තම පරපුරේ පරම්පරානුගත දේපළ රජයේ සංවර්ධන ව්‍යාපෘතියට පරිත්‍යාග කළ ශ්‍රේෂ්ඨ දේශපාලකයා සහ කොත්මලේ මහ සෑ රදුන්...


මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යනු,ශ්‍රී ලංකාව තුළ එදා මෙදා තුළ ක්‍රියාත්මක වූ ඵලදායීම සහ සුවිශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වේ.මෙම ව්‍යාපෘතිය ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළදී ආරම්භ විය.අමාත්‍ය ගාමිණී දිසානායක මහතා මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය භාරව කටයුතු කළ අමාත්‍යවරයා ලෙස සැමට ආදර්ශයක් වෙමින් තම පරම්පරාවෙන් තමන්ට උරුම වූ දේපළ පවා කිසිම තෘෂ්ණාවකින් තොරව 'මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන්' පරිත්‍යාග කරන ලදි.අමාත්‍ය ගාමිණී දිසානායක මහතා එදා ලබා දුන් ආදර්ශය අද මහජන දේපළ සහ මුදල් කොල්ලකෑමේ අරමුණ මත දේශපාලනයට පැමිණෙන්නන්ද සිහි තබා ගැනීම වටී.

කොත්මලේ සහ තදාසන්න ප්‍රදේශයන්හි පැවති පුරාණ බෞද්ධ සහ හින්දු ආගමික පුරා විද්‍යාත්මක ස්ථාන රාශියක් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසා ජලාශ වල ජල ධාරාවට යට වීම අමාත්‍ය ගාමිණී දිසානායක තුළ දැඩි සිත් වේදනාවක් උරුම කරවීය.එම සිත් වේදනාව නිසාම ගාමිණී දිසානායකයන් කොත්මලේ ප්‍රදේශයේ ජලාශය සමීපව පුරාණ හෙළ රජවරුන් කරවූ සේම සුවිසල් සෑයක් නිර්මාණය කිරීමට සිතා ගත්තේය.


දශක 3ක් පුරාවට දැරූ උත්සාහය ඊයේ (20) දින මල් ඵල ගැන්විණි.කොත්මලේ මහ සෑ රදුන් සම්බුද්ධ ශාසනය වෙත පුදනු ලැබීම ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන නවීන් දිසානායක අමාත්‍යවරයා පෙරටුකරගත් සම්භාවනීය අමුත්තන් අතින් සිදු විය.


කොත්මලේ මහ සෑ රදුන්ගේ උස අඩි 289කි.සෑ රදුන් අභ්‍යන්තරයේ විශාල විවරයක් ජනතාවට පිවිසිය හැකි පරිදි නිර්මාණය කර ඇත.පැවති යුද්ධමය වාතාවරණය නොවන්නට කොත්මලේ මහ සෑ රදුන් මීට පෙර ශාසනය වෙත පූජා කිරීමට අවස්ථාව තිබුණි.

සටහන - ඉෂාර ලක්මිණ

Share on Google Plus