ඇමති රාජිත ඉල්ලාගෙන කයිද?ඇමති පාඨලී ශේප් වෙයිද?.......


පසුගිය,මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළදී රාජපක්ෂ පවුලේ උදවියත්,ඔවුන්ට සමීප පසුගිය ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් පිරිසක්ද  සිදු කළ ඇති මූල්‍ය වංචා සහ අයුතු වත්කම් රැස් කිරීම් කඩිනමින් විමර්ෂණය කොට ඔවුන්ට නිසි දඩුවම් ලබා දීමට වර්තමාන යහපාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය තුමන් ප්‍රමුඛ පිරිසට කිසිදු උනන්දුවක් නොමැති බවට චෝදනා කරමින් අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවස්ථා කීපයකදී උත්සව සභා අමතමින් මෙන්ම,තම ප්‍රාදේශීය දේශපාලන හිතවතුන් හමුවේ ප්‍රකාශ කොට ඇති බවට පසුගිය සමය තුළ සති අග පුවත්පත් කීපයකම සහ පුවත් වෙබ් පිටු කීපයකම වාර්තා විය.

මේ බව දැනගත් අග්‍රාමාත්‍ය තුමන්ට හිතවත් අමාත්‍යවරුන් ඇමති රාජිතගේ සහ ඇමති පාඨලීගේ මෙම හිතුවක්කාර ක්‍රියා කලාපය පිළිබදව පැමිණිලි කර තිබේ.

අමාත්‍ය පාඨලී චම්පික මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාත් පසුගිය  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ ප්‍රබල භූමිකාවක් ඉටු කළ අමාත්‍යවරුන් දෙපළකි.මොවුන් අතින් සිදු වූ වැරදි ඇතුලත් ලිපි ගොණුද කීපයක් මේ වන විට 'පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය' වෙත සාක්ෂි සහිතව ලැබී ඇති බව දැන ගැනීමට ලැබේ.

එහි පළමු විමර්ෂණ අදියරක් ලෙස හිටපු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍ය වරයෙකු වන ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ පුතණුවන් අද දිනයේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ අමාත්‍ය රාජිත සේනාරත්නට විරුද්ධව සාක්ෂි ලබා දීමට නියමිතය.

පසුගිය දිනවල සිය අමාත්‍ය ධුරයෙන් මෙන්ම යහපාලන ආණ්ඩුවේ බැදීම් වලින් ඉවත්වීමට මාන බලමින් සිටි මහානගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පමණක් පිළිපදිමින් වඩාත් සක්‍රීයව ක්‍රියාත්මක වීමට තීරණය කොට ඇති බව අප වෙත වාර්තා විය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිති සමග ගැටෙමින් යහපාලන ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ කුමන්ත්‍රණයක යෙදෙන බවටත් තොරතුරු වාර්තා වෙමින් පවතී.සතිඅග පුවත්පත් කීපයක්ම වාර්තා කර තිබූ අන්දමට 2017 සැප්තැම්බර් මාසයේදී ජාතික ආණ්ඩු එකගතාවයට වසර 2ක් කල් පිරීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී පිරිසකගෙන් අනියම් ආකාරයක සහාය බලාපොරොත්තු වන බවටද සතිඅග පුවත්පත් කීපයකම තොරතුරු හෙළිදරව් විය.

2017 රට තුළ යම් ආකාරයක දේශපාලන බල පෙරළියක් සිදු වේද?එයට අනාගතයේ සාක්ෂිය විවිධ රතු එළි මගින් දැන් දැන් දැල්වෙමින් පවතීද?.......

ඉෂාර ලක්මිණ

Powered by Blogger.