වෛද්‍යවරුන් එකගතාවයකට,ඇමති පුත් චතුර කට නිසා නසින ලකුණු.....




පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුව සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

 එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණි බවයි.

 ඒ අනුව අද දිනයේ අදාළ පත්වීම් ලැයිස්තුව යළි සකස් කිරීම පිළිබඳව සාකච්ඡා සිදුකරන බව වෛද්‍ය නලින්ද හේරත් මහතා සඳහන් කළේය.

මේ අතර අද පෙරවරුවේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබේ.

එහිදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව තීරණය කරන බව  රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කළේය.
(කරුණු උපුටා ගැනීම 'අද දෙරණ' සිංහල වෙබ් පිටුවෙනි...)
එහෙත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවක් කැදවමින් තම සංගමයේ නිලධාරින් වෙත අපහාස කිරීම සහ අභූත චෝදනා නැගීම සම්බන්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් වැඩිදුරටත් කරුණු දක්වමින් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද දේශපාලනය තුළ අනෙකුත් පුද්ගලයින්ට අභූත චෝදනා සහ අපහාස කිරීම තුළ නමක් හදා ගත් පුද්ගලයෙකු බව ඔහුගේ දේශපාලන ගමන්මග දෙස විමර්ෂණශීලීව බලන්නෙකුට පෙනී යන කරුණකි...

මෙම සිදුවීම්දාමය ගොනුකර 'අද දෙරණ' සිංහල වෙබ් අඩවියේ කාටුන් ශිල්පියෙකු විසින් 2016.06.02 දින කාටූනයක් නිර්මාණය කර තිබුනේ මෙලෙසිනි.

සටහන-ඉෂාර ලක්මිණ



Share on Google Plus