වෙලේ සුදා හෙරොයින් සමග නැවතත් කරළියට.....



අද (22) අලුයම් කාලයේදී වැල්ලවත්ත ප්‍රදේශයේදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තරුණයින් තිදෙනෙකු රු. කෝටියකට අධික හෙරොයින් තොගයක් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් සිදු කළ වැටලීමකදී අත් අඩංගුවට පත් වුණා.



එහිදී සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී 'වෙලේ සුදා' සහ 'සුසේ' නැමති ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාගේ ගෝලයින් ලෙස අත් අඩංගුවට පත් 24 හැවිරිදි තරුණයින් තිදෙනා හදුනා ගන්නා ලදි.මෙම සැකකරුවන් තිදෙනා විසින් වෙලේ සුදාට සහ සුසේට බන්ධනාගාරයේ සිට කුඩු ජාවාරම මෙහෙයවීම සදහා පහසුකම් සලසා ඇති බවටද අනාවරණය විය.

සැකකරුවන් සන්තකයේ තිබී නවීන පන්නයේ රථ 2ක් සහ රු. ලක්ෂ 7ක මුදලක්ද පොලිස් භාරයට පත් විය.


වෙලේ සුදා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමග ඉතා සමීප සබදතා පවත්වා තිබූ බවටද මාධ්‍යයට තොරතුරු හෙළි වූ අයෙකි.

ඉෂාර ලක්මිණ

Powered by Blogger.