නව මහ බැංකු අධිපති ඉරාන්...(ඉෂාර ලක්මිණ.)



ජුනි මස 30 වන දිනයෙන් වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ පළමු ධුර කාලය අවසන් වීමත් සමග නව 'ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිවරයා' ලෙස ඉරාන් වික්‍රමරත්න මහතාව පත් කිරීමට නියමිත බව මෙරට ජනතාව වෙත මුලින්ම අනාවරණය කළේ 'info sri lanka news net work' අපි බව නිහතමානීව සදහන් කරමු!


ඉරාන් වික්‍රමරත්න මහතා දැනට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්, එක්සත් ජාතික පක්ෂයේ මොරටුව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත්,රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නි. අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරන අතර නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් වීමට පෙර එම තනතුරු වලින් ඉල්ලා අස් වීමට නියමිතය.

ඉරාන් වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස් වීමෙන් හිස් වන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මොරටුව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට 2015 මහ මැතිවරණ ප්‍රතිඵලය මත රෝසි සේනානායක මහත්මිය පත් කර එතුමියට කැබිනට් අමාත්‍ය ධුරයක් පිරිනැමීම ඉදිරි සතිය තුළ සිදු වනු ඇත.

නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් වීම් ලබන ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙක් සහ මහා බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල කීපයකින්ම ආර්ථික විද්‍යාව සහ මූල්‍ය ක්‍රම පිළිබදව Bsc / Msc උපාධි ලබා ඇත.එමෙන්ම NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කාලයක් ක්‍රියා කරමින් බැංකුව ලාබ ලබන මූල්‍යායතනයක් බවටත් පත් කිරීමේ පුරෝගාමියා විය.ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරීමේ විශේෂඥයෙකු ලෙසත් ඔහු තම සේවය ICTA ආයතනය හරහා ශ්‍රී ලංකාවට ලබා දුන් අයෙකි.

'බැසිල් - කබ්‍රාල් - පී.බී. කල්ලිය' විසින් සූදු දමා විනාශ කර ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීම සදහා ඉරාන් වික්‍රමරත්න මහතාට තම සේවය උපරිමයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට හැකි වේයැයි අප උපේක්ෂාවෙන් බලා සිටිමු!



ඉෂාර ලක්මිණ



Powered by Blogger.