"කෝප් කමිටු පරීක්ෂණ අවසන් වී නිර්දෝෂී භාවය පෙන්වන්න ඕන...එතකන් මට එපා!" - අර්ජුන මහේන්ද්‍රන්.



තමන් කිසි විටකත් චෝදනා ලැබූ අයෙක් ලෙස සමාජයට මුහුණ දෙමින් තනතුරු වල බලෙන් වැජඹීමට අපේක්ෂා නොකරන බවත් 'කෝප් කමිටුව' හෙවත් පාර්ලිමෙන්තු පොදු ව්‍යාපාර කාරක සභාව මගින් තමන්ගේ ධුර කාලය පිළිබදව සිදු කරනා පරීක්ෂණ වලින් තමන් නිර්දෝෂී යයි සමාජයට ඔප්පු වූ පසුව නැවත මහ බැංකු අධිපති ධුරය භාර ගැනීමට සළකා බැලිය හැකි නමුත්,කෝප් කමිටු පරීක්ෂණ වලට බාධා වන නිසා තමන්ට 30 වන දින ලබා දීමට නියමිත වූ සේවා දිගුව ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන බව නිහතමානීත්වයෙන් යුතුව ඊයේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටින ලදි.


මෙවන් වාතාවරණයක් තිබියදී අද දින ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ කොටුවේ විශාල රංගනයක නිරත වෙමින් ජනතා අවධානය දිනා ගැනීමට උත්සාහ දැරීම විශාල විහිළුවක් ලෙස ජනතාව හදුනා ගත්තේය.
ඊයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණය දැවැන්ත මඩ මිශ්‍ර ජල ප්‍රහාර සහ කදුළු ගෑස් යොදා මර්දනය කිරීමට පියවර ගත් පොලිසිය අද ඒකාබද්ධ විපක්ෂයට තමන්ට රිසි සේ මාර්ග අවහිර කිරීමට ඉඩ ලබා දීම විහිළුවකි.


රෝහිත අබේගුණවර්ධන,ශ්‍රියානි විජේවික්‍රම,ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් පොලිස් මාර්ග බාධක තල්ලු කිරීමට ගොස් රංගනයේ කෙළවර වූයේ තුවාල කර ගැනීමෙනි.බොහෝ ඒකාබද්ධ විපක්ෂ පාක්ෂිකයෝ තම මන්ත්‍රීවරුන් තුවාල වීම ගැන ලොකුවට දුක් වෙති.එහෙත්, ඊයේ කොල්ලුපිටියේදී පොලිස් ජල ප්‍රහාර වලින් සහ කදුළු ගෑස් හමුවේ තුවාල ලැබූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ගැන දුක් නොවෙති.


මහින්ද රාජපක්ෂ පාලන යුගය තුළ සිදු වූ දැවැන්ත මූල්‍ය වංචා සහ මහජන දේපළ කොල්ලකෑම් පිළිබදව විශේෂ පොලිස් ඒකකය මගින් පරීක්ෂණ පැවැත්වෙද්දී ජනතා අවධානය විසදුම් ලැබී ඇති මහ බැංකු අධිපති ගැටලුව කෙරෙහි බලෙන් යොමු කරවීම ඒකාබද්ධ විපක්ෂයේ කූඨ උපාය වී ඇති බව ජනතාව අද හදුනා ගත්තේය...

ඉෂාර ලක්මිණ


Powered by Blogger.