ගැමුණු ආණ්ඩුව පෙරළන්න යයි.......

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථ වාහන තදබදයක් පවතින බැවින් එම ගමන්මාර්ග වල ධාවනය කරන පෞද්ගලික බස් රථ සදහා වෙනම වැඩි ගාස්තු ක්‍රමයක් තම සංගමය අනිවාර්යයෙන් ජුලි මස 1 වනදා සිට ක්‍රියාත්මක කරන බවයි.


ජාතික ගමනාගමන කොමිසම සදහන් කරන්නේ නීතියෙන් එය වැළැක්වීමට තමන්ට බලතල නැතත් රටේ ප්‍රවාහන අමාත්‍යවරයාට සහ ජනාධිපතිතුමා ප්‍රධාන කැබිනට් මණ්ඩලයට ගැමුණු විජේරත්න මහතාගේ මෙම උත්සාහය වළක්වා ගැනීමට පියවර ගත හැකි බවයි.

මේ පිළිබදව ගැමුණු විජේරත්න මහතාට මාධ්‍යන් දැනුවත් කර සිටි මොහොතේදී කෝපයෙන් යුක්තව තර්ජනාත්මකව ගැමුණු විජේරත්න මහතා සදහන් කර ඇත්තේ තමන්ට ආණ්ඩු හදනවා වගේම ආණ්ඩු පෙරළිය හැකි බවත්ය.2015 ජනවාරි 8 වෙනිදින පැවති ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පරාජයට පත් කිරීම වෙනුවෙන් ගැමුණු විජේරත්න මහතා සහ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින්ද ඉදි කටු හිලක් වැනි සුළු කාරයයභාරයක් කළ බව සත්‍යයකි.

නමුත්,ප්‍රජාතන්ත්‍රවාදී රටක පෞද්ගලික බස් රථ හිමියන්ට ආණ්ඩු පෙරළිය හැකිනම් එම ප්‍රජාතන්ත්‍රවාදය තුළ යම් විකෘතියක් ඇති බව කිව යුතුය.මේ ගැමුණු විජේරත්න මහතා නොදන්නා තම සංගමයට අයත් බස් රථ වල කෙරුවාවල්ය;

පෞද්ගලික බස් රථ කර්මාන්තයෙන් බස් රථ මගී ජනතාව ඉවත් වීමට හේතු කීපයක් පවතී.පෞද්ගලික බස් රථ වල රියදුරන් මෙන්ම කොන්දොස්තරවරුන් තුළ බොහෝ අවස්ථාවලදී කිසිම විනයක් නැත.බස් රථ මගී ජනතාව ඔවුන්ගේ වහල්ලු ලෙස සිතා ක්‍රියා කරයි.ඉතුරු සල්ලි ඉල්ලූ විට ජනතාව මහ බැංකුව යයි සිතමින් බැන වදියි.මාර්ග අංක 176/168/119නුගේගොඩ/120/162 බස් රථ මාර්ගයන්හි පෞද්ගලික බස් රථ රියදුරන් බොහෝ දෙනා සමහර අවස්ථාවන්හිදී බීමත්ව බස් රථ ධාවනය යෙදෙයි.

ගමන් ගාස්තුව ගෙවා ටිකට් පතක් ඉල්ලූ විට බොහෝ අවස්ථාවන්හිදී මගීන්ට පෞද්ගලික බස් රථ වල කොන්දොස්තරවරුන් බැනවදී.මෙය 138 බස් රථ මාර්ගයේදී බොහෝ පෞද්ගලික බස් රථ වලින් සිදු වේ.නමුත් ගමන් ගාස්තුව ගෙවූ විට ටිකට් පතක් ලැබීම බස් රථ මගියාගේ අයිතියකි.

නමුත් ගැමුණු විජේරත්න මහතා ඒවා නොදන්නවා නොවේ.පෞද්ගලික බස් රථ සේවයට සාපේක්ෂව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සේවයේ රියදුරන් සහ කොන්දොස්තරවරුන් තරමක් ආචාරශීලීය.මේ නිසාම බොහෝ බස් රථ මගීන් ශ්‍රී ලංගම බස් රථ තම ප්‍රවාහනය සදහා තෝරා ගනී.බොහෝ අවස්ථාවලදී රාත්‍රී 9න් පසුව මහාමාර්ග වල ශ්‍රී ලංගම බස් රථ පමණක්ම ඇත.

ගැමුණු විජේරත්න මහතා තවත් අපූරු කතාවක් ප්‍රකාශ කර සිටියි.රජය විසින් අලුතෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ ගෙන්වීම වහාම නැවැත්විය යුතුය ලෙස ඔහු තර්ජනාත්මක ප්‍රකාශයක් කර සිටියේය.නමුත්, එවැනි ප්‍රකාශයක් කිරීමට ගැමුණු විජේරත්න මහතාට අයිතියක් තිබේද?...

ගැමුණු විජේරත්න මහතාණෙනි,තම සංගමයේ සාමාජිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්ම හැම මොහොතේම පෙනී සිටින ලෙසින්ම බස් මගී ජනතාවගේ පහසුකම් සහ ආරක්ෂාව පිළිබදවත් අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින්නට කැමතියි.නැත්නම් ඔබ ආණ්ඩු පෙරළන්න සිහින දැක්කට සිදු වන්නේ බස් මගී ජනතාවගෙන් ගිටි කෑමටය.ඒ බව අප බොහෝම ගෞරවයෙන් සිහිපත් කර සිටින්නට කැමතියි...


ඉෂාර ලක්මිණ
Share on Google Plus