ඉදිරියේදී පිහිටුවීමට නියමිත බලගතුම කොමිසමට ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහ.....


පාර්ලිමේන්තුවේදී සම්මත වූ 'තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත' සමග අලුතින් ස්ථාපිත කිරීමට නියමිත, විශේෂ කොමිසම සදහා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කඩවීම් විභාග කොට වරදකරුවන් නීතිය හමුවට පැමිණවීමේ බලතල ලබා දී තිබේ.

එහි ජනමාධ්‍ය සම්බන්ධ කොමසාරිස්වරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහ මහතාව පත් කරන ලෙසට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ජනමාධ්‍ය විෂය සම්බන්ධ විද්වතුන් රැසකගේ සූදානමක් පවතින බව අප වෙත වාර්තා විය.

දැනට ශ්‍රී ලංකාවේ සිටින ජනමාධ්‍ය විෂය න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුමෙන්ද පරිපූර්ණත්වයට පත් එකම රජයේ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයා ප්‍රදීප් එන්. වීරසිංහයන්ය.ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් තම ප්‍රථම උපාධි සාමාර්ථ සහිතව ලබා ආචාර්ය උපාධිය චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ලබා ඇත.චීන ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේද ඉහළ තනතුරු හොබවා ඇති ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ මහජන සේවා ගුවන් විදුලි සංකල්පයේ ශ්‍රී ලාංකේය පුරෝගාමියෙකුද වෙයි.

යහපත් ජනමාධ්‍ය භාවිතයක් උදෙසා වූ ජනමාධ්‍ය ප්‍රතිව්‍යහගතකරණ කමිටුවේ සභාපතිත්වයද ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහ විසින් හොබවන ලදි.කොළඹ විශ්වවිද්‍යාලයීය ජනමාධ්‍ය අධ්‍යයන අංශාධිපතිවරයා ලෙසට පත්ව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ජනමාධ්‍ය අධ්‍යයන අංශය උසස් ගුණාත්මක භාවයකින් ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු දැවැන්ත උත්සාහයක්ද ගන්නා ලදි.එය ඉවසා සිටිය නොහැකි ඇතැම් පිරිස් විවිධ අසත්‍ය චෝදනා නැගීම නිසා ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහයන් විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබදව යම් කණස්සල්ලකින් පසු වුවද ජනමාධ්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය උදෙසා නොනවත්වා තම මෙහෙවර ඉටු කරමින් සිටී.

ජනමාධ්‍ය පිළිබදව විද්වතුන්ගේ අදහස ආචාර්ය ප්‍රදීප් එන්.වීරසිංහයන් හට මෙම විශේෂ කොමිසමේ කොමසාරිස් ධුරයක් පිරිනැමීම මගින් ඔහුගේ සේවය අනාගතයේත් මෙරට ජනමාධ්‍ය සහ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් ලබා ගත හැකි බවයි.


ඉෂාර ලක්මිණ



Share on Google Plus