ශ්‍රී ලංකා මහ බැංකුව මිථ්‍යා දෘෂ්ටිකයින් අතට පත් වීමේ අවධානමක්...(ඉෂාර ලක්මිණ.)




එක්තරා මාධ්‍ය ආයතනයක් සහ ඔවුන්ගේ අතකොළු බවට පත් අමාත්‍යවරුන් කීපදෙනෙක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් කීපදෙනෙක් එක්ව වර්තමාන මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව දෙවන ධුර කාලය සදහා පත්වීම වළක්වාලමින් නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට නාම යෝජනා කරන්නේ 'නමෝ නාරායන මධ්‍යස්ථානයේ' මහාචාර්ය කීර්ති දිසානායක මහතාව බව මේ වන විට අපට තොරතුරු ලැබී ඇත.

මහාචාර්ය කීර්ති දිසානායක මහතා මේ වන විට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති වරයා ලෙස කටයුතු කරන අතර හාස්‍යයට කරුණ නම් ඔහුව රටේ ජනතාව හදුනන්නේ 'වාළම්පුරි මහාචාර්ය' යනුවෙනි.ඒ ඔහු විසින් පෞද්ගලික රූපවාහිනී නාළිකා වල මෙහෙයවන වාළම්පුරි ගුප්ත විද්‍යා වැඩසටහන් හේතුවෙනි.

දිනෙන් දිනම අසාර්ථක වෙමින් ජනතා අපකීර්තියට පත් වන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදේශකයෙකු ලෙසද මහාචාර්ය කීර්ති දිසානායක මහතා ක්‍රියා කරන බව අපට දැනගැනීමට ලැබුණි.


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව කේන්දර බැලීමට හුරු කරවූ සමහර පටු අරමුණු ඇති දේශපාලකයින් කීප දෙනෙක් මෙම කුමන්ත්‍රණය පසු පසද සිටින බව වාර්තා වේ.කේන්දරකරු සුමනදාස අබේගුණවර්ධන නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාරුවේ වැටුන ආකාරය ඔබට මතකයේ ඇතැයි අපි සිතමු.


'ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අධ්‍යක්ෂක ධුරයක්' පවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කේන්දරකරු සුමන්දාස අබේගුණවර්ධන වෙත ලබාදී තිබුණි.මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වැරදුන තැන යහපාලන ආණ්ඩුවට කරණම් ගැසූ ඇතැම් දේශපාලකයින්ගේ අරමුණ ශ්‍රී ලංකා මහ බැංකුව වැනි ආයතනයක් ගුප්ත මහාචාර්යවරයෙකු වෙත බදු දී වත්මන් යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිතුමාව සහ අග්‍රාමාත්‍යවරයාව පවා මිථ්‍යා විශ්වාස සදහා කඩේ යැවීමටය.


"මෙම කුමන්ත්‍රණය පිටුපස සිටිනා නියාලු දේශපාලකයින් කීපදෙනාගේ නම් ඉදිරියේදී ජනතාව හමුවට ඉදිරිපත් කිරීමට ජනතාවාදී 'ලංකා ඩී.එන්.ඒ.' අප සූදානම් බව මතක් කර සිටින්නෙමු."




ඉෂාර ලක්මිණ


Powered by Blogger.