව කතාබහකට සමාජය මුල පුරා ඇති මොහොතක ඒ ගැන සංවාද මණ්ඩපයක් ප්‍රධාන නගර සිසාරා පැවැත්වීමට 'පුරවැසි බලය' සංවිධානය පියවර ගෙන තිබේ.මෙහි පළමු අදියර පසු ගිය  14 වැනි දින අනුරාධපුරයෙන් ආරම්භ විය.

'යහපාලනය සනීපද' සාකච්ඡා මණ්ඩපයට සහභාගි වී විවෘත අදහස් දැක්වීමට ඔබටත් අවස්ථාවක් මේ සදහා (පිලිප් දිසානායක මහතා - 0777749740) අමතන්න...

මේ වන විට ප්‍රබල කැබිනට් අමාත්‍ය වරයෙක් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක්ද යහපාලන ආණ්ඩුවේ අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස් වීමට කල් යල් බලා සිටින බව වාර්තා වේ.මෙය යහපාලන ආණ්ඩුවේ අර්බුදයක්ද? නැතහොත් අදාළ අමාත්‍යවරුන් හට ලැබුණු වරප්‍රසාද වල මදි පුංචි කමක්ද යන්න තීරණය කිරීමට තවමත් ඉක්මන් වැඩිය.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජය ගත්තේ කිසියම් නිශ්චිත දේශපාලන පක්ෂයක අති බහුතර ඡන්දයෙන් නොවේ.ඔහුට ජවය දුන්නේ 'සාධාරණ සමාජයක් සදහා වන ජනතා ව්‍යාපාරය' සහ 'පුරවැසි බලය' යන සිවිල් සංවිධානයන්හි ක්‍රියාකාරීත්වයයි.

නමුත්,ජනාධිපතිවරණය ජය ගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දිගින් දිගටම තම අපක්ෂපාතීත්වය තබා ගනිමින් කටයුතු නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය බලෙන්ම වාගේ ලබා ගෙන මහා වරදක් සිදු කර ගත්තේය.දැන් ඔහුට චෝදනා ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන් හට තනතුරු දෙමින් ඔවුන්ට යටත්ව කටයුතු කිරීමට සිදුව ඇත.

දැන් ඉතින් ඇත්තටම යහපාලනය සනීපද? සිවිල් සංවිධාන එයට පිළිතුරු බැදීමට සමත් වෙයිද?.........

ඉෂාර ලක්මිණ



 

 
Powered by Blogger.