සන්නස්ගලට ඉරිසියා හිතිලා බං.


-උපුල් ශාන්ත සන්නස්ගල

ප්‍රියන්ත කොළඹ ගේ සහ චමින්ද ගමගේ අත් පහුරක් වී නිර් මාණය කළ ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය නැරඹීමි. ආදරය සහ ඒ ආශ‍්‍රිතව ගොඩනැෙ`ගන පේ‍්‍රමය, ඊර්ෂ්‍යාව, තණ්හාව, අත්පත් කරගැනීම, විරහව සහ වේදනාව ෆැන්ටසියක් කරගත් මිය යන සිහිනයක් නැවත නැවතත් උද්පාද කරගැනීමේ මනෝරාජික උත්සාහයක නියැළෙමින් සිටින නිසා ම චිත‍්‍රපටය නරඹා නිර්මාණය කෙරෙහි මහත් ආස්වාදනීය තණ්හාවකින් ද ඉරිසියාවකින් ද පෙළෙන්නට වීමි. ඉරිසියාව සහ කුහකකම යනු එකක් නො ව දෙකකි. ඉරිසියාවේ පදනම ආසාව සහ අත්පත් කරගැනීමේ තණ්හාව විසින් ඇති කරනු ලබන නො හැකියාවේ පීඩනයයි. කුහකකම යනු එකී නො හැකියාව නිසා ම නිර්මාණයට එරෙහිව කුඩුකේඩුකම්, පරිභව සහ කළ හැකි උපරිමයෙන් එයට පහර දී නිර්මාණය කුඩුපට්ටම් කොට තමන්ට අත්පත් කරගත නො හැකි ආසාව දුෂ්ට ලෙස විනාශ කිරීමයි. ලාංකේය විචාර කලාව ඉතිහාසය පුරා බහුල වශයෙන් කුහකකම ප‍්‍රකාශ කළ බව නිර්මාණකරුවන් ද පේ‍්‍රක්ෂකාගාරය ද දන්නා කුප‍්‍රකට සත්‍යයකි. මම නිර්මාණ කෙරෙහි ඉරිසියාවෙන් පෙළෙන් නෙක්මි. එහෙයින් ම අනුන්ගේ පතපොතින් උධෘත උදුරා උපුටා නො ගෙන චිත‍්‍රපටය සම්බන්ධව මගේ අදහස ලියමි.

ආදරණීය වස්සානය චිත‍්‍රපටය ඇතුළු පේ‍්‍රම කතා නහුතයක් මවිසින් සමාජගත කළේ සමාජය වෙනුවෙන් කලාව කිරීමේ දේශපාලන අර්ථයෙන් නො ව මාගේ සිත ඇතුළේ තෙරපෙන ආසාව මෝචනය කිරීමේ අතිශය පෞද්ගලික උත්සාහයක් වශයෙනි. අදත් මා කරන්නේ මාගේ සිතේ උපදින සියලූ රෝමාන්තික භාවමය හැ`ගීම් නමැති ෆැන්ටසිය මුදා හැරීමයි. එයමට නො ගැළපෙන පිස්සු අදහසක් යැයි සමාජයෙන් චෝදනා ලබද්දී ඇතැම් තැනක එකා දෙන්නා හෝ මාගේ ආදර කලාව ශෙයා කරගන්නා හෙයින් අප අතර පමණක් වුව ද එය බෙදාහදා ගැනීමේ සතුට උපදවා ගනිමි. කලාවේ හෝ ජීවිතයේ එකී තාවකාලික රියැලිටි අවස්ථාව අත්වි`දිනවා හැර එය මහා පිපුරුමක්කොට විනාශ කිරීමේ උවමනාවක් මගේ ෆැන්ටසිය තුළ ගොඩනැෙ`ගන්නේ නැත. අමරදේව උත්කර්ෂයෙන් වර්ණනා කිරීමෙන් එම්. එස්. ප‍්‍රනාන්දු විනාශ කිරීමේ ක‍්‍රියාවලියට ද, මාර්ටින් වික‍්‍රමසිංහ විෂය නිර්දේශයට ඇතුළු කිරීමෙන් කරුණාසේන ජයලත් ඝාතනය කිරීමේ ක‍්‍රියාවලියට ද, ලෙස්ටර් ජේම්ස් පීරිස් මුදුන් මල්කඩ කිරීමෙන් යසපාලිත නානායක්කාර වළ දැමීමේ ක‍්‍රමවේදයට ද, එදිරිවීර සරච්චන්ද්‍ර ඇකඩමියාව කොට දයානන්ද ගුණවර්ධන මොන්ගෝලි යානු කිරීමෙන්ද, කුහක විචාරක ක‍්‍රියාවලිය ශාස්ත‍්‍රීය ආයුධ පාවිච්චි කළ බව ඇත්තකි. ගුරුකුලවාදීන් සහ කලාකාර පුද්ගල චරිත ආගමික නායකය ප‍්‍රතිරූප සේ අදහන කිසිවෙකු අමරදේවට, ලෙස්ටර්ට, සරච්චන්ද්‍රට, වික‍්‍රමසිංහට ගර්හා අපහාස කළා යැයි ජිප්සීස් සුනිල්ට පහරදීමට භාවිත කරන මොට ආයුධ අපට එරෙහිව ඔසවන්නට එපා යැයි කිවයුතු ය. එයට හේතුව එකී සියල්ලන් ම ගෞරවයට ද බහුමානයට ද අප සිත් තුළ නිරන්තරව පාත‍්‍රව සිටින හෙයිනි.

‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය බලා එය මගේ ෆැන්ටසි ලෝකයේ දෙපැයක රියැලිටියක් කරගත් මා ඒ විසල් රූප රාමු සියල්ල සම`ග සිහින යථාර්ථයක ජීවත් වූ බව ඇත්තකි. ඒ ස`දහා මට බාහිර කිසිදු විචාරක මතිභ‍්‍රමයක් බලපෑම් කළේ නැත. එයට හේතුව ලංකාවේ තිස් පස් වසරක් තිස්සේ විචාරක සම්මන්ත‍්‍රණ, කතිකා, සංවාද සහ පතපොතින් උගත් දේ කිසිවක් චිත‍්‍රපටය බලන මොහොතේ මගේ සිතේ, ශරීරයේ පාට් එකක් නො වූ බැවිනි. මා ඒ සියල්ල භාවිත කරන්නේ අවශ්‍ය ඇණය ගලවාගැනීමේ ටූල් එකක් වශයෙන් මිස ශරීරයේ පාට් එකක් වශයෙන් නො වන බැවිනි. හැත්තෑව දශකයේ අග සිට අසූව දශකයේ අග දක්වා ලංකාවේ කොළඹ කේන්ද්‍රීය සංවාදවලින් අපට ඉගැන්වූයේ මාක්ස්වාදයෙන් තොරව කලාව, සාහිත්‍යය, සිනමාව රසවි`දිය නො හැකි බවකි. සුචරිත ගම්ලත්, පියසීලි විජයගුනසිංහ, කීර්ති බාලසූරිය, කාලෝ ෆොන්සේකා, නලින් ද සිල්වා ඇතුළු බොහෝ විචාරකයෝ කුඩා අප අ`ගුටුමිට්ටන් කරමින් ඩයිනෝසිරස් යෝධයන් සේ අපෝහක භෞතිකවාදය අප හිස් මත හෙළුෑහ. මාක්ස්, එංගල්ස්, ලෙනින් ආදීන්ගේ පොත්පත් කොමියුනිස්ට් පක්ෂයෙන් ලාබෙට මිල දී ගෙන කොටේෂන් හයිලයිට් කරකර අපි වාද කළෙමු. එනිසා බොහෝ දෙනාගේ ආදරය, පේ‍්‍රමය සහ ඒ ආශ‍්‍රිත මනුෂ්‍ය ආසා අපෝහක භෞතිකවාදය තුළ දිය වී ගියේ ය. කවියක ද කෙටි කතාවක ද නවකතාවක ද මූර්තියක ද පෙම්වතියගේ මුහුණේ ද ඇස්වල ද හදවතේ ද දෙතොල්වල ද භෞතික පදාර්ථ සෙවීමට තරම් අපි අන්තවාදී වීමු. ඉනික්බිති ව පශ්චාත් මාක්ස්වාදය ඔළුව කරකුට්ටන් කළ විට ආදරය ම`ග හැරී ගොස් බොහෝ කලක් ගත විය. අපි අතරමං වීමු. ඉනික්බිතිව දේශපේ‍්‍රමය, රට, සංස්කෘතිය, සදාචාරය, දේශීය පුරුෂාර්ථ, ලාංකේය අනන්‍යතාව යනාදිය තැන් තැන්වල විචාරක කතිකාවන් හි පත්පොත් හි පැළවෙන්නට පටන් ගත්තේ ය. මාක්ස්වාදය ඇතුළේ දේශපේ‍්‍රමය පැටව් ගසන විට උතුරට වෛර කිරීම දකුණේ මිනිසා තුළක්ෂණිකව පෝෂණය විය. අනෙකා ‘ආදරය’ ‘වෛරයේ’ වෛරසය කරගත් විට තිස් අවුරුදු යුද්ධයෙන් විසිපස් වසක් ගෙවී අවසන් ය. නූතන පශ්චාත්වාදය අලූත් විෂයක් ලෙස අලූත් භාෂාවක් රැුගෙන ආවේ ය. ඔවුහු සියලූ මනුෂ්‍යයන්ගේ පෞද්ගලි කත්වය සහ අතිශය මානුෂීය හැ`ගීම් සියල්ල සුන්නද්දූලි කළෝ ය. ඔවුහු ද කුඩුපට්ටම් වූහ. අනුන්ගේ ගස්වලින්, බටහිර වතුවලින්, තමන් නො දන්නා සංස්කෘතියක් ඇති රටවලින්, තමන් කිසිදා පංචේන්ද්‍රියන්ට අත් නො වි`දි වනාන්තරවලින්, කඩාගත් බෝම්බ ගෙඩිවලින් ඔවුහු කලාවට සහ කලාකරුවන්ට පහර දුන්හ. දැන් ලැකාන්ගෙන් තොරව ජිජැක්ගෙන් තොරව කලාව කියවිය නො හැකිය. රස වි`දිය නො හැකිය. ඒ අස්සේ බෞද්ධ භික්ෂූහු ද ටීවී එකේ බණ කියන ලස්සන හාමුදුරුවෝ ද කලා විචාරයට පිවිසුණාහ. සිනමා ශාලාවට ගොස් මහින්දාගමනය බලා නිවන් පතා ඔවුහු සාදු සාදු කීහ. දෙහිවල ‘වොලීස් නාට්‍යය’ තරම් වත් ලස්සනක් නැති තොරන්, වෙසක් කූඩු, බෞද්ධ චිත‍්‍රපට සහ යුද වින්දන කොමඩි, සිනමා ශාලා පුරවන්නට විය. මේ සියලූ අලකලංචි අස්සේ ආදර සිනමාව අතරමං විය. අපට ආදරය ම`ගහැරිණි. ආදරය අත්වි`දිනවා වෙනුවට තේරුම්ගැනීමට ඔවුහු උත්සාහ කළහ. පේ‍්‍රමය හෝ ආදරය අත්වි`දින භාව සංකල්පයක් මිස තේරුම් ගතහැකි යථාර්ථ සංසිද්ධියක් නො වන්නේම ය. සියලූ අලකලංචි වලින් ඉනික්බිති ව පේ‍්‍රමණීය සිනමාව මෙන් ම රටට පේ‍්‍රමය ද අහිමි විය.

අංජානා, සකුන්තලා, තුෂාරා, කවුද රජා, ආදරය හිතෙනවා දැක්කම, යනාදී නහුතයක් ලස්සන රූප තිබූ ලස්සන චිත‍්‍රපට ම`ගහැරී ගියේ එසේ ය. අප කුඩා කාලයේ පළමුව ඞීමන් ආනන්ද කියවා ක‍්‍රමිකව කුමාර කරුණාරත්න, කරුණාසේන ජයලත්, ඩබ්ලිව්. ඒ. සිල්වා, මාර්ටින් වික‍්‍රමසිංහ වි`දීමෙන් ඉනික්බිතිව වයසත් වින්දනයත් අද්දැකීමත් වෙනස්වන තාලයට කියවීම ද වි`දීම ද වෙනස් කරගත් බව ඇත්තකි. චිත‍්‍ර කතා කියවා, විනෝද සිනමාව නරඹා, ශුද්ධ සිනමාව රස වි`දි බව ඇත්තකි. අමරදේව රස වි`දීමටත් සරච්චන්ද්‍ර වින්දනය කිරීමටත් මාකේස්ගේ පොතක් කියවීමටත් හැකි අපට නිහාල් නෙල්සන්ගේ ගීත, පාටියේ දී කීමට හැකි බවත් ටි‍්‍රප් එකක් යනවිට ජෝතිපාලගේ සින්දු මරාගෙන කන බවත්, එළිමහන් ප‍්‍රසංගයේ දී ජිප්සීස් සුනිල් එක්ක පිස්සු කෙළිමින් නටන බවත්,හින්දි ගීත ද බටහිර ගීත ද රොක් ගීත ද හයිමෙට්ල් මියුසික් ද ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙසෙල් ගෙඩි මෙන් අවස්ථාවට ‘ටූල් එකක්’ ලෙස යොදා ගන්නා බව කීමට ලැජ්ජා සිතෙන්නේ නැත. සක්කාරං ද පත්තිනි ද ඇගේ ඇස අග ද නැරඹූ අපට ආදරණීය කතාවක් නරඹා අපමණ වින්දනයක් ලැබූ බව කීමට ද ලැජ්ජා සිතෙන්නේ නැත. කුරුල්ලා ගීත කියන්නේ නම්, එය ලස්සන නම්, ඌ මොන ගුරුකුලේ දැයි අපට ප‍්‍රශ්නයක් නැත. ඇත්තේ සිනමාවට ආදරය කැ`දවාගෙන ඒමට අප කළ උත්සාහයන් අසාර්ථක වීම නිසා හටගත් පට්ට ඉරිසියාවක් පමණි.

චිත‍්‍රපට, චිත‍්‍රපට සංස්ථාවට නො ව කර්මාන්ත අමාත්‍යංශයට අයිති විය යුතු විසල් ව්‍යාපාරයක් බව ලංකාව අමතක කළේ ය. පට්ට ආසාවකින් චිත‍්‍රපට කිහිපයක් කළ අප බංකොලොත් කළේ ද ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තයක් නො මැති අවාසනාවන්ත සංස්ථා කි‍්‍රයාවලිය සහ කුහක විචාරක අතළොස්ස විසිනි. ප‍්‍රංශයෙන් ‘කාන් සම්මානය’ ගෙනාවොත් සිය දිවි නසා ගන්නා තරම් දිවුරා විචාර ලියූ ඇතැම්හු, විමුක්ති සම්මානය ගෙනා විට මුක පූට්ටු කරගත්හ. ‘අක්ෂරය’ නිෂ්පාදනය කළ විට කැලෑ පත්තර ගැසූහ. මේ නිසා ලංකාවේ චිත‍්‍රපට නිෂ්පාදනය අතහැර ගිය සිනමාවට ආදරය කළ නිෂ්පාදකයෝ සිය දිවි නසාගත්හ.

කුඩා කල සිට බොහෝ දෙනා සිනමාවට ආදරය කළේ අ`දුරු සිනමා ශාලාවේ විශාල කැඩපතක අප කුරුමිට්ටන්ව සිටිය දී ලස්සන යෝධ රූප අප අමන්දානන්දයට පත් කළ නිසා ය. ගෙදර යුනික් රේඩියෝවෙන් අසන සින්දුවට වඩා සිනමා ශාලාවේ පෙම් යුවළ ආලිංගනය කරමින් ගයන ගීත අප අමන්දානන්දයට පත්කොට ගැටවර ශරීර රෝමෝද්ග‍්‍රහණය කළ නිසා ය. හේනේ පැලේ සිටිය දී ජන කවි කියනවා වෙනුවට අප කීවේ තුෂාරා චිත‍්‍රපටයේ සින්දු ය. නියර දිගේ පොපියන යෞවනය කිඹුලා උදැල්ල කරේ තියාගෙන කුඹුරට යන විට තුත්තිරි ගැලෙව්වේ විජය කුමාරතුංග වාගේ හැඩයට ඇවිද ගොස් කක්කුටු ඉරියව්වෙන් ය. අප සිහිනෙන් දුටුවේ ගමේ පෙම්වතිය නො ව මාලිනීගේ ගීතාගේ ස්වර්ණාගේ විශාල කැඩපත් මුහුණු ය. ඒ සියල්ල ඊළ`ග පරම්පරාවට අහිමි විය. ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය එකී සියල්ල නැවත කැ`දවීමක් නො ව, පෙරළා දැමිය නො හැකි විශාල තාප්පයක ගඩොලක් දෙකක් ගැලවීමට ගත් මහ`ගු උත්සාහයකි. මේ ඉරිසියා සහගත ලියවිල්ල ඒ උත්සාහයට මල් කළඹක් වනු පිණිස ය.

‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය 2013 දී ප‍්‍රදර්ශනය වූ ආශිකි – 02 චිත‍්‍රපටයේ කොපියක් බව තව නොබෝ දිනකින් මුහුණු පොතේ ඕපාදූපකරුවන් ලියනු නිසැක ය. ප‍්‍රියන්ත කොළඹගේ මෝහිට් සූරි අනුගමනය කළ බවත්, ආදිත්‍ය රෝයි කපූර් සම`ග හැරෙන්නටවත් හේමාල් රණසිංහට නො හැකි බවත්, ශ‍්‍රද්ධා කපූර්ගේ ළ`ගින් යන්නටවත් අරුණි රාජපක්ෂට හෝ උදාරි වර්ණකුලසූරියට නො හැකි බවත්, විචාරකයන් කුහක පට්ට ගැසීම කරනු නිසැක ය. ස්මාට් ෆෝනයක් ළ`ග ඇති බොහෝ කෙල්ලන් කොල්ලන්ආශිකි – 02 චිත‍්‍රපටයේ ගීත රෑ සිහිනෙන් පවා ඇසූ බව ඇත්තකි. ආශිකි චිත‍්‍රපටයේ තාක්ෂණික සහ රංගන ආකර්ෂණයට කිට්ටු කිරීමට වත් ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයට නො හැකි බවත් ඇත්තකි. එහෙත් මා වඩා කැමති අවකාශගත වී ඇති ඉන්දියානු නිළියක් සිහිනයෙන් සිඹින්නට නො ව මගේ පිස්සුම අදහස් සම`ග ආදරය ශෙයා කරගන්නා මගේ ෆැන්ටසි පෙම්වතිය මා ළ`ග රියැලිටියක් වනවාට ය. ‘ආදරණීය කතාවක්’ ආශිකි – 02 කොපියක් නම්, ආශිකි – 02 ‘අභිමාන්’ චිත‍්‍රපටයේ කොපියක් බවත් ලිවිය යුතුම ය. අරූ කොපි කළා, මූ කොපි කළා යන්න මේ මොහොතේ නිර්මාණ කරුවන්ගේ රෙද්ද උස්සා කුහකකමට ස්ත‍්‍රී නිමිත්තත් අනෙකාට පුරුෂ නිමිත්තත් පෙන්වීමේ ජරාජීර්ණ ගෝත‍්‍රිකමේ එක් තීරුවක් නිරූපණය කරන්නකි.

පනස් වසරක පමණ කලා ඉතිහාසයේ බොහෝ නිර්මාණ සමාප්ත කළේ නගරයෙන් ගමට නිෂ්ක‍්‍රීය චරිතය ඇදගෙන ගොස් වනගත කිරීමෙනි. කාලයකට පසුව වනාන්තරයෙන් එළියට ශිෂ්ට නගරයට පිවිස ගනුදෙනු කරන තරුණ පරම්පරාවක් ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටය තුළ දෘෂ්ටිවාදී නිරූපණයක යෙදේ. ශිෂ්ට නගරය අතහැර ගෝත‍්‍රික ගම පුරුෂාර්ථ සංකේතය සේ සලකා ගම්වැද්දීම වෙනුවට, ගමේ පෙකණිවැල කපා කොළඹටත්, කොළඹින් ජාත්‍යන්තරයටත් යන සංගීතකාමී තරුණිය සහ එයට ශක්තිය සපයන යෞවනයන් දෙදෙනා ගන්නා දෘෂ්ටිවාදී ආස්ථානය ‘ආදරණීය කතාවක්’ චිත‍්‍රපටයේ ප‍්‍රශස්ත කියවීමට පිටිවහලකි. චිත‍්‍රපටයේ රුවන් කොස්තා කැමරාකරණයේ දී විසල් රූප අඩු තාක්ෂණික පහසුකම් යටතේ විශාල මනස් රූප ලෙස කාචගත කිරීම ප‍්‍රශස්තය. හේමාල් රණසිංහ නළු තරුවක් වීමේ සුබ ලකුණු පෙන්වන අතර සහාය නළුවා බිමල් ජයකොඩි බොහෝ අවස්ථාවල විශිෂ්ට චරිතාංග නළුවෙකු සේ හේමාල් ඉක්මවමින් රංග ප‍්‍රතිභාව පෙන්වන බව ඇත්තකි. උදාරි නිරූපණය කරන චරිතයට හාත්පසින් ම ප‍්‍රතිපක්ෂ රූපණය අරුණි රාජපක්ෂගේ ය. උදාරි ප‍්‍රධාන නිළිය වුවත් අරුණිගේ රංගනය උදාරිට වඩා බොහෝ ඉදිරියෙන් ය. චිත‍්‍රපටයේ රේඛීය සප්තස්වරය ගොඩන`ගන උදාර සමරවීර ජනප‍්‍රිය චිත‍්‍රපටයේ අපගේ සංගීත වීරයා වූ සරත් දසනායක නොවුණත් තරුණ සංගීතඥ උදාර දුරගමනකට හෙමින් පියවර තබන බව පෙනේ. ඉදිරි දෙවසර තුළ ප‍්‍රදර්ශනයට නියමිත බොහෝ දේශීය චිත‍්‍රපට දැනටමත් මා ඇතුළු බොහෝ දෙනා නරඹා ඇති බව ඇත්තකි. එනිසා ම සිනමා කර්මාන්තය වළපල්ලට දැමීමට කුමන කුප‍්‍රකට කුමන්ත‍්‍රණ තිබුණත් අතිශය නිර්මාණශීලී ඊළ`ග පරම්පරාව ‘ගේම’ අත්හරින්නේ නැත. විසල් සිනමා රූප සහිත ආදර සිනමාවක් පිළිබ`දව සිහින මවන්නන් බෝසේ වර්ධන වන බව, අංකුර සේ ලියැලෙමින් පවතින බව සත්‍යයකි. කොළඹගේ ගේ චිත‍්‍රපටයෙන් අලූත් අලූත් චිත‍්‍රපට අප හමුවේ තැබීමට ඔවුනට ශක්තිය සපයන්නක් බව ඇත්තකි.

මේ සියල්ල මා තුළ ගොඩන`ගන්නේ මියගිය සිහිනයකි. මේ චිත‍්‍රපටයේ නළු නිළියන් ඇතුළු බොහෝ අය මා ගුරුවරයෙකු ලෙස වේදිකාවේ සිටියදී මගේ පන්ති කාමරයේ සිටි කුඩා ඇච්ච බැච්ච කොල්ලො කෙල්ලෝ ය. අරුණි ද හේමාල් ද පන්ති කාමරයේ ලෑලි බංකුවේ සිටියා මට මතක ය. ඒ කුරුමිටි කොල්ලන් කෙල්ලන් ඉදිරියේ වේදිකාවේ සිටි මා ඔවුනට මහා පෞරුෂයක් සේ පෙනෙන්නට ඇත. කොළඹ රීගල් සිනමා ශාලාවේ දී මේ ඇච්ච බැච්ච කොල්ලන් කෙල්ලන් මහා යෝධ තරු ලෙස සිනමා කැඩපතේ ර`ගද්දී මම කුරුමිට්ටෙකු සේ බලා සිටියෙමි. ‘ආදරණීය වස්සානය’ චිත‍්‍රපටය ප‍්‍රියන්ත කොළඹගේ ලවා එදවස අධ්‍යක්ෂණය කරවීමට පුළුවන්කම තිබුණේ නම්, මේ විචාරය ලිවීමේ ඉරිසියාව මා තුළ හටගන්නේ නැත. එසේ නම් මා මේ විචාරය ලියන්නේ ද නැත. මට කීමට ඇත්තේ මෙපමණකි.


ඉරිසියයි බං.

-Ravaya.lk


Share on Google Plus