රතුපස්වල ශාපය කොස්ගමට!කොස්ගම ශාපය ජනතාවටම!


මෙම සටහන 2016.06.05 දිනයේදී 'කොස්ගම යුද්ධ හමුදා අවි ගබඩාව' තුළ ඇති වූ හදිසි සිදුවීමට පසු බිම් කාරණාවන් සහ අනතුරුව සිදු වීමට නියමිත කාරණාවන් පිළිබදව උපකල්පිත සහ නිදහස් ජනමාධ්‍යවේදියෙකු ලෙස මගේ විග්‍රහයකි.


2013 වසරේ අගෝස්තු මාසයේ 1 වනදා ඔබට මතකද? ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය කොට්ඨාශය තුළ රතුපස්වල ග්‍රාමයේ ජනතාවගේ උද්ගෝෂණයක් ඉලක්කකරමින් එවකට 'කොස්ගම යුද්ධ හමුදා කදවුරේ සෙබළ බල ඇණියක්' විසින් දැවැන්ත ජනතා මර්දනයක් සිදු කරන ලදි.මෙයට අණුබල දුන් එවකට ගම්පහ ප්‍රබල දේශපාලකයා වර්තමානයේත් අධිකරණයේ වරදකරුවෙකු වෙමින් ඇප මත නිදහස ලබමින් සිටී.ඔහුගේ හිතවත් ප්‍රධාන පෙළ ව්‍යාපාරිකයෙකුට අදාළ ජල ගැටලුවට හේතු වූ 'ග්ලවුස් නිශ්පාදන සමාගමේ' කොටස් හිමි වීම අදාළ හිටපු දේශපාලකයා එවකට රතුපස්වල ජනතාව මර්දනය කිරීමට යුද්ධ හමුදාවට අනුබල දීමට හේතු වූ බව රටම මේ වන විට දන්නා කරුණකි.


ශ්‍රී ලංකාවේ අප තුළ පවතින යම් විශ්වාසයක් වන්නේ කිසිවෙකුට යම් අසාධාරණයක් කළ විට එහි ශාපය නැමති දෙය යලිත් අයුක්තිය හමුවට විත් පළිගන්නා බවයි.මගේ නිදහස් අදහසට අනූව ඊයේ දිනයේ සිදු වූයේ එවන්නක් වැනි දෙයකි.රතුපස්වල නිරායුද අහින්සකයින් හට පන්න පන්නා දමමින් වෙඩි තබා පාසල් ශිෂයයින්ද ඇතුලු අහින්සකයින් 3 දෙනෙක් නිරපරාදේ වෙඩි තබා මරා දැමුවේ එවකට 'කොස්ගම යුද්ධ හමුදා කදවුරේ' බල ඇණි මගිනි.යම් පිරිසක් තුවාල ලබා ආබාධිත තත්වයටද පත් විය.


කෙසේ වෙතත් එදා රතුපස්වලදී සිදු වූ දෙයට එවකට යුද්ධ හමුදාවලට අණ ලබා දුන් අය වග කිව යුතුමය.වර්තමානයේ තත්වයත් යම් නොසැලකිලිමත්භාවයක් නිසා හට ගත් බව පැහැදිලිය.යුද්ධ හමුදා ප්‍රකාශකතුමා සිදුවීම එතරම් බරපතල දෙයක් ලෙස නොගන්නා බව පැහැදිලිය.එහෙත්,වසර 30ක යුද්ධ කාල සීමාව තුළදීවත් මේ ආකාරයෙන් යුද්ධ හමුදාවට අයත් කුඩා අවි ගබඩාවකවත් පිපිරුම් ඇති වූයේ නැත.මෙම සිදු වීම යුරෝපීය රටක ඇති වූවානම් යුද්ධ හමුදාපති ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන් ජනතාවගෙන් සමාව අයැද ඉල්ලා අස් වීම වැදගත් කමකි.


නමුත්,මේ ශ්‍රී ලංකාවයි...අගෝස්තු මාසයේ වයස 55 පිරීමෙන් අනිවාර්යය විශ්‍රාම යාමට නියමිතව සිටි වර්තමාන යුද්ධ හමුදාපතිවරයා වෙත ඔහුගේ අදක්ෂතාවය හමුවේ දෙසැම්බර් මාසය දක්වාම සේවා දිගුවක් ලබා දී තිබේ.වර්තමාන යහපාලන ආණ්ඩුව සංහිදියාව යැයි නිතර මුමුණමින් රටේ ආරක්ෂක තත්වය පවා සුලුවෙන් තකමින් ක්‍රියා කරයි.නමුත්,ඊයේ සිදු වීමෙන් නැවතත් ඔප්පු වූයේ වර්තමානයේ ආරක්ෂාව පිළිබදව මීට වඩා ක්‍රියාත්මක විය යුතු බව නොවේද?


පසුගිය දශක 3 පුරාවටම ශ්‍රී ලංකාවේ අයවැය ලේඛනයේ රාජ්‍ය වියදම් වැඩිම ආරක්ෂක අංශයටයි.2010 සිට අවි ආයුධ ගෙන්වීමට එතරම් වියදමක් ආණ්ඩුව නොදරන ලද්දේ රට තුළ අභ්‍යන්තර යුද්ධයක් නොපවතින නිසාය.නමුත්,ඕනම රාජ්‍යයකට තම රට තුළ ජාතික ආරක්ෂාව පවත්වා ගෙන යාම වෙනුවෙන් ගබඩා කර තැබිය යුතු අවි ආයුධ ප්‍රමාණයක් පවතී.ඊයේ 'කොස්ගම යුද්ධ හමුදා අවි ගබඩාවේ' ඇති වූ හදිසි සිදු වීමෙන් විශාල අවි ආයුධ සංචිතයක් රටට අහිමි විය.


එකතු කළ අගය මත බද්ධ හෙවත් වැට් 15% වැඩි කිරීමෙන් හෙම්බත් වී සිටි ජනතාව මතට නුදුරේදීම තවත් බද්ධක් වැටීම ස්ථිරය.ඊයේ අහිමි වූ අවි ආයුධ සංචිතය නැවත් රැස් කිරීම වෙනුවෙන් ආණ්ඩුව නියත ලෙසම නුදුරේදීම ජනතාව මත බදු බරක් පටවනු ඇත.


මගේ නිදහස් මතය නම් ජනතාව මත තවත් බදු බර පැටවීමෙන් රජය වැළකී වර්තමාන ආරක්ෂක ලේකම් ප්‍රධාන ආරක්ෂක ප්‍රධානීන්ගේ නොසැලකිලිමත් භාවය නිසා 'කොස්ගම සිදු වීම ඇති වූ නිසා' ඔවුන්ගේ දේපළ වලින් අවි ආයුධ සංචිතයේ අලාභය ලබා ගත යුතුය යන්නයි.චීනය,කියුබාව වැනි කොමියුනිස්ට්වාදී රටක නම් එම ක්‍රමය අනුගමනය කරනු ඇත.



මෙය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට හෝ ජාතික ආරක්ෂාවට එරෙහි ලිපියක් නොවේ.ආරක්ෂක ලේකම්තුමා වැනි දුර්වල රජයේ නිලධාරි පැලැන්තිය පිළිබදව ජනතාවාදී මත පළ කිරීමක් පමණි.



ඉෂාර ලක්මිණ
Share on Google Plus