කිසිදු රණ විරුවෙකුට අසරණවීමට ඉඩදෙන්නේ නෑ-ජනපති පවසයි.(උපුටා ගැනීමකි.)


විශ්‍රාමික හෝ සේවයේ නිරතව සිටින කිසිදු රණවිරුවෙකුට අසරණවීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ආරක්ෂක හමුදාවල ගුණාත්මක භාවය මෙන්ම ශක්තිය වර්ධනය කිරිමට වත්මන් රජය සෑම අවස්ථාවකදීම කැප වන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

හිඟුරක්ගොඩ, රජරට විද්‍යාලයේ පැවැති විරුසර වරප්‍රසාද රණවිරු කාඩ්පත ප්‍රදානය කිරිමේ දෙවන අදියර වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ කාඩ්පත හඳුන්වාදීම තුළින් රජය අපේක්ෂා කරන්නේ රණවිරුවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම බවයි.

රජය ආරක්ෂක හමුදා දුර්වල කරමින් හමුදා කඳවුරු ඉවත් කරන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී උතුරු මැද පළාතේ රණවිරුවන් සඳහා නිවාස ණය ලබාදීමේ වැඩසටහන සංකේතවත් කරමින් නිවාස ණය ප්‍රදානයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.


උපුටා ගැනීම - 'අද දෙරණ සිංහල වෙබ්' පිටුවෙනි.

Share on Google Plus