රට තුළ ආකල්පමය වෙනසක් සිදුකලයුතුයි - අමාත්‍ය සාගල රත්නායක(උපුටා ගැනීමකි.)


රට තුළ ආකල්පමය වෙනසක් සිදුකලයුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මේ බව පවසා සිටියේ යොවුන් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට නොමිලේ ටැබ් පරිඝනක යන්ත්‍ර ලබාදීම සදහා 2016.06.21 දින අරලියගහ මන්දිරයේදී පවතී උත්සවයේ දී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ රජයකට රටේ තරුණ පරපුර පිළිබදව විශාල වගකීමක් පවතින බවයි. මෙරට තරුණ පරපුර මැතිවරණවලදී විවිධ දේශපාලන පක්ෂ තම මැතිවරණ කටයුතුවලට එක්කර ගන්නවා. ඒ නිසා තරුණයන්ගේ බලාපොරොත්තුව තමන්ගේ රජයකින් තමන්ට හොද අනාගතයක උදාවෙයි කියලයි. විශේෂයෙන්ම රජයේ රැකියා වැනි දේ ආණ්ඩුවලින් බලාපොරොත්තු වෙනවා. නමුත් ආණ්ඩු බලයට පත්වෙලා සුළු පිරිසකට රජයේ රැකියා ලබා දෙනවා. නමුත් රටේ ආර්ථිකයටවත් තරුණයින්ටවත් එයින් සෙතක් වෙන්නේ නැහැ.

ඒවගේම තවත් ක්‍රමයක් තමයි ආර්ථිකය දියුණු කරල අවස්ථා ඇති කරලා ඒ තුළ ඉදිරියට යා හැකි ක්‍රමයක් නිර්මාණය කිරීම.
අපේ රජය තෝරාගන්නේ ඉන් දෙවනි ක්‍රමයයි. එනිසා අපේ රජය සැලසුම් කරලා තියෙන්නෙ ආර්ථිකය දියුණු කරලා අවස්ථා ඇති කරලා සාධාරණව එම අවස්ථා සදහා තරග කරන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරන්නයි. දැනුමෙන් පරිපුර්ණ වෙලා, හැකියාවෙන් පරිපුර්ණ වෙලා ඉදිරියට යන අයට ජයගන්න පුළුවන් ක්‍රමයක් ඇති කරන්න අපේ රජය සුදානම්.

ඒ සඳහා අවශ්‍ය මුලිකම දේ තමයි රට තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීම. රජයේ රැකියාවකට යනවා ද එසේ නොමැති නම් දියුණු පුද්ගලික අංශයේ රැකියාවක් හෝ තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා ඉන් වැඩි වාසි ගන්නව ද කියන ආකල්පමය වෙනස සිදුවිය යුතුයි. එමෙන්ම රටේ සෑම අංශයකම නව අකල්ප ඇති විය යුතුයි. එසේ වුවහොත් අපිට රටේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න පුළුවන්. ලෝකයේ බොහෝ රටවල් දියුණුවෙලා තියෙන්නේ පළමුව තමන්ගේ රට තුළ ආකල්පමය වෙනසක් සිදුකිරීමෙන් පසුවයි.


උපුටා ගැනීම - 'සත්හඩ පුවත්පතෙනි.'


Powered by Blogger.