ජනතා සේවය කරන්න බැරිනම් ආණ්ඩුවෙන් යනවා...


ජනතා අවශ්‍යතාවන් ඉටුකිරීමට නොහැකි වුවහොත් ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් රජයට සහය පළ කරනු ලබන්නේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බවයි.

බදුල්ල නව නගර ශාලා ශ්‍රවණාගාරය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.

එකුත් 2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව දින 100 ආණ්ඩුව සමයේදී විපක්ෂ නායක ධුරය දරන ලද්දේත් නිමල් සිරිපාල ද සිල්වා මහතාය.ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්ද වේ.


ඉෂාර ලක්මිණ


Powered by Blogger.