ඒකාබද්ධය අභිබවා ජවිපෙට තැන හිමි වීම.....


ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් රටේත් ජනතාවගේත් පොදු ප්‍රශ්න මග හැර තම අරමුණු වෙනුවෙන් පමණක් පෙනී සිටිමින් ආණ්ඩුව සමග සුහදව සිටින බවට ප්‍රබල චෝදනාවක් 14 දින පෙරවරුවේ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී 'ජාතික සංවිධාන එකමුතුව' විසින් නගනු ලැබීය.

මෙම මාධ්‍ය හමුවට පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි,වෛද්‍ය වසන්ත බණ්ඩාර,නීතිඥ කල්‍යානන්ද තිරාණගම,ආචාර්ය ගුණදාස අමරසේකර වැනි ජාතික මතවාද පාර්ශවය නියෝජනය කරන ප්‍රබල නායකයින් සහභාගී වී සිටියහ.


රටේ ජාතික ආරක්ෂාව පිරිහීම,ජාතිකත්වයට එරෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු වන අවස්ථාවක ඒ පිළිබදව ප්‍රබල ජනතා බලවේගයක් ගොඩ නැගීමට ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු නායකයෙකුට මේ වන විට දැඩි වුවමනාවක් නොවීම ඉතාම කණගාටුවට කරුණක් වන බවට ප්‍රබල විවේචනයක් එල්ල විය.


ඒ අද මාධ්‍ය හමුවේ තත්වයයි...




ජාතික සංවිධාන එකමුතුවට 2005 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සමග සුහදව වැඩ කිරීමේ හැකියාවක් තිබුණි.ඒ අනූව වැඩි කල් නොගොස් ජනතා විමුක්ති පෙරමුණ වෙත සිංහල බෞද්ධ විශාල ජන පදනමක් මෙන්ම වර්තමාන ආණ්ඩුව පිළිබදව කළකිරුණ මධ්‍යස්ත පිරිස් වල සහාය හිමි වීම සිදු වනු ඇත.


වර්තමානයේ ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ නායකයින්ට සිදුව ඇත්තේ පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමය තුළ සිදු කරන ලද අයතා ක්‍රියා පිළිබදව සිදුවන පරීක්ෂණ යට ගසා ගැනීම වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් සමග ඩීල් දැමීමටය.ඒ මගින් සැබෑ විපක්ෂයේ කාර්යයභාරය ඉටු වීම ඔවුන් අතින් මේ වන විට ගිලිහෙමින් තිබේ.ඒකාබද්ධ විපක්ෂයට හිමිව තිබූ අවසන් තුරුම්පුව වූ ජාතික මතවාදී දේශපාලනය මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ වෙත සමීප වෙමින් පවතින බව වර්තමාන දේශපාලනයේ ගතිකයන් දෙස විමර්ෂණයේදී පෙනී යන කරුණකි.


ඒකාබද්ධ විපක්ෂයට ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී බලාපොරොත්තු වන තරම් ජනතා ආකර්ශනයක් ලැබේද යන්නම මේ වන විට ප්‍රශ්නයක්ව පවතී.ඉදිරි මැතිවරණ වලදී ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව තම ඡන්ද පදනම වැඩි කර ගැනීමේ පෙර ලකුණු මේ වන විටත් පහල කරමින් තිබේ.


ඉෂාර ලක්මිණ
Powered by Blogger.