වඩුවැඩෙන් කල් ගෙවනවා යයි සමහරු කියන ඇමති නිසා වරාය සේවකයෝ කැළඹෙයි.....(ඉෂාර ලක්මිණ.)


වරාය විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග වරාය සේවකයින් බිය ගන්වමින් සහ වරාය සතු දේපළ අයතා බාවිතයට ලක් කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යන බවට වරාය සේවක වෘත්තීය සමිති රැසක් පසුගිය සතිය පුරා විවිධ අවස්ථාවන්හිදී මාධ්‍ය හමු පවත්වමින් විරෝධය පළ කරත් මෙතෙක් ආණ්ඩුව පාර්ශවයෙන් කිසිදු විසදුමක් නොලැබීම හේතුවෙන් අඛණ්ඩ විරෝධතාවයක වෘතිතීය සමිති රැසක් නියැලෙමින් සිටී.


ඔවුන් චෝදනා නගන්නේ අමාත්‍ය අර්ජුන රණතුංග විසින් වරාය වැඩ ඒකකයෙන් ලී බඩු නොමිලයේ තනා ගෙන වරායට අයත් වාහන මගින්ම ප්‍රවාහනය කරන බවයි.අද පෙරවරුවේ වරාය ප්‍රධාන පිවිසුම ඉදිරිපිටදී අමාත්‍ය අර්ජුන රණතුංගට සහාය දක්වන වෘත්තීය සමිතියක සාමාජිකයින් විරෝධතාවයේ නියැලෙන වෘත්තීය සමිති සාමාජිකයින් සමග යම් උණුසුම් ගැටුම්කාරී තත්වයකට පත් වීමත් සමග පිරිස විසුරවා හැර වරාය ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ වරාය ආරක්ෂාව භාර නාවික හමුදා අනු කණ්ඩයට සිදු විය.


කෙසේ වෙතත් මෙම තත්වයට කඩිනම් විසදුමක් ලබා නොදුනහොත් මෙම සිදුවීම්දාමය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහිද යම් අහිතකර ආකාරයකින් බලපෑම් එල්ල කරන බව අප රජයට මතක් කර සිටීමට කැමැත්තෙමු!

ඉෂාර ලක්මිණ

Powered by Blogger.