අලි වැඩේ.!!!...........................

පෙරහැර මංගල්‍යයන් සඳහා අවශ්‍ය හීලෑ අලි ඇතුන් ප්‍රමාණය මේ වන විට රට තුළ සිටින බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ හීලෑ අලි ඇතුන් 148 දෙනෙකු මේ වන විට ලියාපදිංචි වී සිටින බවයි.

එම අලිඇතුන්ගේ හාම්පුතුන් මේ මස 10 වන දින අමාත්‍යංශයට කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද තීරණය කර තිබේ.

මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගාමිණි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
(උපුටා ගැනීම 'අද දෙරණ' සිංහල වෙබ් අඩවියෙනි...)



ශ්‍රී ලාංකේය බෞද්ධ පෙරහැර සංස්කෘතිය තුළ හීලෑ අලි ඇතුන් හට ප්‍රමුඛස්ථානයක් හිමි වුයේ අනුරාධපුර රාජධානි සමය තුළ පටන් බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි.යම් පෙරහැරක සාර්ථකත්වය කියා පාන මූලික සාධකයක් බවට එම පෙරහැරේ ගමන් ගත් අලි ඇතුන් සංඛ්‍යාව බලපායි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව පෙරහැර මංගල්ලය,රත්නපුර සමන් දේවාලය පෙරහැර,කතරගම දේවාලය පෙරහැර,බෙල්ලන්විල රාජමහා විහාරයේ පෙරහැර ආදී වශයෙන් රට පුරා බෞද්ධ පෙරහැර මංගල්ලයන් සදහා හීලෑ අලි ඇතුන් යොදා ගනී.

එමෙන්ම පුරාණ වැඩවසම් සිංහල සමාජ ක්‍රමය තුළ ප්‍රභූත්වය විදහාපාන සාධකයක් බවට තමන්ගේ වලව්ව සන්තකයේ ඇති අලි ඇතුන් ප්‍රමාණය සැලකුණි.මහනුවර රාජධානිය බිද වැටෙන අවස්ථාව වන විට මෙරට පුරා සිංහල ප්‍රභූ වලව් 108ක් සතුව හීලෑ අලි ඇතුන් සිටි බවට කරුණු වාර්ථා වේ.

මෑතකාලීනව මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් වූයේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි සතු කිරුලපණ  ඇලන් මැතිනියාරාමයත්,පූජ්‍ය කොළොන්නාවේ සුමංගල හිමි සතු දෙපානම,පන්නිපිටිය දෙවුරම් වෙහෙර විහාරයත් සතුව ලියාපදිංචි නොකළ අලි පැටවු 2ක් සහ ඇත් පැටියෙකු පොලිස් භාරයට ගැනීමේ සිදු වීමයි.

එමෙන්ම හිටපු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සතු මහරගම නිවසේ සිටි අලි පැටවෙකුද ලියාපදිංචි නොකර ඇති කිරීම පොලිස් භාරයට ගන්නා ලදි.

හීලෑ අලි ඇතුන් ලියාපදිංචි නොකර ඇති කිරීම වරදකි.එහෙත්,අපගේ මතයනම් හීලෑ අලි ඇතුන්ගේ බරපැන ආණ්ඩුවට දැරීමටත් අපහසුනම් එකම විසදුම හීලෑ අලි ඇතුන්ව කරුණාවෙන් රැක බලා ගන්නා,ඒ සදහා වත්කම ඇති පුරවැසියන්ට කොන්දේසි සහිතව හීලෑ අලි ඇතුන් ඇති කිරීමට ලබා දිය යුතු බවයි...

මන්දයත්,පූජ්‍ය කොළොන්නාවේ සුමංගල  හිමි සන්තකයේ සිටියදී වඩාත් පෘෂ්ඨිමත්ව නිරෝගීව සිටි ඇත් පැටවෙකු රජය භාරයට ගැනීමත් සමග අකාලයේ රෝගී වීමෙන් මිය යාමේ සිදු වීමයි.

සිංහල භාෂාවේ පිරුළක් ඇත"බල්ලා පිදුරු කන්නෙත් නෑ.කන ගොනාට දෙන්නෙත් නෑ"......මෙම සිදු වීම් දාමයත් එවන්නක් යැයි අපට හැගේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වහාම මෙම සිදු වීමට මැදිහත්ව හීලෑ අලි ඇතුන්ට සාධාරණයක් වන විසදුමකට පැමිණිය යුතු කාලය එළඹ ඇත.

සටහන - ඉෂාර ලක්මිණ



Powered by Blogger.