ආණ්ඩු පක්ෂයේ උදවියට 8 වෙනිදා අනිවාර්යයි!


මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේදී 8 වෙනිදින (බදාදා) විවාදයට ගැනීමට නියමිතය.
හදිසි ඡන්ද විමසීමකට යාමට සිදු වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බැවින් වර්තමාන යහපාලන ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ඇතුලු අනෙකුත් සුළු පක්ෂ වල සියලුම අමාත්‍ය වරුන්ට මෙන්ම යහපාලන ආණ්ඩුවට සහාය දක්වන සියලු මන්ත්‍රීවරුන්ට එළබෙන 8 වන දින පාර්ලිමෙන්තු සභා ගර්භයට පැමිණීම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් අනිවාර්යය කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.
හෙට දිනයේදී ආණ්ඩුව නියෝජනය කරන සියලු ඇමතිවරුන්ගේ හමුවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.සවස් වරුවේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමෙන්තු අමාත්‍ය වරුන් සහ මන්ත්‍රීවරුන්ගේ හමුවක්ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂය විසින්ද තිරය පිටුපස විශේෂ වැඩ පිළිවෙලක් මේ වෙනුවෙන් දියත් කරමින් සිටින අතර ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සංධානය මෙතෙක් තම මතය මාධ්‍යට හෙළිදරවු කර නැත...
වර්තමාන යහපාලන ආණ්ඩුව ජනතා අපකීර්තියට පත් වීමේදී ප්‍රබලම චෝදනාව එල්ල වන්නේ මුදල් අමාත්‍යාංශය සම්බන්ධව කටයුතු ගැනයි.මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට සමාජයෙන්ද විද්වතුන්ගෙන්ද ප්‍රබල ලෙස විවේචන එල්ල වන වාතාවරණයක මෙලෙස එතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් විය...
ඉෂාර ලක්මිණ

Powered by Blogger.