ඇමති රවීට එරෙහි විශ්වාසභංගයෙන් පසු තත්වය...(ඉෂාර ලක්මිණ.)


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ වඩාත් හොද විනිවිදභාවයක් ඇතුව වැඩ කිරීමේ හැකියාවක් පවතින බව තහවුරු කරමින් ඒකාබද්ධ විපක්ෂය විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව කිසිදු ආරවුලකින් තොරව විභාග විය.අනතුරුව පැවති ඡන්ද විමසීමත් සාර්ථකව සිදු විය.කෙසේ වෙතත් අපගේ මේ සටහන විශ්වාස භංග යෝජනාවෙන් පසුව ලාංකේය දේශපාලනය තුළ සිදු වීමට නියමිත විපර්යාසයන් පිළිබදව විග්‍රහයකි.

රජයේ කැබනට් සහ රාජ්‍ය මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වාහන මිලදී  ගැනීම සදහා ඉල්ලීමක් කර තිබුණි.අග්‍රාමාත්‍ය වරයා නියෝග කළේ එම ඉල්ලීම පසුවට කල් තබන ලෙසයි.පළමුව ස්වාභාවික ආපදා වලින් සහ සාලාව හමුදා කදවුරේ සිදු වීමෙන් හානි පීඩාවට පත් ජනතාවට සහන සලසා සිටිය යුතු බව අග්‍රාමාත්‍යවරයාගේද මතය විය.

මහින්ද රාජපක්ෂ යුගය තුළදී නම් මූලිකත්වය හිමි වූයේ පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන්ගේ වුවමනාවන් ඉටු කිරීම කෙරෙහිය.ඒ නිසාම යුද්ධය ජයග්‍රහනය කළද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ශීඝ්‍රයෙන් ජනතාවට එපා වී ගිය බව සදහන් කළ යුතුමය.

ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයෙන් කුමක් පැවසුවද ඇමති රවීට එරෙහි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට නොහැකියාව පිටුපස යම් සැගවුන දේශපාලනික කාරණාවන් පවතී.සමහර අවස්ථාවලදී පෘතග්ජන මිනිස්සු ලෙස අප විසින් සිදු කරන වැරදි නිසා යම් අවස්ථාවලදී ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව අප අතින් ගිලිහේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති අභ්‍යන්තර බෙදීම මෙම විශ්වාස භංගයත් සමග නිර්ව්‍යාජ ලෙස යළිත් ඉදිරියට ආවේය.වාහන අලුතෙන් ඉල්ලා තිබුණ බහුතරයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ය.එකවරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 2 නායකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කරගත යුතු බවට යෝජනාවක්ද ඉදිරිපත් විය.ගෝඨාභය භූමිකාව සමග විමල් වීරවංශ/උදය ගම්මන්පිල වැනි පාර්ශවයන්ටද ඉදිරි දේශපාලනය තුළ සුවිශේෂී ස්ථානයක් හිමි වනු නියතය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් දිනෙන් දිනම යහපාලන ආණ්ඩුව සමග ගැටීමක් වාර්තා වන පසුබිමක් තිබේ.ඉදිරි ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ ජනතා විමුක්ති පෙරමුණ බල පෙරළියක වැදගත්ම සාධකය වන ලකුණු පහළ වී ඇත.වරින් වර කල් තැබුණු  පළාත් පාලන මැතිවරණය ලබන වසරට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසමට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ බලපෑම එල්ල වීමට බොහෝ දුරට ඉඩක් තිබේ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් ඔහු නායකත්වය දරන 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' අහෝසි කොට කැලණිය එක්සත් ජාතික පක්ෂ ආසන  සංවිධායක ධුරයට පත් වීමට ඉඩක් තිබේ.මේත් සමගම බොහෝ එක්සත් ජාතික පක්ෂ පුරප්පාඩු ආසන වල සංවිධායක ධුර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හිමි වීම තුළ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් ගණනාවක්ම විරසක වීම වැළැක්විය නොහැකි කාරණාවක් වේ.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යනු ඡන්ද පදනම දුර්වල නායකයෙකි. ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටත් මේ වන විට ඡන්ද පදනමක් නොමැත.


ඒකාබද්ධ විපක්ෂය වෙත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ සරත් ෆොන්සේකා මහතාගේ මෙම තීරණය සමග යම් අතිරේක වාසියක් අනාගතයේදී සැලසෙනු ඇතැයි දැනට වාර්තා වේ.අනාගත දේශපාලන ප්‍රවණතා විග්‍රහ කිරීමට අප දැන්ම කළබල විය යුතු නැත.ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටක දේශපාලනය යනු ක්ෂණිකව ගතික හැඩරුවක් ගන්නා වූ ප්‍රපංචයකි.



ඉෂාර ලක්මිණ

Powered by Blogger.