පෙට් ස්කෑන් යන්ත්‍රය සහ අවස්ථාවාදී දේශපාලනය...


ජාතික පිළිකා ආයතනය වෙත රෝග නීර්ණය වෙනුවෙන් කඩිනමින් අවශ්‍යව තිබූ 'පෙට් ස්කෑන්' යන්ත්‍රයක අවශ්‍යතාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සෞඛ්‍ය සහ පෝෂණ , දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු දොස්තර රාජිත සේනාරත්න ශ්‍රීමතාණන් හට දැනී ඇත්තේ,'මනුසත් දෙරණ' වැඩසටහන මගින් පරිත්‍යාගශීලින්ගේ දායකත්වයෙන් ඒ සදහා අවශ්‍ය රු. කෝටි 20 මුදල ඉපයීමෙන් අනතුරුව වීම හාස්‍යයට කරුණකි.


ලෝකයේම ඇති ප්‍රශ්න පිළිබදව දැනුවත් භාවයක් ඇති සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික පිළිකායතනයට පෙට් ස්කෑන් යන්ත්‍රයක අවශ්‍යතාව නොදැන සිටියා විය නොහැකිය.දේශපාලන අවස්ථාවාදය යනු මෙයයි.




ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතනයක් ලෙස 'දෙරණ මාධ්‍ය ජාලය' විසින් මෙහෙයවා ලෝ වටා සිටින මෙන්ම මෙරට පුරවැසි පරිත්‍යාගශීලී ජනතාවගේ දායකත්වය එකතු කර මේ ආකාරයෙන් ආදර්ශයක් පෙන්වීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුකමේ ශක්තිය නැවතත් පෙන්වීමට අවස්ථාවක් උදා විය.



පිළිකා රෝග කාරක වන විෂ වායු වර්ග,ක්ෂණික රසකාරක කෑම වර්ග සහ පාන වර්ග,දුම්වැටි පිළිබදව යම් දැඩි පියවරක් වහාම ගත යුතු යැයිද මේ සමගම අප රජයට මතක් කර සිටින්නෙමු!


ඉෂාර ලක්මිණ
Powered by Blogger.