බොරලුගොඩ සිංහයොන්ට තණකොළ කවන්න බෑලු...


මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන දෙසොහොයුරන් විසින් කොස්ගම මහජන එක්සත් පෙරමුණ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ 'සාලාව කදවුරේ ඇති වූ තත්වයට' යුද්ධ හමුදාවට අණ ලබා දෙන පුද්ගලයාගේ සිට සෑම ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක්ම වගකීම භාර ගත යුතු බවයි.


තමන් විසින් අදාළ සිදු වීම පිළිබදව අග්‍රාමාත්‍යවරයා පළමුව දැනුවත් කර සිටි බවත්,සතියක් ඉක්ම ගොස් ඇතත් තවමත් සාලාව කදවුරේ ඇතිවූ තත්වයට වග කිව යුත්තෙක් සොයාගැනීමට ආණ්ඩුවට නොහැකි වූ බවට දෝශාරෝපනයක් මන්ත්‍රීවරයා විසින් එල්ල කර සිටින ලදි.කොස්ගම රජයේ රෝහල ප්‍රතිසංස්කරණයට මෙතෙක් ආණ්ඩුවෙන් කිසිම උනන්දුවක්වත් නොමැති නිසා කොස්ගම ජනතාවට පීඩා රැසක් මේ වන විට එල්ල වී තිබෙන නිසා ජනතාව පීඩා විදිනවා බලා සිටිය නොහැකි තමන් වෘත්තීය ඉංජිනේරුවරයෙකු වූ ගීතාංජන ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි රෝහල කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට තමන් මැදිහත් වූ බව පවසා සිටියා.


වර්තමාන ආණ්ඩුවේ සමහරුන් බොරලුගොඩ සිංහයන් ලෙස ජනතා විශ්වාසයට පත් තමන්ගේ පවුලේ උදවියට සහ තමන්ට තණකොළ කැවීමට උත්සාහ ගත්තද තමන් ඇතුලු තම පවුලේ උදවිය ජනතාවගේ පැතතේ සිටිමින් ජනතා සේවය කරනවා විනා පටු ලාභ ප්‍රයෝජන පසුපස හඹා නොයන බව දිනේශ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සදහන් කළේය.එමෙන්ම යුද්ධ හමුදාවේ උසස් නිලධාරින් විසින් ජනමාධ්‍යවේදීන්ට එම සිදු වීම වාර්තා කිරීමේදී යම් යම් බාධා සිදු කිරීමද මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට බදුන් විය.ආණ්ඩුව ජීවිත හානි නොවීම ගැන පාරම්බෑවද ජීවිත හානි නොවුනේ යුද්ධ හමුදා කදවුරේ සාමාන්‍ය සෙබලුන්ගේ සහ ජනතාවගේ අවධානය නිසා මිසක ආණ්ඩුවේ දැනුවත් කිරීම් නිසා නොවන බවද මන්ත්‍රීවරයා සදහන් කර සිටියේය.


ආණ්ඩුව විසින් කඩිනමින් සාලාව කදවුරේ සිදුවීමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලස්වීමට සහ නිවාස / ව්‍යාපාරික ස්ථාන නැවත සකස් කර දීමට පියවර ගත යුතුව ඇත.මෙම සිදු වීමට වග කිව යුත්තන් රට හමුවේ වහාම ප්‍රකාශ කළ යුතුය.



ඉෂාර ලක්මිණ
Share on Google Plus