සිදුවීම් 2 = නීතියේ දෙවගන 2 ආකාරයි......?

මේ දිනවල දේශපාලනයේ උණුසුම් ප්‍රශ්නය ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම අව්‍යවස්ථා සභාවේ සාමාජික විජිත හේරත් මහතා හදිසි රිය අනතුර සිදු වන අවස්ථාවේදී බීමත්ව සිටියාද? යන්නයි...


කෙසේ වෙතත්,පාර්ලිමේන්තු  මන්ත්‍රී විජිත හේරත් මහතා පොලිස් අත් අඩංගුවට පත්ව පසුව පොලිස් ඇප මත මුදා හරින ලදි.නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක කිරීමට ඉඩ හැරිය ජනතා විමුක්ති පෙරමුණට අපේ ගෞරවය හිමි වේ.

මේ සිදු වීමත් සමග අපේ මතකයට නැගෙන්නේ කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තම රාජකාරි රිය තමාම පදවමින් සිටි මොහොතේදී යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි තරුණයන් 2 රිය අනතුරකට භාජනය වීමේ සිදු වීමයි.ඇසින් දුටු සාක්ෂි තිබියදීත් අමාත්‍ය පාඨලී චම්පික රණවක අද වන තෙක් රිය අනතුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමකට හෝ ලක් නොකිරීමට තරම් නීතියේ දෙවගන උදාසීන වී තිබීම කණගාටුවට කරුණකි.


අමාත්‍ය පාඨලී චම්පික රණවක යනු,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියෝජිතයා වීමද විශ්මයට කරුණකි.

මෙවන් ආකාරයෙන් සමාන සිදු වීම් වලදී නීතියේ දෙවගන ආකාර  2කින්  ක්‍රියාත්මක වීම්වලට තවත් උදාහරණ ලෙස; 

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් තරුණයෙකු තම ආරක්ෂක නිලධාරින් ලවා පැහැරගෙන ගොස් මන්ත්‍රීතුමිය ලවා සැර පරුෂ වචනයෙන් බැන වැදීමේ සිදු වීමට නීතියේ දෙවගන කරේ මන්ත්‍රීතුමියව ප්‍රකාශයක් ලබා ගැනීමට කැදවා තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම පමණකි.


නමුත්,හෝමාගම අධිකරණය ආසන්නයේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් මාධ්‍ය සගයාගේ බිරිදට සැර වචනයෙන් බැන වැදුන ඥානසාර හිමියන්ට මහ උළු ගෙදර යෑමටත් සිදු විය.


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයෙකු වන  කුමාර් ගුනරත්නම්ව ලංකාවේ ආගමන විගමන නීති කඩ කළ බවට චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන මහ උළු ගෙදරට යවන නීතියේ දෙවගන හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව විදේශ ගමන් බලපත්‍ර 2ක් භාවිතා කළ බවට ඔප්පු වී තිබියදීත් මුදා හරී....නමුත්, කුමාර් ගුනරත්නම් මහතා මෙරට උපන් මෙරට පුරවැසියෙකි.ඔහු දේශපාලන සරණාගතයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට ගොස් සිටියද දැන් ඔහු ස්ව කැමැත්තෙන්ම ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය අත් හැරීමට සූදානම්ය.


(මෙහි මා විසින් 'නීතියේ දෙවගන' යැයි පැවසුවේ කා හට දැයි සිතීම ඔබට බාරයි...)

ඉෂාර ලක්මිණ

Share on Google Plus