බ්‍රිතාන්‍යයේ එහෙම වුණත් ලංකාවේ අත් හරියිද? (ඉෂාර ලක්මිණ.)



අද දහවල් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ජාතිය අමතමින් කියා සිටියේ ජනමත විචාරණයේ ප්‍රතිඵල මත තමන් ඉල්ලා අස් වීමට තීරණය කළ බවයි.

මීට හේතු වූයේ යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් බ්‍රිතාන්‍ය ඉවත් විය යුතුද?නැත්ද? යනුවෙන් පවත්වන ලද ජනමත විචාරණයේදී අග්‍රාමාත්‍ය කැමරන් නියෝජනය කළ බ්‍රිතාන්‍ය තව දුරටත් යුරෝපා සංගමයේ රැදී සිටිය යුතුය යන මතයට පක්ෂව ඡන්ද 48%ක් පමණක් ලැබීමයි.ජයග්‍රහනය කළේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන යෝජනාවයි.


4% ඡන්ද වෙනසට ගරු කරමින් ඉල්ලා අස් වන අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අතිශයින්ම ප්‍රශංසාවට භාජනය විය යුතුය.


ඒ බ්‍රිතාන්‍යයේ තත්වය සහ මහත්මා ගුණයයි...එහෙත්, ශ්‍රී ලංකාවේ මැතිවරණ පරාජයට පත් වන දේශපාලකයින් පවා ජාතික ලැයිස්තු කෝටාව අයතා භාවිතයට ගනිමින් හොර පාරෙන් පාර්ලිමේන්තු පැමිණ අමාත්‍ය ධුර වල වරප්‍රසාද භුක්ති විදිමින් සුඛෝපභෝගී වාහන පවා ඉල්ලයි.


තවත් සමහර දේශපාලකයින් ජනාධිපතිවරණ පරාජය වී අගමැති වෙන්න උත්සාහ කර එයත් බැරි වූ කළ සාමාන්‍ය මන්ත්‍රී වරප්‍රසාද භුක්ති විදිමින් ඊළග භවයේදී හෝ නැවත ජනාධිපති වෙන්න හීන දකිමින් සිටී...මේ ශ්‍රී ලංකාවය.ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවය.උතුම් ථෙරවාදී බුදු දහම අදහන ශ්‍රී ලංකාවය...

තීරණය ඔබට භාරකරමි.


ඉෂාර ලක්මිණ



Powered by Blogger.