කොල්ලුපිටියේ කොල්ලකෑ පිටිය.....(ඉෂාර ලක්මිණ.)


මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය මුදලට ලබා දීමට එරෙහිව සහ උසස් අධ්‍යාපනයේ තවත් ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල කීපයක සිසුන් අද පස්වරුවේ දැවැන්ත උද්ඝෝෂණයක් ගාලු පාර හරස් කරමින් කොල්ලුපිටිය මංසන්ධියේදී පැවැත්වුවා.මේ වන විටත් පිරිස අරලිය ගහ මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සාහ දරයි.

පොලිසිය විසින් කදුළු ගෑස් සමග මඩ මිශ්‍ර ජල ප්‍රහාර නීතිය ඉක්මවා යමින් එල්ල කරමින් පවතී.පසුගිය මහින්ද රාජපක්ෂ එස්.බී.දිසානායක උසස් අධ්‍යාපන පාලන යුගයට වඩා තරමක් නම්‍යශීලී පිළිවෙතක වත්මන් යහපාලන ආණ්ඩුව නියැලීමට හැකිතාක් උත්සාහ දරයි.මහපොළ ශිෂ්‍යාධාරය රු.2,500 සිට රු.5,000 දක්වා වැඩි කෙරුණි.ශිෂ්‍යාධාර මුදල රු.2,000 සිට රු.4,000 දක්වා වැඩි කෙරුණි.වසර 3 සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ප්‍රධානය කරයි.

විශ්වවිද්‍යාල තුළ පැවති දැඩි මාෂල් පාලනය හීන වී ශිෂ්‍ය කටයුතු වලට උපරිම  නිදහස ලැබී තිබේ.සුළු සුළු අඩුපාඩු සාකච්ඡා මාර්ගයෙන් විසදා නොගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සිදු කරනා මෙම උද්ඝෝෂණ වලට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අනිසි බලපෑම් මෙන්ම රාජිත සේනාරත්න වැනි අමාත්‍යවරුන්ගේ වගකීමෙන් තොර ප්‍රකාශද බලපා තිබේ.

රාජිත සේනාරත්න අමාත්‍යවරයාට මාළඹේ පෞද්ගලික වෛද්‍ය උපාධිය අනුමත කරගැනීමට දැඩි වුවමනාවක් ඇති බව ඔහු සිදු කරන ප්‍රකාශ වලින්ද තහවරු වේ.ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලට අවසර ලබා දී ඇත්තේ සෞඛ්‍ය සේවා තාක්ෂණ උපාධිය සදහා පමණි.එයත් නිසි නියාමනයකින් පසුවය.
නමුත් මාළඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය දෙමාපියන්ව පවා රවටා තිබේ.මෙහි දෙමාපිය එකමුතුවේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාද වේ.

මෙම සිදුවීම්දාමය දෙස ජනතාවාදී ලෙස විවරණයට ලංකා ඩී.එන්.ඒ. අප සූදානම්!


ඉෂාර ලක්මිණ


Powered by Blogger.