ඇමති පාඨලී අදාළ නෑලූ...(ඉෂාර ලක්මිණ.)


රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරට මහා නගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා සැකකරුවෙකු නොවන බවට අද කොළඹ රථ වාහන පිළිබදව මහේස්ත්‍රාත් අධිකරණයේදී තීන්දු විය.


රිය අනතුර සිදු වන අවස්ථාවේ අමාත්‍යවරයාගේ නිල රථය ධාවනය කර ඇත්තේ රියදුරු තුසිත කැලුම් විසින් බව පොලිසිය සිදු කළ පරීක්ෂණ වාර්තාව අනූව තමන් වෙත කරුණු ඉදිරිපත් කළ බව මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කළේය.

තමන් වෙත බලය ඇත්තේ පොලිසිය විසින් ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තා වල සත්‍යතාව බලා තීන්දු ලබා දීමට මිස පරීක්ෂණ පැවැත්වීමේ බලයක් තමන්ට නොමැති බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා සදහන් කළ සිටියේය.


අද පාඨලී චම්පික අමාත්‍ය වරයා නීතියෙන් නිර්දෝෂී පුද්ගලයෙකු විය.නමුත්,එතුමා තවම සමාජයෙන් නිර්දෝශී පුද්ගලයෙකු නොවේ.අපි ඉගෙනගෙන ඇති නීතියට අනූව නීතිය සහ සදාචාරය අතර පැහැදිලි වෙනසක් ඇත.නීති මගින් නිර්දෝශී පුද්ගලයන් සෑම විටම සදාචාරය මගින් නිර්දෝශී නොවේ.

රිය අනතුරට ලක් වූ 'සංදීප' තරුණයාගේ සුව දුක් සොයා බැලීමේ හෝ ඔහුගේ ඉදිරි ප්‍රතිකාර සදහා අධිකරණය දැනුවත් කර හෝ ඔහුට උදවු කිරීමේ සදාචාරමය යුතුකමක් අමාත්‍ය පාඨලී චම්පික සතු විය.නමුත් ඔහු එය සිදු නොකර නිශාන්ත වර්ණසිංහ මහතා වැනි තම මාධ්‍ය කේඩර වරුන් ඉදිරියට දමා මාධ්‍ය හමු පවත්වා 'සංදීප' හට චෝදනා නගමින් වරද පටවමින් තමන් බේරීමේ න්‍යායක් භාවිතා කළ බව රටේම ජනතාව දනී.


මේ පාඨලී චම්පික අමාත්‍ය වරයා 'සංදීපගේ රිය අනතුරෙන් ගැලවූ ආකාරයයි'...


පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය මගින් හෙළිදරවු වූ 'පැනමා රහස් ගිණුම්' ලේඛන තුළ අමාත්‍ය පාඨලී චම්පික මහතාගේ සමීපතමයෙකු වූ 'විද්‍යා අමරපාල' මහතාගේ නමත් සදහන් වුණි.එයටත් තම මාධ්‍ය කේඩරය යොදා පිළිතුර දුන් අමාත්‍ය පාඨලී තමන්ට එය අදාළ නොවන වගට සිටියේය.


නමුත් එහිදීත් සදාචාරමය ගැටලුවක් පැන නගී.2007 පරිසර සහ ස්වාභාවික සම්පත් සංපත් සංවර්ධන අමාත්‍ය ධුරයට පත් වූ විගස විද්‍යා අමරපාල මහතාව තමා සමීපයේ තබා ගෙන වැඩ කරන්නට විය.2010 විදුලි බල සහ පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය ධුරයට පත් විගස 'ලංකා විදුලි බල මණ්ඩලයේ' වැදගත්ම තනතුරක් විද්‍යා අමරපාල මහතාට ලබා දුන්නේය.මේ ආකාරයෙන් තමා සමීපයේ සහ තමන් යටතේ වැඩ කටයුතු කළ පුද්ගලයෙක් වරදක් කළා නම් එහි වගකීමේ කොටසක් පාඨලී චම්පික අමාත්‍ය වරයා සතු වේ.


2007 පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍ය වරයා ලෙස වැඩ කටයුතු කරද්දී 'මධ්‍යම පරිසර අධිකාරියේ' සභාපති ලෙස නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මෙහෙයවා සාර්ථක වූ බොහෝ ව්‍යාපෘති වල කීර්තිය අමාත්‍ය වරයා ලෙස පාඨලී චම්පික භාර ගත්තේය.ඒ බව 2015 මහ මැතිවරණයේදී 'එකට එක්වෙමු!' ලෙස බෙදා හරින ලද විස්තර පත්‍රිකා ආදියෙන්ද බැලූ බැල්මට පෙනේ.නමුත්,ඔහු යටතේ සිටි විද්‍යා අමරපාල මහතාගේ වගකීමෙන් නිදහස් වීමට නොහැකි සදාචාරමය බැම්මක් ඇති වග අමාත්‍ය පාඨලී චම්පික මහතා වහාම අවබෝධ කර ගත යුතුව ඇත.


අප දන්නා පරිදි අමාත්‍ය පාඨලී චම්පික මහතා යනු යම් අවුලක් වූ තැන එහි වගකීම භාර ගැනීමට මැළි වන නමුත්,යම ලකුණක් වූ තැන එම ලකුණ වහාම තමන් වෙත ලබා ගැනීමට ක්ෂණිකව ක්‍රියා කරන අයෙකි.2004 වසරේ සිටම 'ජාතික හෙළ උරුමය' පක්ෂයේ භූමිකාව වඩාත් හොදින් දන්නා මා හට තවත් බොහෝ නිදසුන් ලබා දිය හැකිය.


2004 'ජාතික හෙළ උරුමය' පිහිටුවන අවස්ථාවේදී එහි නායකත්වය ගත් පුරා විද්‍යා චක්‍රවර්තී පණ්ඩිත එල්ලාවල මේධානන්ද නා හිමියන්ගේ නායකත්වය ජාතික හෙළ උරුම සමුළුවකදී කොල්ලකෑවේ පාක්ෂිකයන්ගේ ඡන්දයවත් විමසීමකින් තොරව බව මතක් කර සිටින්නට කැමතියි.එය ක්‍රියාත්මක වූයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සහ පාඨලී චම්පික අමාත්‍යවරයාගේ වුවමනාව පරිදි මිස පාක්ෂිකයන්ගේ වුවමනාවට නොවේ.


නීතියෙන් නිර්දෝෂී වුවත් සදාචාරයෙන් වරදකරුවෙකු වූ අමාත්‍ය පාඨලී චම්පික මහතා පිළිබදව ඔබ නොදන්නා බොහෝ දේ හෙළිදරවු කිරීමට අප සූදානමින්! මෙය පෞද්ගලික අපහාසයක් නොවේ.ලාංකේය සමාජය තුළ සදාචාරවත් දේශපාලනයක් අපේක්ෂා කරන අපගේ වගකීම වන බැවිනි.



ඉෂාර ලක්මිණ



Powered by Blogger.